Friday, September 6, 2019

රොබට් මුගා‍බේ හා ඉයන් ස්මිත්



රොබට් මුගාබේ මියගොස් ඇතැයි යන ආරංචිය බොහෝ සිම්බාබ්වේ වැසියන්ට අස්වැසිල්ලක් වනු ඇත. 1965 ඒකපාර්ශ්වියකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශ කරමින් රොඩේෂියා ජනරජය ප්‍රකාශයට පත් කළ ඉයන් ඩග්ලස් ස්මිත් තරම්වත් රොබට් මුගාබේ යහපත් පාලකයෙක් නොවීය. සුදු වර්ගවාදියෙකු වූ ඉයන් ස්මිත් යට‍තේ කළු ජනතාව සිටියාට වඩා රොබට් මුගාබේ යටතේ දුක්විඳිමට ලැබිනි. 1980 දශකයේ මුල් භාගයේ තමාට විරුද්ධව කැරලි ගැසූ සිට සටන් සගයා වූ  ජෝෂුවා න්කෝමෝගේ මතබෙලේ ජනතාව උතුරු කොරියාවේ පුහුණුව ලැබූ සිය සේනාංක යොදවා වාර්ගික සංහාරයකට ලක් කළේ මුගාබේය. වර්ගවාදී ඉයන් ස්මිත් කිසි දිනක එවැනි මනුෂ්‍යත්වයට එරෙහි ක්‍රියාවල නියුතු වූ‍‍යේ නැත. මුගාබේ ඩොලර් මිලියන ගණනින් මහජන ධනය සොරකම් කොට තමා වටා සිටි ස‍සෙු ZANU පක්ෂයේ හොරුන්ටද හොරකම් කිරීමට ඉඩදී 1930 දශකයේ ජර්මනිය මෙන් ආර්ථික නාරවළකට සිම්බාබ්වේ රට තල්ලු කළේය. අදත් ඉන් ගොඩ ඊමට එරට අසමත් ව ඇත. එහෙත් ඉයන් ස්මිත් යුද්ධයෙන් පසු සිය ගොවිපළට ගොස් සුපුරුදු අබලන් ජීප්රියෙන්ම ගමන් බිමන් ගියේය. රාජ්‍ය පාලන සමයේ මහජන මුදල් සොරකම් නොකළේය.  2000 වස‍රේදී තමන් අත්අඩංගුවට ගන්නා බවට මුගාබේ ගේ තර්ජන ගර්ජන තුට්ටුවකට මායිම් නොකරමින් නැවත සිම්බාබ්වේ රටට පැමිණියේය. ඉයන් ස්මිත් දැඩි ආර්ථික සම්බාධක හමුවේ ස්වයංපෝෂි ආර්ථිකයක්  අසීරුවෙන් ගොඩනැංවීය. මුගා‍බේ ආර්ථිකය විනාශ කොට සුර සැප වින්දේය - ඉතින් දුක ඕකා ඔතරම් කල් ආයුෂ වින්ද එක ගැනය 

4 comments:

  1. මේක ඇත්තට ම මෙහෙමද? මුගාබේ අධිරාජ්යවාදී පාලනයකට විරුද්ධව සටන් කලේ නැත්ද/

    ReplyDelete
    Replies
    1. අපොයි කලා.
      හැබැයි ඊට පස්සෙ යටත්විජිත හා වර්ණබේදවාදී ඉතිහාසය ගැන සිම්බාබ්වේ වැසියන්ගේ තිබුන නොකැමැත්ත උපරිමයෙන් දශකගානක් තිස්සෙ පාවිච්චිකරලා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ බිල්ලෙක් පෙන්නල විරුද්ධවාදීන් මර්ධනය කරල , ආර්ථිකය විනාශකරල අධිරාජ්‍යවාදීන්ට වඩා දරුණු ඒකාධිපති පාලනයක් ගෙනගියා

      Delete
    2. මුගාබේ සටන් කළේ අධිරාජ්‍යවාදින්ට එරෙහිව නෙවේ සුදු වර්ගවාදි රජයකට විරුද්ධව - එතනදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් හිටියේ මුගාබේ ගේ පැත්තේ - ඔවුන් රොඩේෂියාවට එරෙහි සම්බාධක පැනවුවා ඉයන් ස්මිත් ඒකපාර්ශ්විකව නිදහස ප්‍රකාශ කළ නිසා

      Delete
  2. Hard Rock Hotel & Casino Baltimore, MD - MapyRO
    Find all 광주광역 출장마사지 information and best deals 전라북도 출장안마 of Hard Rock Hotel & Casino Baltimore, MD in Montgomery, MD. 천안 출장샵 Hard 포천 출장안마 Rock Hotel & 보령 출장샵 Casino Baltimore (500 E Flamingo Rd).

    ReplyDelete