ජනාධිපතිතුමාට ඕනෑම ජාතික වැදගත්කමක් ඇති කරුණක්
ගැන ජනමතවිචාරණයක් පැවත්වීම ගැන දැක්වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ
XIII වැනි පරිච්ඡේදයේ 86 වැනි ව්‍යවස්ථාව යටතේයි.
එනම් -
The President may, subject to the
provisions of Article 85, submit to the People by Referendum any matter
which in the opinion of the President is of national
importance.
මෙතැන වැදගත් කරුණ නම් ජනමතවිචාරනය පැවැත්විය
යුත්තේ 85 වැනි ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව බවයි. දැන් 85 වැනි ව්‍යවස්ථාවේ
සඳහන් වන්නේ කුමක්දැයි බලමු - එය වගන්ති 2 කින් යුතුය (එක් වගන්තියක් 19 වැනි
සංශෝධනයෙන් ඉවත් කර ඇත)
85. (1) The President shall
submit to the People by Referendum every Bill or any provision
in any Bill which the
Cabinet of Ministers has certified as being intended to be
submitted to the People by Referendum, or which the Supreme Court
has determined as requiring the approval of the People
at a Referendum if the number of votes cast
in favour of such Bill
amounts to not less than two-thirds of the whole number of Members (including those not present).
(3) Any Bill or any provision in any
Bill submitted to the People by Referendum shall be deemed to
be approved by the People if approved by an absolute
majority of the valid votes cast at such Referendum : Provided that when the total number of
valid votes cast does not exceed two-thirds of the whole number of electors entered in the register of electors, such Bill
shall be deemed to be approved only if approved by not less than
one-third of the whole number of such electors.
මෙහි 85(1) සඳහන් වන්නේ කුමක්ද? ජනාධිපතිවරයාට
අනුව ජාතික වැදගත්කමක් ඇති යෝජනාවක් වුවද එය ජනමතවිචාරණයක් සඳහා ඉදිරිපත් කිරීමට පෙර
අමාත්‍ය මණ්ඩලයේ
අනුමැතිය ලැබුනු පසුවද පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරුන්ගේ (නොපැමිණි අයද සමඟ)
2/3 ක බහුතරයක් ලබා ගත් යුතුය
අනිත් වචනවලින් කිවහොත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේනට ජනමතවිචාරණයක් වෙත යාමේ හැකියාවක් නොමැත
No comments:
Post a Comment