වර්තමානයේ අප දන්නා පරිදි වැඩිම ඇමරිකානු සාමාන්‍ය වැසියන් පිරිසක් එකවරකදී මිය ගිය අවස්ථාව වන්නේ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයි. එසේ වුවත් ඊට පෙර එම ස්ථානය හිමිවූයේ 1978 නොවැම්බර් 18 වැනි දින ඇමරිකානුවන් 900කට අධික ප්‍රමාණයක් ගුයානාවේ පිටිසරබද පෙදෙසක පිහිටි ජෝන්ස්ටවුන් නමින් හැඳින්වූ කෘෂිකාර්මික ජනාවාසයක් තුළදී සිය දිවි නසාගැනීමේ අවස්ථාවටයි. සමූහ සිය දිවි නසාගැනීමක් ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේදී කිරිදරුවන් පවා සිය දෙමව්පියන් අතින්ම මරණයට පත්වූ බව සඳහන් වනවා. මෙම ජෝන්ස්ටවුන් ජනාවාසයෙහි සිටි සියලු දෙනා "පීපල්ස් ටෙම්පල් (මහජන දෙවොල) " නම් ආගමික සංවිධානයක සාමාජිකයන්. මෙහි නායකයා වූයේ ජිම් ජෝන්ස් නම් හිටපු පාස්ටර්වරයා (ජනාවාසය හැඳින්වූයේ ඔහුගේ නමින්) . මේ සිදුවීම්වලින් පසු ජනමාධ්‍ය මඟින් People's Temple යනු ඇදහිලි කල්ලියක් (religious cult) ලෙස හැඳින්වූවත් එවක හා වර්තමානයේ පැවති හා පවතින ඇදහිලි කල්ලිවලට වඩා මහජන දෙවොල බෙහෙවින් වෙනස් වන්නේ එය දේශපාලනික ඇදහිලි සංවිධානයක් වීමයි (political cult) . එම සංවිධානයේ මේ සංකීර්ණතාව එහි නිර්මාතෘවරයා හා බැඳී පවතිනවා.
ජිම් ජෝන්ස්
ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දිළිඳු පවුලක උපත ලබන ජෝන්ස් සිය ළමා විය ගතකරන්නේ ඇමරිකාවේ මහා ආර්ථික අවමනය (Great Depression) නිසා ඇතිවන ද්‍රරිද්‍රතාවයෙන්. තම ළමාවියේ ගෙවූ ඒ දිළිඳු ජීවිතය නිසා කුඩා කල සිටම ජෝන්ස් ඇමරිකාවේ වර්ගවාදයේ ගොදුරු බවට පත් ව සිටි කළු ජාතිකයන් කෙරෙහි සානුකම්පිත දැක්මක් සහිතව සිටි බව පැවසෙනවා. එමෙන්ම ඔහු දැඩිව කියවීමට ඇබ්බැහි වූයෙක්. සියලුම ජාතීන් හා පංතීන්ට එකට සලකන බව පැවසෙන කමියුනිස්ට්වාදය මේ මුල් අවදියේ සිටම ජෝන්ස්ගේ ආකර්ෂණයට ලක්වුනා. මේ සඳහා ඔහුට සිය මවගේ අනුබලයද ලැබුනා.
දේශපාලනය හා ආගම
කෙසේ වුවත් 1950 දශකය වන විට සීතල යුද්ධය තුළ කමියුනිස්ට් විරෝධී හැඟීම් උත්සන්නව පැවතුනා. ඇමරිකානු සමාජය තුළ කමියුනිස්ට්වාදයට තිබුනු දැඩි විරෝධය නිසා ජෝන්ස් මුලින්ම තම දැඩි වාමාංශික අදහස් පිරිස් වෙත පැතිරවීම සඳහා යොදා ගත්තේ ආගමයි. 1930 දශකයේ සිටම ඇමරිකාව තුළ මූලධාර්මික කිතුණු නිකායන් වර්ධනය වෙමින් පැවතුනා. සුවකීරීමේ මෙහෙයන්, සමූහ ගායනා ආදි නවමු අංග රැගත් මේ දේව මෙහෙයන් ඇමරිකාවේ බයිබල් තීරුවේ හා මැද බටහිර ප්‍රදේශවල ජනප්‍රියව පැවතුනා.
