මීට අවුරුදු 2කට විතර කලින් මම කියවපු නවකතාවක් යළි මතකයට ආවේ අපේ හිතමිතුරු කොකාගේ බුකි ස්ටේටසයක් නිසා - ඒ පොත තමයි ෂෙහාන් කරුණාතිලක ලියපු Chinaman: The Legend of Pradeep Maththew .
නවකතාවේ පිටු කිහිපයක් කියවාගෙන යන විට එහි ප්‍රධාන චරිතය වන ඩබ්ලිව්.ජී කරුණාසේනගේ මුවඟට ෂෙහාන් මෙහෙම "සේල්ස් පිච්" එකක් නගනවා.
"ඔබ කවදාවත් ක්‍රිකට් තරඟයක් නරඹා නැතිනම්, බැලුවත් එය ඔබව නිදිකරවනවා නම්, මේ කම්මැලි ක්‍රීඩාව ගැන වදවීම කෙසේවෙතත් නැරඹීමටව තරම්වත් යමෙක් සැලකීමක් දක්වන්නේ මන්ද යැයි ඔබට සිතේ නම් මේ පොත ඔබ සඳහාය"
ඉහත ඡේදයෙන් කියැවෙන ආකාරයේ චරිතයක් තමයි මමත් - ලංකාව තේරුණු එක් දින අර්ධ අවසාන තරගයක් හැරුණු කොට සාමාන්‍යයෙන් මම ක්‍රිකට් බලන්නේ නැති තරම් - ඊට වඩා ත්‍රිලර් ෆිල්ම් එකක් බලන්න මම කැමතියි. ඒ වුනත් ක්‍රිකට් බෝරිං වුනු මට මේ පොත ඉවරවෙනකල් බිමින් තියන්න හිත් දුන්නේම නැහැ. කතාව එක දිගට ගලා යන ස්වරූපයක් නෑ - වර්තමාන කතාව එක් හුයක ගලා යද්දී තවත් විවිධ ආකාරවලින් සිහිවිම් (Flashbacks) මඟින් වර්තමාන සිදුවීම් වඩාත් පැහැදිලි කරනවා. මට පොත කියවද්දී සිහිවුනේ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක ශෛලිය.
මේ කතාවේ ප්‍රධානම චරිතය හා පළමු භාගයේ කතාව කියන්නේ දැඩිව මත් පැනට අබ්බැහිවූ මැදි වියේ පසුවන පළපුරුදු ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන ඩබ්ලිව් ජී කරුණාසේන. කොළඹට ආසන්නව ජීවත් වන ඔහු අධික බීමත්කම නිසා සිරෝසිස් රෝගයට කෙමෙන් ළං වෙමින් සිටිනවා. ඔහුගේ නිවසේ ඇත්තේ එතරම් හොඳ තත්ත්වයක් නොවේ - සිය පුතු වන ගාෆීල්ඩ් සමඟ සබඳතාවද බිඳ වැටෙමින් පවතිනවා - මේ පිය පුතු සබඳතාව නවකතාවේ වැදගත් තැනක් ගන්නවා - නවකතාවේ දෙවන භාගය විස්තර කරන්නේ ගාෆීල්ඩ්.
අඳුරු ජීවිතයක් ගත කරන කරුණාසේනට, ප්‍රදීප් මැතිව් නම් දෙමළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ගැන හොයා බලන්නට සිදුවන්නේ අහම්බයකින්, එහෙත් ඊට පෙර සිටම කරුණාසේනගේ මතය වන්නේ ප්‍රදීප් යනු ලෝකයේ දක්ෂතම පන්දු යවන්නා බවයි - ඔහුගේ ප්‍රධානම පන්දු විශේෂය චයිනාමන් යනුවෙන් හැඳින්වෙනවා.
කොහොම හරි මේ ප්‍රදීප් මැතිව් සෙවීමේ උත්සාහය කරුණාසේනව ලංකා ක්‍රිකට් ඉතිහාසය සෙවීමට පොළඹවනවා . කතාවේ හැටියට ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ ගැනත් ඒවා සහ වෙනත් වාර්ගික හේතූන් මත හා තමන්ගේම වැරදි නිසාත් ප්‍රදීප් හට 1994 න් පසු රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ නැහැ - ඔහු ගැන වාර්තා පවා ඉවත් වෙනවා. ඉන්පසු ඔහුත් අතුරුදහන් වෙනවා. එසේ වීමට හේතූන් මොනවාද ? ඔහු දැන් සිටින්නේ කොහේද ? යන්න තමා කරුණාසේන සොයා බලන්නේ.
ෂෙහාන් බොහෝවිට සැබෑ චරිත පසුබිම් කරගන්නවා - උදාහරණයකට දූෂිත ක්‍රිකට් මණ්ඩල සභාපතිගේ නම පසුගිය කාලෙයේ නමගිය සැබෑ ක්‍රිකට් සභාපතිවරු දෙදෙනෙකුගේ සංකලනයක් - ඔහුගේ හැසිරීමත් එසේමයි. එමෙන්ම ෂෙහාන් ඇතැම් අවස්ථාවල විශ්වාසය තැබිය නොහැකි විස්තර කථකයා (unreliable narrator) වැනි උපක්‍රම භාවිතා කරනවා - එම නිසා ඇතැම් සිදුවීම්වල සැබෑම ස්වරූපය අපි දැනගන්නේ කරුණාසේනට වඩා ඔහුගේ පුතාගේ විස්තරයෙන්. මේ නිසාම නවකතාවට තාත්වික බවකුත් ලැබෙනවා.
පාඨකයා ඇඳ බැඳ තබන මනරම් බස්වහරකින් රචිත, එමෙන්ම සංකීර්ණ කතාවක් අඩංගු , මනා චරිත විශ්ලේෂණයක් සහිත මේ නවකතාව අන්තර්ජාතික මට්ටමේ "සිරාම" පොතක් බව මගේ හැඟීමයි. කියවාගෙන යෑමේදී සිංහලට නැගීම අසීරු ලෙස පෙනුනත් මෑතකදී දිලීප අබේසේකර මහතා මෙය සාර්ථකව සිංහලට පරිවර්තනය කළ බව විවිධ විචාරකයන් පවසනු මා දුටුවා.