1991 දී පමණ අපේ පාසලට අල්ලපු වත්තේ ඇති පාසලේ එම වසරේ මහපොළ සැනකෙළිය පවත්වන ලදී. ඒ වන විට පහේ ශිෂ්‍යත්ව විභාගයටවත් වාඩිඩී නොසිටි මම දැඩිව පොත් කියවීමට ඇබ්බැහිව සිටියෙමි. රොබින් හුඩ්, ග්‍රිම් කතාවලින් පටන්ගෙන සීයාගේ පොත් අල්මාරියේ තිබූ පැරණි ඉතිහාස පොත් දක්වා අසුවන හැමෙකක්ම කැවිලි කමින් කියවීම එකල මගේ විනෝදාංශයක් වීම. ඉදින් මේ මහපොළ සැනෙකෙලියට ගිය මගේත් මා කැටුව ගිය මා වැනිම පොත් කාවෙක් වූ මගේ පියාගේත් ප්‍රධාන බලාපොරොත්තුවක් වූයේ හොඳ පොත් ටිකක් මිලදී ගැනීමය. මගේ පියා හඳුනන අයෙකුගේ දියණියක විසින් අලුතින්ම ආරම්භ කරන ලද කුඩා පොත්හලකට (අද එය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක විහිදුනු දැවැන්ත පොත් සමාගමකි) ගොඩවැදුනු විට මගේ නෙත ගැටුනේ මා හට අහම්බෙන් ලැබුනු විදුසර කලාපයක මුල් වරට දුටු එස් එම් බන්දුසීලයන් විසින් 2001 අභ්‍යවකාශ වීර චාරිකාව ලෙස සිංහලට නගන ලද ආතර් සී ක්ලාක්ගේ 2001 Space Odyssey පොතයි. එහි පිට කවරයේ අඩංගු විස්තරය කියවූ මම කුතුහලයට පත්වීමි. එම නිසාම ඒ වන විට පාසලේ විද්‍යා විෂය හැදෑරීමටවත් පටන් ගෙන නොතිබුනත් කුතුහලය නිසාම එම පොත පියාට කියා මිලදී ගතිමි.
වහ වහා කියවීමට ගත්තත් මගේ මඳ දැනුම නිසා සම්පූර්ණයෙන් වටහා ගැනීම නම් අපහසු විය. එමෙන්ම පොතේ මුල් පිටු කිහිපයෙන්ම මගේ ආගමික විශ්වාස වලටද සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වි තිබීම මගේ සිත් වේදනාවටද හේතුවිය. 2001 සම්පූර්ණයෙන් වටහා ගැනීමට මා හට වසර කිහිපයක්ම ගතවීය. මගේ විශ්වාසයන් උඩු යටිකුරු කළත් විද්‍යා ප්‍රබන්ධ ලෝකයට මා හඳුන්වා දුන්නේ ඒ නවකතාවයි.
පොතට පදනම් වූ චිත්‍රපටය මා මුල්වරට දුටුවේ අපේ පාසලේ 1995 දී පමණ පැවති විද්‍යා ප්‍රදර්ශනයකදී විය යුතුය. බාල වී එච් එස් පිටපතක් ඔස්සේ විකාශය වූ එය කිසිසේත් මගේ සිත් ගැනීමට අසමත් විය. ඉන්පසු 2006 දී පමණ නැවතත් වරක් ඩී වී ඩී පිටපතක් ඔස්සේ නැරඹුවත් අතිශයින්ම නීරස වීම නිසා බැලීම අත් හැර දැමීමි. මේ අතර කාලයේදී 2001 චිත්‍රපටය ගැන ලිපියක් කියවීමට ලැබිනි. චිත්‍රපටය නැවතත් වරක් ඉවසීමෙන් නැරඹීමට පෙළඹවූයේ එම ලිපියයි. එවර නම් චිත්‍රපටය නිසි පරිදි රස විඳීමට මට හැකි විය. ස්ට්‍රවූස්ගේ Thus Spake Zarathustra සංගීත ඛණ්ඩයෙන් ඇරඹී සඳ දකින්නා අද්භූත පාෂානයේ බලපෑමෙන් ආයුධ භාවිතයට ඉගෙන ගැනීම මඟින් මානව පරිණාමය නව දිශාවකට යොමු කළ තැනේ සිට ඩේවිඩ් බෝමන් තාරකා දරුවෙක් ලෙස යළි උපත ලබන අවස්ථාව දක්වා සමවැදී නැරඹූවෙමි. එය සිනමා ඉතිහාසයේ දැඩි අවධානයකට ලක්වූ චිත්‍රපටයක් වන්නේ මන්ද යන්න එවිට පැහැදිලි වේ.