මෙවැනි කිතුණු නිකායක් ආරම්භ කිරීම මඟින් අනුගාමිකයන් පිරිසක් තනාගෙන සියුම්ව තම දේශපාලනික මතවාදයන් සම්ප්‍රේෂණය කරවීම ජෝන්ස්ගේ උපක්‍රමය වුනා. මේ සඳහා ඔහු මුලින්ම මෙතොදිස්ත පල්ලියක දෙවැනියා ලෙස පත්වුනා. එහෙත් එවකට වර්ගවාදී ලෙස කළු සුදු ජාතීන් වෙන්කෙරුනු (Segregation) ඇමරිකාවේ කළු ජාතිකයන්ද දේව මෙහෙයන්ට එක් කරගැනීමට ඔහු පියවර ගැනීම නිසා කෙටිකලක් ඇතුළත එම පල්ලියෙන් ඔහු ඉවත් කෙරෙනවා. පසුව 1956 දී තම සිහිනය සැබෑ කරගනිමින් සුදු හා කළු ජාතිකයන් එක්ව දේව මෙහෙයේ යෙදෙන මහජන දෙවොල ඉන්දියානාපොලිස්හි ආරම්භ කරනවා. ජෝන්ස්ගේ ප්‍රගතිශීලි මතවාදයන්ට එවකට එම පෙදෙසේ සුදු ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවත් ඔහු එය නැවැත්වූයේ නැහැ.
කෙසේ වුවත් සියලු වාර්ගිකයන් සාමයෙන් සිටින පොදු දේපළ සහිත කමියුනිස්ට් උතෝපියාවක් නිර්මාණය කිරීමේ සිහිනය ජෝන්ස් සිතින් ඉවත් කරගත්තේ නැහැ. මේ නිසාම 1960 දශකය වන විට වඩාත් ලිබරල් පරිසරයක් තිබූ කැලිෆෝනියාවට ඔහු තම සංවිධානය රැගෙන ගියා. කැලිෆෝනියාවේදී මේ සංවිධානය කෙමෙන් වැඩෙන්නට වූයේ සමකාලීන සමාජ දේශපාලනික තත්ත්වවල බලපෑමත් සමඟයි. එමෙන්ම කැලිෆෝනියාවේ ප්‍රබල ලිබරල් දේශපාලඥයන්ගේ අනුග්‍රහයද කෙමෙන් ජෝන්ස් හට ලැබුනා. මේ නිසා ප්‍රමාණාත්මක සිවිල් බලයක් ඔහු වෙත පැවරුණා.
කෙසේ වුවත් සංවිධානයේ විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් කලින් එයට සම්බන්ධ වී පසුව ඉවත් වූ යම් කණ්ඩායම්වලින් චෝදනා එල්ල වන්නට වුනා. මේ නිසා තමන්‍ට එරෙහිය දක්ෂීණාංශික කුමන්ත්‍රණයක් ඇතිබවට පැරනොයියාවක් ජෝන්ස් තුළ ඇති වුනා. එබැවින් තම සමාජවාදී උතෝපියාව ඇමරිකාවෙන් බැහැර ව ඇති කිරීම සඳහා ජිම් ජෝන්ස් අවසන තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ ගුයානාවයි.
