Sunday, November 7, 2021

කුරුණෑගල Asi House

 මින් අවුරුදු 35 කට පමණ පෙර කුරණෑගල ක්‍රිස්ත්‍ර රජිඳු මුල් දෙව් මැඳුර ඉදිරිපිට කඩ පෙළියේ පැරණි පොත් සාප්පුවක් විය . Asi House නම් වූ එහි වැඩිපුරම තිබුනේ 1960 -70 දශකවල නිකුත් වූ  ජනප්‍රිය ඉංග්‍රීසි ත්‍රිලර් නවකතා, සඟරා හා මාවල් ඩී සී කොමික්ස් යනාදියයි. පොත්පත් මිලට ගැනීම මෙන්ම සුළු මුදලකට පොත් බැහැර ගෙනයාමටද මෙහි හැකියාව තිබිණි. සෑහෙන කාලයක පටන් මගේ පියා මේ පොත්හලේ උද්යෝගිමත් සාමාජිකයෙක් විය. ඇතැම් විටක මම ද ඔහු සමඟ මේ පොත් හලට ගොඩ වැදී එහි පොත් පත් ආසාවෙන් බැලූ බව දැනුදු මතකයේ තිබේ. 

එවක ඉංග්‍රීිසි කියවීමේ හැකියාවක් නොතිබූ බැවින් මගේ වඩාත්ම සිත් ගත්තේ දෙවැනි ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය කමාන්ඩෝ සේනාංකයන්ගේ වික්‍රම රැගත් පැරණි බ්‍රිතාන්‍ය කොමික් වේ. ඒ හැරුනු විට ඩික් ස්ටයිවර්ස් නම් ඇමරිකානු ලේඛකයෙක් ලියන ලද Able Team නවකතාවක්ද මගේ මතකය් රැඳෙන්නේ එහි මුල් කවරය නිසා විය හැක. කෙසේ වුවත් 1990 දශකයේ මුල් භාගය වන විට පොත් වෙළඳාම පාඩු වූ නිසා ආසි හවුස් හිමිකරු ආපසු සිය ගම් පළාත වූ බදුල්ලට ගිය බව අසන්නට ලැබිණි.  කෙසේ වුවත් ඒ වන විටත් කොළඹ හැර රටේ අනිත් පළාත්වලින් පැරණි පොත් බැහැරට දෙන ස්ථාන ඉවත් වෙමින් පැවතිනි. මහනුවර බස් නැවතුම් පළ අසල පැවති Cindy's නම් පොත් හල 1990 දශකයේ මැද භාගය වෙන තෙක්ම පැවති බව මතකයට නැගේ. 

4 comments:

  1. ආසිගෙ පොත් කඩේ මමත් හොඳට දන්න තැනක්. ආසි පදින්චි වෙල හිටියෙ රජපීල්ල පාරෙ. අපි හිටියෙ YNBA කාමරවල. ඔයා කුරුණෑගල කොහේද

    ReplyDelete
  2. අපූරු සටහනක් නෙව. නමුත් තවත් විස්තෘත වේ නම් තවත් අපූරුයි කියා සිතනව. ජය

    ReplyDelete
  3. Remember those small book stalls at railway stations those days too?
    Eg: Still nostalgic about Macmillan's at Kandy railway station... :((

    ReplyDelete