උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණයේ බිල්බෝඩ් පුවරුව මා දකින්නේ බොරැල්ලේ ලිඩෝ සිනමා ශාලාව පසු කර යද්දීය. එය දුටු වනම ඒ සඳහා ආභාශය ලබා ඇත්තේ කොතනින්දැයි නිච්චියක් ලැබිණි. මගේ අනුමානය සනාථ වූයේ පසුව "බන්ධනය" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය යූ ටියුබ් ඔස්සේ නැරඹීමෙනි. ඒ අනුව "බන්ධනය" යනු විලියම් පීටර් බ්ලැටීගේ ජනප්‍රිය භීෂණාත්මක නවකතාව ඇසුරින් විලියම් ෆ්‍රයිඩ්කින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දී තිරගතවූ ආන්දෝලනාත්මක Exorcist (යකැදුරා) චිත්‍රපටයේ ලාංකීය අනුවර්තනයක් බව මට පසක් විය. සාමාන්‍යයෙන් එක්සෝසිස්ට් චිත්‍රපටය හැඳින්වෙන්නේ "ලොව වඩාත් බියජනක චිත්‍රපටය" ලෙසය. එම චිත්‍රපටය නිෂ්පාදනය කෙරුනු සමයේ තාක්ෂණය හා එහි මනා හැසිරවීම නිසාම එවක එය නැරඹූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරයන් උද්වේගකර විය. සිනමා ශාලා තුළ ක්ලාන්ත වීම්, වමනය දැමීම් ආදිය වාර්තා විය. පහත යූ ටියුබ් වීඩියෝවෙන් එය මනාව පැහැදිලි වනු ඇත.
මගේ පියාගේ පුස්තකාලයේ මුල් නවකතාවේ පිටපතක් තිබිනි. එහෙත් කුඩා කල සිටම එහි අඳුරු වර්ණ පිටකවරයේ මුද්‍රිත අපැහැදිලි මුහුණ මා හට ගෙන ආවේ බියජනක හැඟීමකි. එය වඩාත් තීව්‍ර වූයේ පාසලේ දෙක වසරේ පමණ සිටියදී අපේ පවුලේ හිතවතියක් වූ මගේ පංති භාර ගුරුතුමිගේ නිවසේ පැවති නත්තල් සාදයකදී ඇගේ පුත්‍රයා විසින් එක්සෝසිස්ට් චිත්‍රපටයේ වී සී ආර් පිටපතක් අප හට ප්‍රදර්ශනය කළ පසුය. ඒ ඉතා සුලු වේලාවක් සඳහා පමණක් වුවද මා තුළ ඇති කලේ නොමැකෙන මතකයකි. නවකතාව කියවීමට තරම් ඉංගිරිසි දැනුමක් ලැබූ ගැටවර වියේදී එය කියවූ විට මා බියට පත් කිරීමට සමත් තරම් විය - ඒ අතරම යමක් අලුතින් හිතන්නට පෙළඹවූ නවකතාවක්ද විය - කෙසේ වුවත් ඒ අවදියේ මම දැඩි ආගම් භක්තිකයෙක් වීමි. විලියම් පීටර් බ්ලැටී එය ඊනියා "සැබෑ" සිදුවීමක් ඇසුරින් නවකතාවට නැගූ බව පැවසුවද අද වන විට එය විවාදාත්මක වේ. එය කතෝලික/ක්‍රිස්තියානි මිත්‍යා විශ්වාස අනුව නම් "සැබෑ" සිදුවීමක් විය හැක. චිත්‍රපටයේ තිර රචනය ලියන්නේද විලියම් පීටර් බ්ලැටීම ය.