ජෝන්ස්ටවුන් ඛේදවාචකය
මහජන දෙවොල ගැන ටයිම් සඟරාවේ මුල් පිටුව |
ජිම් ජෝන්ස්
ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දිළිඳු පවුලක උපත ලබන ජෝන්ස් සිය ළමා විය ගතකරන්නේ ඇමරිකාවේ මහා ආර්ථික අවමනය (Great Depression) නිසා ඇතිවන ද්‍රරිද්‍රතාවයෙන්. තම ළමාවියේ ගෙවූ ඒ දිළිඳු ජීවිතය නිසා කුඩා කල සිටම ජෝන්ස් ඇමරිකාවේ වර්ගවාදයේ ගොදුරු බවට පත් ව සිටි කළු ජාතිකයන් කෙරෙහි සානුකම්පිත දැක්මක් සහිතව සිටි බව පැවසෙනවා. එමෙන්ම ඔහු දැඩිව කියවීමට ඇබ්බැහි වූයෙක්. සියලුම ජාතීන් හා පංතීන්ට එකට සලකන බව පැවසෙන කමියුනිස්ට්වාදය මේ මුල් අවදියේ සිටම ජෝන්ස්ගේ ආකර්ෂණයට ලක්වුනා. මේ සඳහා ඔහුට සිය මවගේ අනුබලයද ලැබුනා.
ජිම් ජෝන්ස් |
කෙසේ වුවත් 1950 දශකය වන විට සීතල යුද්ධය තුළ කමියුනිස්ට් විරෝධී හැඟීම් උත්සන්නව පැවතුනා. ඇමරිකානු සමාජය තුළ කමියුනිස්ට්වාදයට තිබුනු දැඩි විරෝධය නිසා ජෝන්ස් මුලින්ම තම දැඩි වාමාංශික අදහස් පිරිස් වෙත පැතිරවීම සඳහා යොදා ගත්තේ ආගමයි. 1930 දශකයේ සිටම ඇමරිකාව තුළ මූලධාර්මික කිතුණු නිකායන් වර්ධනය වෙමින් පැවතුනා. සුවකීරීමේ මෙහෙයන්, සමූහ ගායනා ආදි නවමු අංග රැගත් මේ දේව මෙහෙයන් ඇමරිකාවේ බයිබල් තීරුවේ හා මැද බටහිර ප්‍රදේශවල ජනප්‍රියව පැවතුනා.
මෙවැනි කිතුණු නිකායක් ආරම්භ කිරීම මඟින් අනුගාමිකයන් පිරිසක් තනාගෙන සියුම්ව තම දේශපාලනික මතවාදයන් සම්ප්‍රේෂණය කරවීම ජෝන්ස්ගේ උපක්‍රමය වුනා. මේ සඳහා ඔහු මුලින්ම මෙතොදිස්ත පල්ලියක දෙවැනියා ලෙස පත්වුනා. එහෙත් එවකට වර්ගවාදී ලෙස කළු සුදු ජාතීන් වෙන්කෙරුනු (Segregation) ඇමරිකාවේ කළු ජාතිකයන්ද දේව මෙහෙයන්ට එක් කරගැනීමට ඔහු පියවර ගැනීම නිසා කෙටිකලක් ඇතුළත එම පල්ලියෙන් ඔහු ඉවත් කෙරෙනවා. පසුව 1956 දී තම සිහිනය සැබෑ කරගනිමින් සුදු හා කළු ජාතිකයන් එක්ව දේව මෙහෙයේ යෙදෙන මහජන දෙවොල ඉන්දියානාපොලිස්හි ආරම්භ කරනවා. ජෝන්ස්ගේ ප්‍රගතිශීලි මතවාදයන්ට එවකට එම පෙදෙසේ සුදු ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූවත් ඔහු එය නැවැත්වූයේ නැහැ.
කෙසේ වුවත් සියලු වාර්ගිකයන් සාමයෙන් සිටින පොදු දේපළ සහිත කමියුනිස්ට් උතෝපියාවක් නිර්මාණය කිරීමේ සිහිනය ජෝන්ස් සිතින් ඉවත් කරගත්තේ නැහැ. මේ නිසාම 1960 දශකය වන විට වඩාත් ලිබරල් පරිසරයක් තිබූ කැලිෆෝනියාවට ඔහු තම සංවිධානය රැගෙන ගියා. කැලිෆෝනියාවේදී මේ සංවිධානය කෙමෙන් වැඩෙන්නට වූයේ සමකාලීන සමාජ දේශපාලනික තත්ත්වවල බලපෑමත් සමඟයි. එමෙන්ම කැලිෆෝනියාවේ ප්‍රබල ලිබරල් දේශපාලඥයන්ගේ අනුග්‍රහයද කෙමෙන් ජෝන්ස් හට ලැබුනා. මේ නිසා ප්‍රමාණාත්මක සිවිල් බලයක් ඔහු වෙත පැවරුණා.