න්‍යෂ්ඨික යුද්ධය පිළිබඳ විශිෂ්ඨ පැරඩියක්වූ ඩොක්ට ස්ට්‍රේන්ජ්ලව් නිපදවීමෙන් පසු මිනිසා හා විශ්වය සමඟ සබඳතාව ගැන චිත්‍රපටයක් නිපදවීමට ස්ටැන්ලි කුබ්රික් හට අවශ්‍ය විය. මේ ගැන කොළොම්බියා සමාගමේ විධායකයන් හට දැන්වූ විට "ගහක් උඩ ඉන්න හුදෙකලා පිස්සෙක් " වැනි අයෙක් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගැන කුබ්රික් හට අසන්නට ලැබිනි. මේ පිස්සා ලෙස හැඳින්වූයේ එවකට ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණි ආතර් සී ක්ලාක් පිළිබඳවයි. නිව්යෝක් නුවරදී 1964 දී ක්ලාක් හමුවූ කුබ්රික් ඔහුගේ කෙටිකතා දෙකක් ඇසුරින් (Sentinel, Dawn of Man) 2001 චිත්‍රපටය සඳහා මූලික තිර රචනය සම්පාදනය කළේය. 2001 නවකතාව හා චිත්‍රපටය සමාන්තර ව ගොඩනැගුනත් මේ දෙක අතර යම් යම් වෙනස්කම්ද විය. උදාහරණයකට ටයිකෝ චුම්බක අනියමයේ කාර්යභාරය ගැන නවකතාව විශේෂිතව දක්වතත් චිත්‍රපටය මඟින් එය ප්‍රේක්ෂකයාගේ අර්ථ නිරූපණයට බාර කොට ඇත.
මිනිසා හඳ මත පා තැබීමටත් පෙර අභ්‍යවකාශ පරම්පාරවක් ගැන අපේක්ෂාවෙන් නිර්මාණය කරන ලද 2001 චිත්‍රපටය ස්ටැන්ලි කුබ්රික්ගේ විශිෂ්ඨ පරිකල්පන හැකියාව පිළිබඳ හොඳම උදාහරණයක්.අද අප එදිනෙදා භාවිතා කරන ටැබ් වැනි උපාංග අවුරුදු 40කටත් වඩා ඉහතදී කුබ්රික්ගේ පරිකල්පනයට හසුවූ අයුරු විස්මය ජනකය. පසුකාලීන හොලිවුඩ් සිනමාකරුවන් වූ ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් හට මෙන්ම මෑතකදී ඉන්ටස්ටෙලර් චිත්‍රපටය නිර්මාණය කළ ක්‍රිස්ටෝපර් නෝලන් හටද 2001 ආභාෂයක් විය. ස්පීල්බර්ග් වරක් පැවසූවේ "අපේ පරම්පරාවේ මහා පිපිරුම මේ චිත්‍රපටය" බවයි. අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වඩාත් යථාර්තවාදී චිත්‍රපට නිර්මාණය කිරීමටද 2001 විශාල බලපෑමක් සිදු කළේය.

ක්ලාක් හා කුබ්රික් |
ටැබ් නිර්මාණයට වසර 40කට පෙර කුබ්රික්ගේ පරිකල්පනය |
මිනිසා හඳ මත පා තැබීමටත් පෙර අභ්‍යවකාශ පරම්පාරවක් ගැන අපේක්ෂාවෙන් නිර්මාණය කරන ලද 2001 චිත්‍රපටය ස්ටැන්ලි කුබ්රික්ගේ විශිෂ්ඨ පරිකල්පන හැකියාව පිළිබඳ හොඳම උදාහරණයක්.අද අප එදිනෙදා භාවිතා කරන ටැබ් වැනි උපාංග අවුරුදු 40කටත් වඩා ඉහතදී කුබ්රික්ගේ පරිකල්පනයට හසුවූ අයුරු විස්මය ජනකය. පසුකාලීන හොලිවුඩ් සිනමාකරුවන් වූ ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් හට මෙන්ම මෑතකදී ඉන්ටස්ටෙලර් චිත්‍රපටය නිර්මාණය කළ ක්‍රිස්ටෝපර් නෝලන් හටද 2001 ආභාෂයක් විය. ස්පීල්බර්ග් වරක් පැවසූවේ "අපේ පරම්පරාවේ මහා පිපිරුම මේ චිත්‍රපටය" බවයි. අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් වඩාත් යථාර්තවාදී චිත්‍රපට නිර්මාණය කිරීමටද 2001 විශාල බලපෑමක් සිදු කළේය.
