Thursday, November 11, 2021

කුරුණෑගල මුල්ම චීන අවන්හල - චයිනීස් කැෆේ

 

මින් දශක 3කට පමණ පෙර , ඉම්පීරියල් සිනමා ශාලාව ඉදිරි පිට එනම් වත්හිමි පාර ආරම්භ වන ස්ථානයේ හා වර්තමානයේ කමර්ෂල් බැංකුවේ ශාඛාවක් තිබෙන ස්ථානයේ පිහිටියේ කුරුණෑගල පැරණිතම චයිනීස් අවන්හලයි. එය ආරම්භ කරන ලද්දේ මාඕ සේතුංගේ පාලනයෙන් පලා ආ චීන ජාතිකයෙක් විසින් බව මා අසා තිබේ. එහෙත් එම තොරතුරුවල සත්‍යසත්‍යතාවය  නම් නොදනිමි. මේ “මහ චීනා“ වරක් දෙවරක් මා දැක තිබේ. 



අප කුඩා කල චයිනීස් කැෆේ ප්‍රසිද්ධව තිබුනේ ඇණවුම ඉදිරිපත් කළ පසු ඒ වෙලේම පිළියෙල කරන උණු උණු චයිනීස් රෝල්ස්,කට්ලට් හා ප්‍රණිත සෝස් සඳහාය. එමෙන්ම ප්‍රනීත නූඩ්ල්ස් සුප් එකද එහි ප්‍රධාන ආහාරයක් විය. එමෙන්ම අද මෙන් උත්සව ශාලා නොතිබුනු ඒ සමයේ මගේ ඥාතියෙකුගේ විවාහ උත්සවය පැවතියේද ඒ අවන්හලේදීමය. මේ හැරුණු විට අද සෑම තැනකම දක්නට ලැබෙන රයිස් ආදිය මෙනුවට ඒම ආරම්භ වූයේ මෙවැනි මුල් චීන අවන්හල් වලින් යැයි විශ්වාස කරමි. කෙසේ වුවත් අද ඊනියා චීන අවන්හල්වල ආහාරවලට වඩා නම් චයිනීස් කැෆේ එකේ කෑම අතිශය රසවත් විය. එමෙන්ම අවන්හල ඉතා පිරිසිදු ව පවත්වා ගෙන යන ලදී. 

කෙසේ වුවත් 1990 දශකයේ මුල් භාගය වන විට චයිනීස් කැෆේ වැසී ගියේය. ඒ අවාසනාවන්ත තත්ත්වයට හේතුවුූයේ අවන්හලේ මුල් හිමිකරුගේ පුත්‍රයා මත්ද්‍රව්‍යවලට අබ්බැහි වී සියලු දේ නැති නාස්ති කරගැනීම බව වැඩිහිටියන් කතා කරනු මා අසා තිබේ. 

17 comments:

  1. (A bit too) short & (very) sweet !

    ReplyDelete
  2. හපෝයි! රස වුනාට හොඳටම කෙටියි. ගූගල් මැප් එකක්, ස්ට්‍රීට් වීව් එකෙන් ගත්ත පොටෝවක්, දෙකක් සහ මතක විදිහට කාපු කෑම, අවන් හලේ පරිසරය වැනීම වගේ දේ වලින් තව ටිකක් දිගට දාන්න තිබුනා.

    කතාවෙ සරාංශය මේ ටික වෙන්නෙ ඇති, ඒත් අපි සරාංශය වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ටිකක් අමුවෙන්ම විවේචනය කලේ, අමනාපෙකට නං නෙමෙයි.🙏👌😊

    ReplyDelete
    Replies
    1. මේ මගේ වයස අවුරදු 7- 10 යුගයේ මතක - දැන් බොහෝ දුරට මතකයෙන් ඉවත් වී අවසන් - මතක ඇති ටික හෝ සටහන් තැබීමකුයි මේ කරන්නේ - සටහන් කෙටි වන්නේ මතකයේ අවුල් නිසා

      Delete
  3. දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි

    මේක තමයි මගෙ මොටෝ සයිකල් එක

    දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි
    දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි
    දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි
    දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි
    දෙමෙල්ලු නරකයි චින්නු හොඳයි

    ReplyDelete
  4. ඉස්සර අපි අනුරාධපුර පැත්තට යනවා නං දවල්ට කෑමට අල්ලන්නෙම ඔතනට. පිරිසිදුයි- රසයි- නිස්කලංක තැනක්!