කෙසේ වුවත් සංවිධානයේ විවිධ අයථා ක්‍රියා සම්බන්ධයෙන් කලින් එයට සම්බන්ධ වී පසුව ඉවත් වූ යම් කණ්ඩායම්වලින් චෝදනා එල්ල වන්නට වුනා. මේ නිසා තමන්‍ට එරෙහිය දක්ෂීණාංශික කුමන්ත්‍රණයක් ඇතිබවට පැරනොයියාවක් ජෝන්ස් තුළ ඇති වුනා. එබැවින් තම සමාජවාදී උතෝපියාව ඇමරිකාවෙන් බැහැර ව ඇති කිරීම සඳහා ජිම් ජෝන්ස් අවසන තෝරා ගත්තේ දකුණු ඇමරිකාවේ ගුයානාවයි.
ජෝන්ස්ටවුන් ඛේදවාචකය
ගුයානා හි එවකට තිබුනේ සමාජවාදී රජයක්. එමඟින් පිටිසර බද ප්‍රෙද්ශයක විශාල බිම් කොටසක් බදුගෙන ජෝන්ස්ටවුන් නම් කෘෂිකාර්මික ජනාවාසයක් පිහිටුවීමට ජෝන්ස් කටයුතු කළා. තම මාක්ස්වාදී සිහිනය අනුව ස්වයංපෝෂී කොලනියක් මෙන් ජෝන්ස්ටවුන් ජනාවාසය නිර්මාණය කළා. එහි සියලු දෙනා වැඩෙහි නිරතවුනා. අවශ්‍ය එළවළු, මස් ආදිය ගොවිපළ තුළින්ම සපයා ගත්තා . එමෙන්ම කළු සුදු භේදය සම්පූර්ණයෙන්ම ඉවත් කොට ඔවුන් සහෝදරත්වයෙන් ජීවත් වුනා. කෙසේ වුවත් කොලණියේ ජනගහනයෙන් 90%ක් පමණම කළු ජාතිකයන් වුනා. ඔවුන් පවුල් ලෙස ජීවත් වූ අතර කුඩා දරුවන් හා බිළිදුන් විශාල ප්‍රමාණයක්ද වයෝවෘද්ධ විශ්‍රාමිකයන්ද මේ අතර වුනා. සියලු දෙනා සතුටින් ජිවත් වන බව පෙනුනත් ජෝන්ස් සතුව තුවක්කු ගත් සන්නන්ධ කණ්ඩායමක්ද තිබුනා.
මේ අතර ඇමරිකාවේ මහජන දෙවොල ගැන විවාදය දිගටම පැවතුනා. එම සංවිධානය තුළ සිටින සිය දරුවන් නැවත ලබා දෙන ලෙස සංවිධානයෙන් ඉවත් වූ පිරිස් උද්ඝෝෂනය කළා. මේ නිසාම කැලිෆොනියාවේ කොන්ග්‍රස් සභිකයෙක් වූ ලියෝ රයන්, එම ඥාතීන් හා මාධ්‍යෙව්දීන් පිරිසක් සමඟ ජෝන්ස්ටවුන් වෙත පැමිනියා. මුලදි රයන් ඇතුළු පිරිස හොඳින් පිළිගැනුනත් ජෝන්ස්ටවුන් හි සිටි තවත් අනුගාමිකයන් පිරිසක් රයන් සමඟ ආපසු යාමට උත්සාහ කිරීම නිසා ගැටුම් කාරී තත්ත්වයක් පැන නැගුනා. අවසානයේ ජනවාසයෙන් එපිට නවතා තිබූ තම ගුවන්යානයට ගොඩවීමට සිටින මොහොතේදී ජෝන්ස්ටවුන් සිට පැමිණි සන්නන්ධ කණ්ඩායමක් මේ පිරිසට ප්‍රහාරයක් එල්ල කළා. එය අවසන් වූයේ කොන්ග්‍රස් සභික ලියෝ රයන්ගේ මරණයෙන්. තවත් මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක්ද මේ ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත් වුනා.
