පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත “රන් කරඩුව“ කෘතියට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වුනා. ඒ සමගම මේ ගැන විවිධ විචාර ද පළවු බව අප දුටුවා. මේ අතරින් ඇතැමුන් සඳහන් කළේ මේ නවකතාව ඉන්ද්‍රජාලික යථාර්තය ගොනු කරගත් යුරෝපීය හා දකුණු ඇමරිකානු ලේඛකයන්ගේ කෘතිවල බාල අනුකරණයක් බවයි. තවත් බොහෝ දෙනෙක් කෘතියට ප්‍රශංසා කර තිබුනා. සාමාන්‍යෙයන් ඉන්ද්‍රජාලික යථාර්තය රැගත් කතා අප්‍රිය කරන මීට කලින් කිසිම දිනක එවැනි පොත් කියවා නොමැති මම එක දිනක් තුළ මේ පොත කියවා අවසන් කළා. කතාව ඒ තරම්ම රසවත්.
හුදු ඉන්ද්‍රජාල යථාර්තය රීතියට බර නවකතාවකට වඩා මෙය අල්පෝක්තික (allegorical ) කතාවක් බව මගේ හැඟිීමයි. මේ සඳහා උදාහරණයකට 17වැනි සියවසේ ජෝන් බන්යන් නම් පියුරිටන් රචකයා ලියූ පිල්ග්‍රිම්ස් ප්‍රෝගස් නම් කෘතිය මතක් කරන්න පුලුවන්. එහි කිතුණුවෙකු විවිධ පරීක්ෂා ආදියට මුහුණ දෙමින් ස්වර්ගයේ සාදාකාලික ජීවනය සදහා යන ගමන ක්‍රිස්තියන් නම් වන්දනාකාරයෙක්ගේ ගමනක් ලෙස ව්‍යාංගයෙන් විස්තර කරනවා. එලෙසින්ම මේ රන් කරඩුව නවකතාවෙත් විස්තර වන්නේ තමන් අනුගමනය ධර්මය (බුදු දහම) මගින්වත් තම අතීතයේ සිදුවීම් නිසා තම සිත තුළ ඇතිවී ඇති ව්‍යාකූල ස්වභාවය සමනය කරගත නොහැකි භික්ෂූවක් දඹදිව වන්දනාවේ යන ගමනක් තුළින් ව්‍යාංගයෙන් බුදු දහම තුළ සත්‍ය සොයා යෑමේ ප්‍රයත්නයක්.
මේ නවකතාවේ කතා නායකයා “එකෝමත් එක රටක“ සිටින බෞද්ධ භික්ෂූවක් - හැබැයි කතාව ගලායාමේදී ඔහු ලාංකිකයෙක් බව හැඟෙනවා. මේ භික්ෂුව (දඹදිව) වන්දනා ගමනක යෙදෙනවා. ගමනේදි භික්ෂූවගේ ගමන් පහසුව සලසන්නේ ගුප්ත ස්වභාවයක් ගන්නා ගුප්ත නම් ඉන්දියානු කරත්තකරුවෙක්. නවකතාවේ ප්‍රධාන තේමාව වන රන් කරඩුව භික්ෂුව අතට පත්වන්නේ කොන්ඩඥ්ඤ රහතන්වහන්සේ අතිනි.

මේ රන් කරඩුවෙන් අදහස් වන්නේ කුමක් ද ? මට හැගෙන ආකාරයට රන් කරඩුව යනු වර්තමානයේ අප දකින බුද්ධ ධර්මයයි. එහි ඇතුළත කරඩුවේ ඇති රන්පත් සිද්ධාර්ථ ගෞතමයන් මුලින්ම දේශනා කළ පිරිසිදු බුදු දහමයි. සිදුහත් තවුසා විවිධ තමන් ගෙන තණ මිටියත් පස්වග තවුසන්ගේ තණ මිටිත් මිශ්‍ර කරනවා - ඒ අතරම වියලුනු තණපත් ඉවත් කරනවා - මම හිතන්නේ මින් අදහස් වන්නේ මුල් බුදු දහමට සිද්ධාර්ථ ගෞතමයන් වගේම පස්වග තවුසන්ගේ අදහසුත් එකතු වුනා - ඒ අතරම අර බුදුගොස් සෑය අසල භික්ෂූන් පිරිසක් සිදුහත් තවුසා ඉවත දැමූ තණපත් මත හිඳගෙන අටුවා පුච්චා ඒවා නළේල් ගාගනිමින් බමුණන් පාමුල වැඩ සිටීම තුළින් පෙන්නුම් කරන්නේ පසුකාලීන බුද්ධ ධර්මයට අර සිදුහත් තවුසා ඉවත් කළ බමුනු මතද එකතු වුනා කියන එක වෙන්න පුළුවන්.