    ReplyDelete
  5. සිතක සටහන්,
    අපි YMBA එකේ නැවතිල ඉන්න කාලෙ ඔය චයිනීස් හෝටලයත්, පැරමවුට් හෝටලයත් අපේ ෆේවරිට් තැන්. පැරමවුට් හෝටලය අයිති ගමගේ මහතත් චීනහෝටලයේ අයිති චීන මනුස්සයත් එකම වයසේ. ඔය කියන චීන පුතාට කියන්නෙ "සනා" කියල, ඒ කාලෙ පොඩි පොඩි රජයේ කොන්ත්‍රාත් වැඩ කලා. පැරමවුට් එකේ ගමගේ මහත්තයාටත් හිටිය ඒ වයසෙම පුතෙක්. ඒ "නාමල්". ඔයාලගෙ තාත්ත දන්නව ඇති. තෙලියගොන්නෙදි නාමල් ඇක්සිඩනට් එකකින් මැරුනා කියල දැන ගන්න ලැබුනා. එක පාරෙ දෙකෙලවරක හිටපු කුමාරවරු දෙන්නෙක් (ඒ කාලෙ හැටියට) අවාසනාවන්ත විදියට ජීවිත වලින් සමු අරන්.
    මට හිතෙන්නෙ ඔයාලගෙ පියා මගේ වයසෙ වෙන්න ඇති.
    ස්තුතිය, අතීතය ආවර්ජනය දොර ඇරියට
    මීට
    YMBA එකේ හිටිය හාදය

    ReplyDelete
    Replies
    1. YMBA,

      ඔය චීනගේ පුතාගේ නම ෂාන් කියල තමයි මම අහල තියෙන්න් - ෆේවරිට් එකේ නාමල්ව මගේ පියා හඳුනනවා. ඔහුගේ රිය අනතුරත් මට මතකයි. ඒ කාලෙයේ ඔහු වෙනුවෙන් ෆේවරිට් එක මැනේජ් කලේ පියාගේ ළඟම මිතුරෙක්. මගේ පියා මින් අවුරුදු 6 කට පෙර වයස අවුරුදු 65 දී ජීවිතයෙන් සමුගත්තා.
      ඔබේ කොමෙන්ටුවට ස්තූතියි. දැන් ජීවිතයේ හතරවැනි දශකයට පැමිණි ඇති නිසා අතීතයෙ රසවත් දෑ අමතක වීමට පෙර සටහන් තැබීමකුයි මා දැන් කරන්නේ

      Delete
    2. Secularist,
      මගේ අනුමානය හරියට හරි. ඔබගේ පියාත් ජීවතුන් අතර හිටියනම් මගේ වයසෙ (මට 71ක්) නාමල් ලගෙ හෝටලය ෆේවරිට් නෙවි. පැරමවුට්. උසාවියට උඩින් තියෙන පාරෙ දෙකෙලවරේ තමයි චීන හෝටලයත් පැරමවුට් එකත් තිබුනෙ. මම ලන්කාවට ගියහම ඉන්නෙත් කුරුණෑගල නිසා තාමත් ඔය පලාත් සමීපයි.
      ස්තුතියි
      YMBA

      Delete
    3. YMBA

      සමාවෙන්න පැරමවුන්ට් තමයි - මට මතක තිබුනේ ෆෙවරිට් කියන බාබර සාප්පුවෙ නම - උසාවියට උඩින් ගිය පාරෙ තමයි තිබුනේ -

      Delete
  6. බස් නැඅතුමට උඩින් තිබුණු රෙස්ටෝරන්ට් එක මොකක්ද?
    ඒකේ මැද්දේ බිලිං ගහක් තිබුණා. සොඳුරු මතක සටහන් සහිත තැනක්.

    ReplyDelete
    Replies
    1. රසික ඔය බිළිං ගහ මැදි කරපු හෝටලේ තමයි පැරමවුන්ට් එක. ඇත්තටම ඒක පිරිසිදු කඩයක්. සාමාන්‍ය හෝටල් වල නොතිබුනු පාරිභෝගික සේවාවක් මෙන්ම රසවත් ආහාර එහි තිබුනා. ඒ සමගම දැම්මා කඩයක් සීකෝ ඉන් කියලත්. කුරුණෑගල මට නං හොඳටම මතක ජේ. ජේ. ගොන්සාල් එක! කුරුණෑගල බස්ටෑන්ඩ් එකෙන් දඹුල්ල පැත්තට කන්ද ගන්නවත් එක්කම වම් අත පැත්තේ තිවුනේ.

      Delete
    2. Thattayagekolama,
      කුරුණෑගල ගැන හොඳට දන්න කෙනෙක් වගේ. ඔව් බිලින් ගස් දෙක තිබුනෙ පැරමවුට් හෝටලයෙ තමයි.
      ගොන්සාල් (වයින් ස්ටෝස්) එක ලගින් හවසට යනකොට "හවුලක්" "හවුලක්" කියල ඇහෙන හඩ මතකද. කාලකට
      සල්ලි තියාගෙන සහකාරයෙක් හොයන සද්දෙ තමයි ඒ. (ඒ කාලෙ ගොන්සාල් එකේ බාගෙ කඩල දෙනව)
      YMBA හිටිය හාදය

      Delete
  7. චයිනිස් කෑම වගේම ඉක්මන්

    ReplyDelete
  8. කෙටි නමුත් රසවත්. මෙහෙම හරි ලියන එකයි වටින්නෙ. ඔහොම යං.🙏👌😊

    ReplyDelete
  9. කිව්වත් වගේ කෙටී නමුත් රසවත්

    ReplyDelete