ඉරාකයේ මෝසුල් නුවර හා ඇමරිකාවේ වොෂිංටන් නගරය කේන්ද්‍ර කොට ගෙන රූගත කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන තේමාවක් වන්නේ දෙවියන්වහන්සේගේ නිහඩතාව යන සංකල්පයයි. ජෝජ්ටවුන් හි සිය චිත්‍රපට නිළි මව ක්‍රිස් සමඟ ජීවත් වන 13 හැවිරිදි රීගන් මැක්නීල් එකවනම අතිශය බියජනක හැසිරීම් දැක්වීමට පටන් ගනියි - ඇගේ මුහුණ විරූප වී කටහඩ අමානුශික ස්වරයක් ගනී.. ඇය අතින් මනුශ්‍ය ඝාතනයක්ද සිදුවේ. ඇය සුව කිරීමට වෛද්‍ය විද්‍යාව අසමත් වන විට ක්‍රිස් පිහිට පතන්නේ ප්‍රවීන මනෝ වෛද්‍ය විශේෂඥයෙකු මෙන්ම ජෙසුයිට් පූජකවරයෙකුද වන ඩේමියන් කරාස් ගේය. තම මවගේ බේදජනක මරණය නිසා සිය ආගමික විශ්වාසයන් සමඟ බිඳිමක් ඇතිකරගෙන සිටින කරාස් පියතුමා රීගන්ව පරීක්ෂාවට භාජනය කරන්නේ ඇය මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට විශ්වාසයකින් යුතුවයි. එසේ වුවද අවසානයේ ඩේමියන් කරාස් හට කතෝලික පල්ලියට අයත් ප්‍රකට යකැදුරෙකු වන වයෝවෘද්ධ ලැන්කැස්ටර් මෙරීන්ගේ සහාය ලබා ගැනීමට සිදුවන්නේ එය සැබෑ "යක්ෂාවේශ වීමක්" ලෙස ඔහුටම පිලිගැනීමට බලකෙරෙන නිසාය.
අද හා එදා දක්නට ලැබුනු/ ලැබෙන බොහෝ හොරර් මාදිලියේ චිත්‍රපටවලට පොදු ලක්ෂණයක් වන්නේ ප්‍රේක්ෂකයා විරූපී මුහුණු, බියජනක සංගීතය, හදිසි බියකරු සිදුවීම් ආදියෙන් බියට පත් කිරීමේ හැකියාවයි. මේ අනුව හොරර් චිත්‍රපටයක සාර්ථකත්වය මනිනු ලබන්නේ බියට පත් කිරීමේ හැකියාව අනුව විනා එහි චරිත නිරූපණය, මූලික තේමාවන් හා අධ්‍යක්ෂණය වැනි සාධක මත නොවේ. එසේ වුවද එක්සෝසිස්ට් චිත්‍රපටය මේ හොරර් වට්ටෝරුවෙන් බොහෝ වෙනස් වූ චිත්‍රපටයකි. එහි සංගීතය භාවිතය අවමය. විරූපි මුහුණු ආදිය දක්නට ලැබුනද ඒ සියල්ලටම වඩා චිත්‍රපටය තුළ ප්‍රබල කතාවක් දක්නට ලැබේ. අධ්‍යක්ෂණය, කැමරාකරණය මෙන්ම චරිත නිරූපණයද විශිෂ්ඨ මට්ටමක පවතී. 1974 ඇකඩමි සම්මාන සඳහාද චිත්‍රපටය නිර්දේශ වූයේ ඒ නිසා විය හැක. ඒ සියල්ල පරයමින් නැගෙන චිත්‍රපටයේ මූලික තේමාව ඇතැම් විට පොතේ කතුවරයා නොසිතූ දෙයක් වන්නට ඇත. එනම් ආගමික විශ්වාසයන් කෙපමණ තිබුනත් ජීවිතයේ නැගෙන කරදර බාධක ජයගත හැක්කේ තමන්ගේම කැපවීමෙන් විනා නොපෙනෙන බලවේග පිළිබඳ විශ්වාසය තැබීමෙන් නොවන බවයි.
පසුකාලීනව එක්සෝසිස්ට් චිත්‍රපටයට තවත් කොටස් කිහිපයක් මෙන්ම එය අනුකරණයෙන් ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ද බිහිවිය. එහෙත් මුල් චිත්‍රපටයේ සිනමාරූපි බව ඒවාවල තිබිනිදැයි යන්න සැකසහිතය.

කුතුහලය දනවන ලිපියක්.
ReplyDeleteචිත්‍රපටයත් නරඹන්න
Deleteඅහා...! මටත් නිකමට හිතුන 'බන්ධනය' මොකක් හරි වෙනත් මූවි එකක් එක්ක බන්ධනයක් ඇතිදෝ කියල.. දැන් මට හිතෙන්නේ මුලින්ම පොත කියෝන එක හොඳයි වගේ....