මේ සිදුවීමත් සමඟ තවදුරටත් තමාට හෝ සංවිධානයට ලෝකයෙන් වසං වී සිටිය නොහැකි බව ජෝන්ස් තේරුම් ගත්තා. එදින රාත්‍රිෙය්ම සමූහ සිය දිවි නසාගැනීම ඇරඹුනා. නෙක්ටෝ වලට සමාන ෆෙලේවර් ඒඩ් නම් සිසිල් බීම වර්ගය සහිත විශාල භාජනවලට පොටෑසියම් සයනයිඩ් කලවම් කර සියලු දෙනා පානය කළා. දරුවන්ට දෙමාපියන් ඒවා ලබාදුන්නා. ඉතාම කාලකණ්නි ලෙස කිරිදරුවන්ටද මේ විස පානය ලබා දී තිබුනා. ජිම් ජෝන්ස් ද සියතින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තා. පසු දින පහන් වන විට ජෝන්ස් ටවුන් සංකීර්ණයම එකම මළ කඳන් ගොඩක් බවට පත්ව තිබුනා. පසුව ඇමරිකානු හමුදාවන් මඟින් කුණුවී පිම්බී තිබූ මේ මළ සිරුරු ආපසු ඇමරිකාවට එවීමේ කාර්යය කරන ලද්දේ ඉතාම අසීරුවෙන්.
සමකාලීන ජනමාධ්‍යත් ඉන් පසුවත් මහජන දෙවොල හඳුන්වන්නේ ආගමික ඇදහිලි කල්ලියක් ලෙසයි. එසේවුවත් අදේවවාදියෙක් වූ ජිම් ජෝන්ස් ආගම මුවාවෙන් ඇති කරගත්තේ මාක්ස්වාදී ඇදහිලි කල්ලියක්. ලංකාවේද මාක්ස්වාදි/ සමාජවාදී මතයන් අනුගමනය කරන දේශපාලන පක්ෂ ඇදහිලි කල්ලි මෙන් ක්‍රියා කරන බව මගේ නිරීක්ෂණයක්.

ජෝන්ස්ටවුන් ජනාවාසය පුරා මළ සිරුරු විසිරී තිබූ අයුරු |
සමකාලීන ජනමාධ්‍යත් ඉන් පසුවත් මහජන දෙවොල හඳුන්වන්නේ ආගමික ඇදහිලි කල්ලියක් ලෙසයි. එසේවුවත් අදේවවාදියෙක් වූ ජිම් ජෝන්ස් ආගම මුවාවෙන් ඇති කරගත්තේ මාක්ස්වාදී ඇදහිලි කල්ලියක්. ලංකාවේද මාක්ස්වාදි/ සමාජවාදී මතයන් අනුගමනය කරන දේශපාලන පක්ෂ ඇදහිලි කල්ලි මෙන් ක්‍රියා කරන බව මගේ නිරීක්ෂණයක්.
අජිත් පැරකුම් ජයසිංහත් නිතරම ඔය මාක්ස්වාදී ඇදහිලි කල්ලි ගැන ලියනවා. ඔහු ගේ ශාස්තෲ නවකතාව කියවා තියේ ද?
ReplyDeleteඑය නම් කියවා නැහැ (ටැබූගේ නෙගටිව් විචාරය නිසා ඕක බලන්න හිතුනෙත් නෑ) හැබැයි මේ දේශපාලන පක්ෂවල හැසිරීම් නිරීක්ෂණය කිරීමෙන් ඒ නිගමනයට මමත් පැමිණියා
Deleteටැබුවා කළේ දෙඤ්ඤං බැටේ විචාරයක් නේ!