ඊළඟට මේ නවකතාව තුළ විවාදාත්මක තර්කයක් ගෙන එනවා - මම හිතන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ බව තරණයටත් වඩා විවාදාත්මක තර්කයක් - දේවදත්ත ගේ මිතුරු අජාසත්ත රජුගේ අනුග්‍රහයෙන් සිදුවන පළමු ධර්ම සංගායනාව අපේ කතා නායක භික්ෂූවට පෙනෙනවා - නමුත් එයට සහභාගි වීමට යන විට ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමි පවා එම ධර්ම සංගායනාවට සහභාගි වී නැති බව දකිනවා . ධර්ම භාණ්ඩාගාරික පවා සහභාගි නොවූ ධර්ම සංගායනාව බුදුන්ගේ මූලික ධර්මයට "කැටයම්" එකතු කිරීමක් හෝ වෙනස් කිරීමක් කළ බව මේ සිදුවීමෙන් ව්‍යාංගයෙන් පවසන්නේ ? ඊළඟට මේ පළමු ධර්ම සංගායනාවට නොයන ලෙස අපේ කතානායක භික්ෂූවට උපදෙස් දෙන පූරණ භික්ෂූව තමයි කතාවේ අවසානයේදී එම භික්ෂුවටත් නර්මදා මෙහෙණින්වහන්සේටත් සංසාර සයුරෙන් එතෙර වීමට මාර්ගය පෙන්වා දෙන්නේ ( එනම් කතාවේ හැටියට ගඟ තරණය කරන ඔරුව පදවන්නේ)
එසේ නම් සසරින් එතෙර වීමට මාර්ගය පෙන්වන සැබෑ බුදු දහම පළමු ධර්ම සංගායනාවෙන් පසු කෙමෙන් වෙනස් වූ බවක් මින් අදහස් කෙරේද ?
කතානායක භීක්ෂූව මහණ වීමට පොළඹවන්නේ ඔහු කුඩා කල මුහුණ දෙන කණගාටුදායක අත්දැකීමක් - නමුත් මහණ වූ පසුවත් ඒ අත්දැකීමේ බලපෑමෙන් මිදෙන්න ඔහුට හැකිවන්නේ නෑ - ඔහුගේ ජීවිතයම අවුල් වන්නේ එම අත්දැකීම ඔහුට විටින් විට සිහිවීම නිසා - ඒ නිසා ඇතිවන අතෘප්තිකර බව නිසා. - ගුප්ත කරත්තකරුවා තම බිරින්දන් අන් පුරුෂයන් ලබා සිය ආශාවන් සංසිඳවා ගන්නා අයුරු උදාසීනව බලනවා - එයට හේතුව තෘප්තිමත් බව ලැබීමත් සමඟ බැඳීම්වලින් ආශාවන් වලින් ඔහු නිදහස් බවක් ලැබීම බව හැඟවෙනවා - සිදුහත් කුමරාද තම ආශාවන් තෘප්ත කොට නිමා කරගත් පසු ජීවිතයේ විඳිම පිළිබඳ සත්‍ය දැකීම තුළින් බැඳීම් නැතිකරගැනීම කෙරෙහි යොමු වූ බවත් නවකතාව තුළින් හඟවනවා. රාහුල කුමාරයා පිළිබඳ උදාහරණය තුළින් තම පියා දැකීමේ අසීමිත ආසාවෙන් පෙලුනු ඒ පොඩිත්තා බුදුන් දැකීමත් සමඟ තෘප්තිමත් වීම නිසා රහත් ව බැඳීම්වලින් නිදහස් වීමට මාර්ගය පෑදුනු බවත් කියවෙනවා. එම නිසා කතානායක භික්ෂූවද තම දිවියේ අතෘප්තිකර බවට හේතුවූ දෙයට අවසානයේ මුහුණ දෙනවා - එම නිසා මහණ වීමට ප්‍රථම ජීවිතයේ ඇති අතෘප්තිකර සවභාවයන් තෘප්තියෙන් නිමා විය යුතු බවත් එවිට සාර්ථකව මහණ දම් පුරා බැඳීම්වලින් නිදහස් විය හැකි බවත් කතාව තුළින් කියවෙනවා.
මේ හේතූන් නිසා මගේ කියවීම අනුව මෑත කාලීනව පළවූ ඉතාම විවාදාත්මක මෙන්ම සිතීමට බල කෙරෙන ප්‍රබල නවකතාවක් ලෙස "රන් කරඩුව" හැඳින්විය හැකියි.

No comments:
Post a Comment