Monday, October 19, 2015

Dr Strangelove නොහොත් මානවයාගේ මෝඩකම් ගැන ස්ටැන්ලි කුබ්රික්ගේ කියවීම

ස්ටැන්ලි කුබ්රික් Dr Strangelove or How I Learned to Stop Worrying and  Love the Bomb නම් ප්‍රහසන චිත්‍රපටය නිර්මාණය කරන්නේ 1964 දී සීතල යුද්ධය තීව්‍ර අවදියකදීය - ප්‍රකට බ්‍රිතාන්‍ය ප්‍රහසන නළු පීටර් සෙලර්ස් ද්විත්ව චරිතයක් රගපාන එහි ඇකඩමි සම්මාන ලාභී ජෝජ් සී ස්කොට් පැරනොයියාවෙන් උමතු වූ ඇමරිකානු ජෙනරල්වරයෙකුගේ චරිතය රගපායි. 


කතාවේ සාරය මෙපරිදිය - කොමියුනිස්ට් විරෝධී පැරනොයියාව නිසා උමතු බවට පත්ව ඇති බව හැගෙන ජෙනරල් ජැක් රිපර් (වික්ටෝරියානු ලන්ඩනයේ අභිරහස් මිනීමරුවකුගේ නමිනි) තම අණසක යටතේ පවතින න්‍යෂ්ඨික බෝම්බ රැගත් ගුවන්යානා කිහිපයක් රුසියාවට පහර දීම සදහා යවයි - ලෝක විනාශයක් කරා මානව වර්ගයා රැගෙන යන මේ තත්ත්වය සමනය කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා , ඔහුගේ උපදේශකයන් , රුසියානු තානාපති හා රුසියානු නායකයා මෙන්ම ජනාධිපතිවරයාට න්‍යෂ්ඨික කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙන හිටපු නට්සි විද්‍යාඥ ස්ට්‍රේන්ජ්ලව්  හා ජෙනරල් ජැක් රිපර්ගේ දෙවැන්නා වන බ්‍රිතාන්‍ය ගගන කපිතාන් වරයා ගන්නා වෙහෙස චිත්‍රපටයේ ඉතිරි කොටසින් දැක්වේ . 

කෙතරම් තාක්ෂණික ක්‍රියාමාර්ග අනුගමනය කළද ජාතීන් අතර ඇතිවන අනිසි බිය නිසා  එම තාක්ෂණික උපක්‍රම අවසානයේ මානව වර්ගයාගේ විනාශය ගෙන දෙන  උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන බව චිත්‍රපටය තුළින් මූලිකවම දෙන පණිවිඩයයි. 

3 comments:

  1. ඔය චිත්‍රපටය බලන්න කියල හිතාගෙන ඉන්න ලිස්ට් එකෙන් එකක්. බලලම මගේ අදහස එකතු කරන්නම් CSL

    ReplyDelete
    Replies
    1. කුබ්රික්ගේ අධ්‍යක්ෂණයේ ප්‍රධාන ලක්ෂණයක් තමයි පසුබිම්තල සකස් කිරීම , රඟපෑමේ ප්‍රමිතිය මෙන්ම කැමරාකරණය ඉහළ මට්ටමක තබා ගන්න ඔහු දරන උනන්දුව - ප්‍රහසන චිත්‍රපටයක් වුනත් මෙහිත් ඒ ලක්ෂණය දකින්නට පලුවන්

      Delete