Deleteපැරා කතෘ ප්‍රකාශනයක් ලෙස පොත මුද්‍රණය කරන්න පිරිවැය සොයාගත් ආකාරය පවා විවේචනය කෙරුණා නේද? ඒ වගේ කරුණු පොතේ අන්තර්ගතය කිසි සේත්ම අදාල නෑ.
මෙන්න ශාස්තෲ පොත ගැන මං ලියූ ලිපියක්.
https://rasikalogy.blogspot.com/2015/09/w3lanka-hbd2u-apj.html
මාක්ස්වාදීන් යැයි කියාගන්නා සමහර අයගේ ක්‍රියාකාරීත්වය කෙසේවෙතත් , මාක්ස්වාද මා හදුනාගනුයේ ඉතාම ගැබුරු දර්ශනයක් ලෙසය.
ReplyDeleteමේ යුගයේ ලොව බිහි වූ මහ බුද්දිමතා වූ ඇල්බට් අයින්ස්ටයින් අද්‍යාත්මික දර්ශනයන් අතරින් බුදු දහමද,ලෞකික දර්ශනයන් අතරින් මාක්ස්වාදයද විශිඨම දර්ශයනය ලෙස තමා නම් කරන බව කියා අතැයි මා කියවා අත.
මෙකී ජිම් ජෝන්ස් මාක්ස්වාදයේ සෙවනල්ල හෝ වැටුනු අයකු නම් මෙවන් මුග්ධ ලෙස නොහසිරෙනු ඇත.
කිසිම මාකස්වාදී සoවිදානයක් මෙවැනි බහුබූත ආකාරයකට හැසිරී ඇතයි මා අසා නැත.
නමුත් මෙවන් ආකාරයට හැසිරෙන අන්තවාදි ඉවැන්ජලික ක්‍රිස්තියානි කල්ලි නම් විශාල ප්‍රමානයක් ලොව ඇත.
හිටිගමන් දෙවියන්වහන්සේ වෙත යා හකි බව පවසමින් ඔවුන් කන්ඩායම් පිටින් සියදිවි නසාගනී..................
සමහරු අසනිපයකදී මෙහෙත් ලබාගැනීම, රුධිර පාරවිලයනය ආදී කටයුතු පවා ප්‍රතික්ශේප කරති.අවසානයේ බෙහෙත් නොගෙන, දෙවියන් යදිමින් ඉද රෝගය උත්සන්න වී මියයති..............................
ලෙඩුන් සුවකලහැකියැයි කියා නාඩගම් නටා ලෙඩුන් මරාගනිති
ලoකාවේ පවා මෙවන් සිද්දි ඔනෑ තරම් වාර්තා වී ඇත.
බොහෝ අය මොවුන් මාක්ස්වාදීන් ලෙස හදුනාගනිමින්, ඇදගනු ලබන්නේ පොදු දේපල ක්‍රමයට ආසන්න ක්‍රමයක් පවත්වාගෙන යන නිසාය................
ඵය මාක්ස්වාදයට පමනක් අනන්‍ය ලක්ශනයක් නොවේ.
මුල් ක්‍රිස්තියානි සභාව ඵසේ කරතිබූ අතර ජාති, වර්ණ වශයෙන් බෙදීමක්ද ඔවුන් අතර නොවීය.සැවොම ඵක ලෙස සැලකීය.
මෙම ඉවැන්ජලික අදහිලි කන්ඩායම්ද, මුල් ක්‍රිස්තියානි සභා අනුව යමින් බෙදාගැනීම හා සමානත්මතාවය අනුගමනය කරයි..................ඵය මකස්වාදය අනුගමනය කිරිමක් නොව මුල් ක්‍රිස්තියානි සභාව අනුගමනය කිරීමකි.
කරුණු අනුව මා හට පෙනී යන්නේ මොවුන් මාක්ස්වාදී කන්ඩායමක් නොව ලoකාවේ පවා හතු පිපෙන්නා සේ බිහිව ඇති, නමුත් ඊට වඩා රැඩිකල් ඉවැන්ජලික කල්ලියක් බවය.