2001 A Space Odyssey චිත්‍රපටය මා බලා තියනවා 1968 දී මැජස්ටික් සිනමාහලේදී. එවකට සාමාන්‍ය පෙළ සිසුවකුව සිටි මට, එය හොඳින් තේරුම් ගැනීමට උපකාරී වුයේ, චිත්‍රපටය සමග ලැබුණු පොත් පිංචකුයි. අභ්‍යවකාශ තරණය ගැන මගේ තිබු උනන්දුව නිසා, මෙවන් දේ ගැන කලින් කියවා තිබීමත් මට පසසුවක් වුනා. මේ දක්වා බැලූ චිත්‍රපට වලින්, ඉතාම වැදගත් හා, අවුරුදු පනහකට ආසන්න කාලයක් පැහැදිලිව මතකයේ රැඳුනු චිත්‍රපටයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවන්.
ReplyDeleteමේ චිත්‍රපටය ලංකාවේ පෙන්වූ බව මා දැන සිටියේ නැහැ - කෙසේ වුවත් ඔබ ඒ අවදියේ මෙය නරඹන විට අප අද දකිනවාටත් වඩා රසවිඳිමට විස්මයට පත් වන්නට හැකි වෙන්න ඇති කියා සිතනවා - මගේත් අමතක නොවන චිත්‍රපටයක් මෙය - චිත්‍රපටයටත් වඩා පොත මගේ සිත් ගත්තා
Delete/* එමෙන්ම පොතේ මුල් පිටු කිහිපයෙන්ම මගේ ආගමික විශ්වාස වලටද සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් වි තිබීම මගේ සිත් වේදනාවටද හේතුවිය. */
ReplyDeleteමෙ කියන්නේ ලෝකය මැවීම සහ මැවුම්කාර දෙයියා වැනි සංකල්ප ගැනද?
පොඩි කාලේ දී ම ආගමික මොල සෝදන ක්‍රියාවකට ඔබ අහුවෙලා තියෙනවා. එනිසයි එසේ සිතී ඇත්තේ.
වාසනාවකට මෙන් මට නම් එවැනි තත්වයකට මුහුණ දෙන්නට සිදු වුනේ නෑ!
මම ළදරු වියේම බවුතීස්මය ලැබූ ඇංග්ලිකන් කිතුණුවෙක් නිසා හා ආගමික පසුබිමක් සහිත පවුලක නිසා කුඩා අවදියේ සිටම දෙවියන්වහන්සේ හා ලෝකය මැවීම විශ්වාස කළ බව සත්‍යයක් - කෙසේ වුවත් කෙමෙන් වැඩිහිටියෙක් වන විට වැඩි දුර අධ්‍යාපනයත් සමඟ මතුවන අවිශ්වාසයන් සමඟ පොර බඳිමින් සිටි මම ආගමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වූයේ බොහෝ දුරට පුද්ගලික සිදුවීම් මත - අද මා කිසිඳු ආගමක් නොඇදහුවත් ආගම් සමඟ ඇරියස් එකක් ඇත්තේද නැහැ - ඒ නිසා අහේතුකව ආගම්වලට අපහාස කිරීමට හෝ අතිශයින් අන්තගාමී ලෙස පෙනෙන අවස්ථාවලදී හැර irreverent වීමට උත්සාහ කරන්නේද නැහැ - කොටින්ම බුකියේ හා සමාජ ජාල වල දැන් බහුලව හමුවන රැඩිකල් නිරාගමිකයෙක් වීමේ ප්‍රියතාවක් මා හට නැහැ
Deleteවිද්‍යා ප්‍රබන්ධන ගැන මගේ නම් එතරම් උනන්දුවක් නැහැ.එත් මේ පොත් කියවන්න අසායි.
ReplyDeleteවිද්‍යා ප්‍රබන්ධ කෙරෙහි මගේද ලොකු ප්‍රියතාවක් නැහැ - හැබැයි 2001 මුල සිටම මගේ සිත ඇද ගත්තා - හැබැයි අපේ සුජීව කොකාවල සූරීන් ලියන විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා කියවීමට නම් මම ගොඩක් කැමතිය :)
Deleteසන්තෝසයි.