ReplyDeleteමම හොරර් ඒවාට කැමතියි. නමුත් මිනිස්සු අමු අමුවේ මරනවා පෙන්නනවා නම් ආසා නැහැ.
බන්ධනය ෆිල්ම් එකේ පෝස්ටර් දැක්කහම මට කතාව හිතාගන්න පුළුවන් උනා. අපරාදේ එහෙම කලේ. බලන්නත් හිතෙනවා උනත් මට ආසාව එන්නේ 'ඉංග්‍රීසියෙන්' මුලින්ම බයවෙන්න.
බලමු Thanks for the info
යූ ආ වෙල්කම්. ඔබට පොත් කියවීමට සිතුනු එක නම් කදිමයි. හැබැයි මේ වන විට පොත මුද්‍රණයේ පවතින්නේ නැහැ දන්නා තරමින්. එහෙත් ඔබ සිටින්නේ ලංකාවේ නම් මරදානේ පරණ පොත් කඩවලින් මේ කෘතියේ 1970 දශකයේ මුද්‍රණයක් ලබා ගත හැකි වේවි. එසේ නොමැති නම් ඇමේසන් ඔස්සේ මෙහි භාවිතා කළ පිටපතක් ඇතැම් විට ලබා ගත හැකි වේවි. ඊ බුක් එකක් තිබේදැයි සොයා බලන්න - ඇතැම් විට තිබිය හැකියි
DeleteThis comment has been removed by the author.
Deletehttps://makeenbooks.com/app/book/Exorcist-9780552166775/855682/Blatty--William-Peter
Deleteමං ඔය එස්සෝසිට් මූවි එක බැලුවා. සැවෝයි එකේ වගෙයි මතක. ටියුෂන් අතරේ කරපු හොර වැඩක්. නමුත් කිසිසේත් ම බය වුනේ නම් නෑ!
ReplyDeleteමට අද වෙනකොට මතක කෙල්ලෙක් කොල පාට වමනේ දාන සීන් එක විතරයි!
කොළ පාටින් වමනය දාන සීන් එකක් තියනවා තමයි - ඕකට යොදාගෙන තියෙන්නේ pea soup ලු. මම නම් සාමාන්‍යයෙන් බයවුනු ෆිල්ම් එකක් තමයි මේක - පොතෙත් ඇතැමි සිදුවීම් කියවදදි බියජනක හැඟීමක් ඇතිවනවා
Deleteබයි ද වේ රසික ඔබ ෆිල්ම් එක බැලුවේ මොන කාලයේද ? 1970 දශකයේ අගභාගයේ පමණද ?
මමත් මේක බැලුවා. තරමක් භීතියක් දැනුණු එකක් නම් තමයි. ඒ වගේම Evil Dead 1 ත් මට ටිකක් බය හිතුණු එකක්.
ReplyDeleteEvil Dead ස්පයිඩර් මෑන් හදපු සෑම් රයිමිගේ පළමු ෆිල්ම් එක - මාත් බයවුනු ෆිලුමක් තමයි
Deleteලක්ෂාන්, ඔයා මෙතෙක් බලලා තියන වැඩියෙන්ම බය හිතුන film එක මොකක් ද?
ReplyDeleteඒක කියන්න අමාරුයි සචී - දැනට බලල තියන ෆිල්ම්වලින් නම් Conjuringල Autopsy of Jane Doe වගේ ෆිල්ම් නම් සෑහෙන්න මාව බය කරපු ෆිල්ම් . කොහොම වුනත් සුපර් නැචුරල් හොරර් චිත්‍රපටවලට වඩා මගේ ප්‍රියතම මාදිලිය සයිකොලොජිකල් ත්‍රිලර්
DeleteAutopsy of Jane Doe කියන්නෙ Emile Hirsch ඉන්න film එක නේද? The Ring film එකත් හොඳයි. හැබැයි Japanese horror films copy කරන එක දැන් හරි සුලබයි.
ReplyDeleteඔව් - ඒක කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක් - බයවෙන මූණු නැතුව බයකරන එකට හොඳ උදාහරණයක් - The Ring ජපන් කොපියක් වුනාට හොඳ ෆිල්ම් එකක්
Delete