(මෙලස කටයුතුකරමින් මුලු කන්ඩායම පිටින්ම දිවිනසාගත් ආගමික කල්ලි ගැන ඔනෑතරම් වාර්තා වී ඇත.)
නිකමට හෝ මෙවැනි කල්ලියක ඉරිදා දේව මෙහෙයකට ගියහොත් මේ තරම් රැඩිකල් නොවුනද මීට අතිශ්‍යය සමාන මතවාදයක් ඔවුන් දරණ බව ඔබටම පසක් වනු ඇත.
මා කලක් කිතුනුවකු ව සිටි නිසා මේ අත්දැකීම මා හොදින්ම ලබා ඇත.
අනික මෙවන් අදහිලි කල්ලි, මාක්ස්වදය විශ්වාසකරන්නන් අතර පමනක් ඇතයි කීම විකාරයකි.
මාක්ස්වාදීන් යැයි කියාගන්නා සමහරුද,මා කලින් සදහන්කල ඉවැන්ජලික කල්ලිද,දේශියව සිoහලේ,විදේශියව ශෝකෝ අසහරාගේ බොදුනු වේශයෙන් සිටින සoවිදානද, ඉස්ලාම් ආගමේ වහබ්වරු ද ISISද පමනක් නොව,
ලoකාවේ මහින්දවාදීන්ද, කැපුවත් කොල යැයි කියාගන්නා යූ.ඇන්පී කාරයෝ ද යන මේ සියලුම දෙනා ඇදහිලි කන්ඩායම් වේ.
ඵබැවින් මාගේ නිරීක්ශනය මොවුන් මාක්ස්වාදීන් ලෙස හැදින්වීම ඇමරිකන් ජනමාද්‍ය වල සත්ක්‍රියාවක් වන්නට ඇති බවය.
මෙවන් බුද්දිහීනයන් මාක්ස්වාදීන් නොවන බවත්, මුල් ක්‍රිස්තියානි සභා වලට අනුරූප වීමට වෙර දරන ඉවැන්ජලික මෝඩයන් පිරිසක් බවත් මාගේ මතයයි.............................
මුල් වරට මට මේ කතාව කියවන්න ලැබෙන්නේ අවුරුදු 25කට පමණ පෙර කල්පනා සඟරාවෙන් - එහි ජෝන්ස් ගැන සඳහන් වූයේ ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක් වශයෙන්. සැබවින්ම ජෝන්ස්ගේ හැසිරීම ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක්ට සමානයි. ඒත් පසුව ඔහු ගැන හැදෑරීමේදී වැටහුනු පරිදි ජෝන්ස් යනු අදේවවාදියෙක් - බයිබලයේ ඇති බරපතල වැරදි හා නොගැලපී් ම් ගෙනහැර පාමින් ඔහු Letter Killeth නමින් පත්‍රිකාවක් පළ කොට තිබෙනවා - එහෙන්ම ඔහු “සුදු මිනිසුන්ගේ අහස් දෙවියන්“ ගැන විශ්වාස නොකළ බව පවසා තිබෙනවා - ජෝන්ස් කිතුණු මූලධර්ම උපායන් මුලදී යොදාගත්තේ සෙනඟ ආකර්ෂණය සදහා විය හැකියි
Deleteමාක්ස්වාදය ගැඹුරු දර්ශනයක් බව සැබවි -එහෙත් එහි මතුපිට ස්පර්ශ කළ අය මෙවැනි තත්ත්වයකට පත් විය හැකියි
නියම ලිපියක් . . .
ReplyDeleteපලමු වරට මේ ගැන කියෙව්වේ අද. කොයි තරම් අන්තර්ජාලය පරිහරණය කලත් මගේ සාමාන්‍ය දැනීම හෝ ලෝකය ගැනීම දැනීම කොයි තරම් පටුද කියලා ලැජ්ජත් හිතුනා.
බොහෝම ස්තූතියි මේ ලිපියටත් . . !