Deleteමාත් මේ මොඩල් එකේ විද්‍යා ප්‍රබන්ධන සහිත ච්ත්‍රපටි නැරඹීමට දැඩි කැමත්තක් දක්කවනවා
ReplyDeleteමගේ නම් දැඩි කැමැත්තක් නැතත් IMDB හෝ රොට්න් ටොමෑටෝ විචාර අනුව හොඳ ශ්‍රේණිගත කිරීම්වල තිබෙනවා නම් නරඹනවා
Deleteමම කියෙවුව ක්ලාක්ගේ අනාගත ආශ්චර්යන් කියන පොත
ReplyDeleteබොහෝ කලලට පෙර ලියන ලද ඒ පොත කියවද්ද් අමුතු හැගීමක් දැනුන හිතට
මගේත් ප්‍රියතම පොතක් එය
Deleteමේ සටහන ක්ලාක් ගැන. අභ්‍යවකාශ ගවේෂණය ගැන එක රිසර්ච් පේපර් එකක්වත් නොලිව්වට මිනිහගේ හෙවනැල්ල නාසා එකට වඩා ලොකුයි. ක්ලාක් ඉන්නේ කොතනද කියලා ඔය සටහනේ JPL විද්වතුන් කියන කතාවෙන් ගන්න පුළුවන්.
ReplyDeleteමේ ලඟදි මිනිස් යාන්ත්‍රික අන්තර්සන්නිවේදනය සම්බන්ධ පර්යේෂණ වාර්තා අතර තිබිලා අහුවුනා ප්‍රබන්ධයේ හල් ගේ හැසිරීම ගැන කේස් ස්ටඩි එකක්. ප්‍රබන්ධය සත්‍යයක් සේ සලකා තමා ස්ටඩි එක කරන්නේ. එහෙම මිනිස්සු රිසර්ච් වලට ගන්නේ ඒ නිර්මාණය එතරම් ප්‍රබල නිසා.
ක්ලාක් ගේ ප්‍රකට අභ්‍යවකාශ ලිෆ්ට් එකේ Fountains of paradise සහ ග්‍රහකයක අනතුර ගැන හිතලා ලියාපු The hammer of god මේ වගේම ඉන්ටරස්ටින් ඒ වගේම Rendezvous with Rama හෙවත් රාමා සීරිස් එකේ පළමු කොටස [ඊට පස්සේ කොටස් තුන ලියන්නේ වෙන කෙනෙක්]. නාසා Spaceguard ප්‍රෝග්‍රෑම් එකට නම දාන්නේ ඔය අවසානෙට කිව්ව කතා දෙකේ පොලොවට ආසන්න ආකාශ වස්තු නිරීක්ෂණයේ අවශ්‍යතාවය, කළහැකි ක්‍රම සහ ඒ ඇසුරෙන් හොයාගන්න දේ ගැන ක්ලාක් ලියු තරමට. කතා දෙකේම ක්ලාක් ගේ ප්‍රබන්ධ වැඩසටහනේ නම තමා Spaceguard.
ඔඩ්සි සීරිස් එකේ අවසානය හෙවත් 3001 සමාප්තිය ඇරෙන්න ඉතිරි සියල්ල උපරිමයි. එතැනදී ක්ලාක් වගේම තමා බන්දුසීලගේ පරිවර්තන හැකියාවත්. අවාසනාවකට ක්ලාක් පරිගණක ගැන දැනුමින් එතරම්ම මට්ටමක නැහැ. ඒ නිසයි පොර ඒ මිස්ටේක් එක කලේ.
ක්ලාක් ගේ කෙටි ප්‍රබන්ධ තියෙනවා දිග කතා තරම්ම හොඳ. විද්‍යා ප්‍රබන්ධ කියවන්න අකමැති අයට පොඩි ට්‍රයි එකක් දෙන්න ඕනෙනම් කෙටි ප්‍රබන්ධ කියවන්න ක්ලාක් ඇසිමෝව් දෙන්නගේ. ඇත්තෙන්ම මෑත කාලේ ජීවිතේ දේවල් එක්ක දිග නවල් කියවන්න වෙලා නැහැ. මම කියවන්නේ ඔය වගේ කෙටි කතා වැඩියෙන්.
මගේ ජීවිතේ වෙනස් කළ ලොකුම දේ 2001-2010 පොත් දෙක. මට ඒ දෙක හමුවන්නේ ටයර් උඩ මිනිස්සු දැවෙන පාසල් වහල යන්තම් ඇරපු කාලෙක. මාක්ස්වාදයෙන් පෝෂණය ලබලා කළා අංශය පමණක් උගත් පවුල් පරිසරයක දුෂ්කර ගමක ළමයෙක් ලෙස මගේ විශ්වයේ තිබ්බේ කළා විෂයන් මූලික වශයෙන්. මම අම්මට හොරෙන් විබාගෙට පාඩම් කරන මුවාවෙන් බන්දුසීල පරිවර්තන දෙක කියෙව්වේ. ඒ දෙකෙන් වෙච්ච වෙනස කොතරම්ද කිව්වොත් මම ඊට පස්සේ ඉගෙන ගත්තේ නාසා ජොයින් වෙන්න.
ඔය පොතට එහෙම නොස්ටල්ජිය ගෞරවයක් මට තියෙනවා