Tuesday, October 13, 2015

ජේම්ස් බල්ගර් පොඩිත්තාගේ කතාව

සේයා දැරිය ගැන රට කම්පාවට පත්ව ඇති මොහොතක මීට වසර 22 කට එංගලන්තයේ සිදුවූ බිහිසුණු මිනීමැරුමක් මතකයට නැගේ - ඝාතනයට ලක්වුයේ අවුරුදු 3ක පොඩිත්තෙකි 


එහෙත් ඝාතකයෝ වැඩිහිටියන් නොවේ  - අවුරුදු 10ක ළමුන් දෙදෙනෙකි 


තම මවත් සමඟ වෙළඳ සැලකට පැමිණෙන ජේම්ස් මව මිලදී ගැනීම් කරන තෙක් අවට දුව පැන ඇවිදියි . 

මේ අතර තමන් හට ගොදුරක් ලැබෙන තෙක් බලා සිටින කුඩා "දඩයක්කරුවන්" දෙදෙනා වහාම ක්‍රියාත්මක වී ජේම්ස් පොඩිත්තාව අතින් අල්වාගෙන වෙළඳසැලෙන් ඉවතට ගෙන යති 

ඔවුන්ගේ "ක්‍රීඩාව" අවසන් වන්නේ ජේම්ස් පොඩිත්තාව දස වදදී මරා දැමීමෙනි 

සී සි ටී වී කැමරාවලට පින්සිදුවන්නට මිනීමැරුම සිදු කෙරූ දස හැවිරිදි ළමුන් දෙදෙනා අත්අඩංගුවට ගත හැකි වුවද ඔවුන් එම අමානුශික ක්‍රියාවට යොමුවූ හේතූන් මොනවාද යන්න අදටත් විවාදාත්මකය 

4 comments:

  1. මේ සිදුවීම වුනේ වසර 22 කට කලින්???
    මට මතක ඊට පස්සේ වගෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි
      ඔව් ඒ දරුවා මරා දමන ලද්දේ 1993 දී - මට ඔය සිද්ධිය ගොඩක් මතක එවකට බන්දුල පද්මකුමාරගේ සමුදුර පුවත්පත එය වාර්තා කළ නිසා

      Delete
  2. මට මතක හැටියට 1995 ට පසු.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, මට මතක මා 1995 ට පසු නැරඹූ ඩොකියුමන්ට්‍රියක් විය යුතුයි. එය නැරඹු තැණ ගැණ මතකය නිසායි 1995 ට පසු කියා කීවේ.

      Delete