ස්තූතියි දුකා
Deleteසාමාන්‍යයෙන් තමන් කැමති මාතෘකා ගැන හොයන්න අපි කැමතියි. ආගම වගේ මාතෘකා ගැන හොයන්න මම කැමති නිසා මේ වගේ දේවල් ටච් වෙනවා - හැබැයි මම ඉන්ටරස්ට් නැති මාතෘකා ගැන සාමාන්‍ය දැනීම අඩුයි. ඔබටත් එසේම ඇති
අපූරූ ගැලපීමක්.
ReplyDeleteසහතික ඇත්ත. මාක්ස්වාදය කියන්නෙම ලෙඩක් කියලා ඔය දිග කොමෙන්ට් එකෙන්ම පේනවනෙ. අනික ඉතින් සැබෑ ලෝකයෙත් රටවල් කීයක අපි ඕක දැකලා තියෙනවද. ද්කිමින් තියෙනවද.
ඇත්තෙන්ම අද වෙනිසියුලාව වගේ රටවල වෙන දේවල් වලින් අපට හිතාගන්න පුලුවන්
Deleteමාක්ස්වාදී සම්බන්ධය දන සිටියේ නැත
ReplyDeleteමමත් දැන සිටියේ නැහැ මෑතක් වනතුරුම
Deleteමුලින්ම කල්පනා සඟරාවේ ගියේ ආගමික සීන් එකක් කියල
මේ සිද්ධිය ගැන මම කියවල තිබ්බ විදියට අනුව අපරාධයේ වැඩි වගකීම දාලා තිබ්බේ ආගම පැත්තට. කොහොමත් සිද්ධියක් වුනාම ඒ සිද්ධිය එක එක්කෙනා කියවන්නෙ තමාට කැමති විදියටනෙ. (තව, මේ සමූහ සියදිවිනසා ගැනීමේදී ජිම් ජෝන්ස් කතා කල දේ ගැන හඬපටයකුත් තිබ්බා මට මතක විදියට)
ReplyDeleteජිම් ජෝන්ස් තුල antisocial personality disorder තත්වයක් තිබුනා
ReplyDeleteවෙන්න පුලුවන් - ඔහු කුඩා කළ සිටම මරණය සමඟ ඔබ්සෙස් වි සිටි බව පැවසෙනවා
DeleteShocking as fuck ! Thank you for the great article , sharing this.
ReplyDeleteThanks gaba :)
Deleteනියම ලිපියක්.මේවැනි සමුහ දිවි නසා ගැනීම් ඊට පසුවත් වාර්තා වී තිබෙනවා නේද ?
ReplyDeleteස්තූතියි.
Deleteවිවිධ ආගමික ඇදහීම් කල්ලි නිසා සිදුවූ සමූහ සියදිවිනසා ගැනීම් ඉන් පසුවත් වාර්තා වුනා - උදාහරණයකට 1997 හෙවන්ස් ගේට් නම් සංවිධානයේ සමූහ සියදිවිනසා ගැනීමක් සිදුකළා - 39 දෙනෙක් මරමුවට පත්වුනා
මිනිස්සුන්ට තනි තනිව පිස්සු හැදෙන්න පුළුවන් කියල තේරුම් ගත්තත් සමූහ වශයෙන් පිස්සු හැදෙන්න පුළුවන් කොහොමද කියල මට නං හිතාගන්න බෑ.
ReplyDelete(ලක්ෂාන් බැලුවද හැපනිංස් කියන චිත්‍රපටිය?)
මාස් හිස්ටීරියා කියල සීන් එකක් තියෙනවානෙ රාජ් - අනික් දේ මේ පුද්ගලයන්ව වසර ගණනක් බ්‍රේන් වොෂ් වෙලානේ තිබෙන්නේ - මනස් පාලනය මඟින් - දැන් බලන්න හිට්ලර් ජර්මන් ජනතාවට අමානුෂික දේවල් කරන්න ඒත්තු ගැන්නුවේ -
Deleteඔබ කියන චිත්‍රපටය නරඹා නැහැ - හොයා ගන්න බලන්නම්