Tuesday, October 13, 2015

කන්පූර් සංහාරය







වර්ෂය 1857 –

නැගෙනහිර ඉන්දියානු සමාගම මඟින් පාලනය වූ ඉන්දියාවේ ප්‍රදේශ රැසක බ්‍රිතාන්‍ය පුහුණුව ලැබූ ස්වදේශීය හමුදා භටයන් නොහොත් සිපෝයි වරු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගසති

කැරැල්ල පවතින කන්පූර් ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය හමුදා ඛණ්ඩයක් ,ඔවුන්ගේ බිරින්දෑවරු හා කුඩා දරුවන් සති ගණනක් කැරලිකරුවන් විසින් වටලනු ලදුව කොටුවී සිටිති .

තවදුරටත් රැඳිය නොහැකි තැන අසල ගංගාව ඔස්සේ බෝට්ටු මඟින් පලා යාමට තැත්කරන බ්‍රිතාන්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල අය කැරලිකරුවන් විසින් ඝාතනය කෙරේ . ඝාතනයෙන් පසු ඉතිරිවන ළමුන් හා කාන්තාවන් 150 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස කන්පූර් කොටුව තුළ පිහිටි බිග්භර් නම් නිවස්නයේ රඳවනු ලැබේ

නිවස්නයේ පාලිකාව වන්නේ කන්පූර් කැරලිකරුවන්ගේ නායකයා වන නානා රාඕගේ  අනියම් බිරිඳයි. නිවාසයේ සනීපාරක්ෂාව නැතිකම, අධික තදබදය නිසා කාන්තාවන් හා ළමුන් කිහිප දෙ‍නෙක් මිය යති.

මේ අතර බ්‍රිතාන්‍ය හමුදාව කැරලිකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කෙමෙන් කන්පූර් කොටුව වෙත ළඟා වෙති. ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා මරා දමන ලෙස නානා රාඕ නියෝග කරයි - සිපෝය් භටයෝ නියෝගය ප්‍රතික්ෂේප කරති. 

කෝපයට පත්වන නානා රාඕගේ  අනියම් බිරිඳ නගරයෙන් මස් කඩකාරයන් ගෙන්වා ඔවුන් ලවා මස් කපන පිහි යොදා ගෙන සියලුම කාන්තාවන් හා ළමුන් අමානුශික ලෙස මරා දමයි .

මෙම තිරිසන් ක්‍රියාවෙන් පසු ද ළමුන් දෙදෙනෙක් හා කාන්තාවක් ඉතිරි වුවද ඔවුන්වද මරා සියලු මළ සිරුරු හා කැබලි නිවසෙන් පිට තිබෙන වියලුනු ළිඳකට දමනු ලැබේ. නිවස්නය රුධියෙන් තෙමී යයි .


අද මේ කන්පූර් සංහාරය සිදුවූ නිවස අසල ප්‍රදේශය උද්‍යානයකි - එය නම් කර ඇත්තේ මේ අමානුශික ඝාතනයන් සිදු කෙරූ නානා රාඕගේ නමින් Nana Rao Park නමිනි. 

5 comments:

  1. එහෙනම්, ඝාතකයින් ගේ නමින් විවිධ ස්ථාන ගොඩනැගිලි නම් කිරීම ලංකාවට බෝ වී ඇත්තේ ඉන්දියාවෙනුයි!

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි

      ඇත්තෙන්ම කැරැල්ල මර්ධනය කිරීමේදී බ්‍රිතාන්‍ය හමුදාවනුත් කෲර ක්‍රියාවන් කළ බව කියවෙනවා - ඒකත් බලපාන්න ඇති මේ නම් කිරිමට

      Delete
  2. මේ බ්ලොගයේ මුල් ලිපියට මා ප්‍රතිචාරයක් යෙදා තියෙනවා, නමුත් ඉන් පසු මග හැරිලා!

    ReplyDelete
    Replies
    1. ආයිත් නම් මඟහැර ගන්න එපා :) ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  3. ගොඩක් ස්තුතිය මේවාගේ ලිපි ඉදිරිපත් කරාට

    ReplyDelete