Saturday, September 3, 2016

ඉන්දිරා ගාන්ධි හා මොරාජි දේසායි Indira Gandhi and Moraji Desai

මෙම සටහන  මුල් වරට  පළ  කෙරෙන්නේ ෆේස්බුක්  සමූහයක 2015 ජනවාරි 14 දිනය. එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් සතියකට පමණ පසුවය. 


1971 ඉන්දීය මහ මැතිවරණයෙන් පත්වූ ඉන්දිරා ගාන්ධි මහත්මියගේ රජය ඥාති සංග්‍රහය, ජනතා අයිතිවාසිකම් සීමා කිරීමට හා දූෂණයට මුල් තැනක් දී කටයුතු කළේය . ඇගේ බාල පුතුණුවන් වූ සංජේ ගාන්ධිගේ ක්‍රියාකලාපය නීතිය ඉක්මවා යමින් රට වැසියන් පීඩාවට පත් කළේ ය. මෙහි උච්ඡ අවස්ථාව වන්නේ 1975 රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා පුවත්පත් නිදහස් මෙන්ම විපක්ෂයද තහනම් කරමින් හදිසි නීතිය යටතේ රට පාලනය කිරීමට ගාන්ධි මහත්මිය පෙළඹීමයි.

1971 සෝදාපාළු ජයග්‍රහනයක් ලබා ගත් ඇගේ රජයට එරෙහිව මේ නිස ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගිනි. මේ නිසා විපක්ෂ ව්‍යාපාරය විවිධ පක්ෂ එකතු වී කොන්ග්‍රස් පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් වූද නිදහස් සටන්කාමියක් වූ ද ගාන්ධි මූලධර්ම අනුව ඉතාම සරල දිවිපෙවතක් ගත කළ අයෙක් වූ ද මොරාජි දේසායි මහතාගේ නායකත්වයෙන් ඉක්මණින් අටවාගත් සංධානයක් මගින් 1977 මැතිවරණයට මුහුන දුන්හ. සාමාන්‍ය ජනතාව අතර තමන් ජනප්‍රියයැයි සිතූ ගාන්ධී මහත්මිය විමතියට පත්කරමින් ඇගේ පක්ෂය ඉන් අන්ත පරාජයට පත්වූහ.

මොරාජි දේසායි මහතා යටතේ පත්වූ සංධානය ඉන් පසූ රට කරවන්නට වූයෙ ඉන්දිරා මැතිණියගේ වැරදි නිවැරදි කරන බව පවසමිනි. එසේවුවද නව රජය වැරදි නිවැරදි කිරීමට වඩා උනන්දු වූයේ ගාන්ධි මැතිනියත් සංජේ ගාන්ධි නම් ඇගේ පුතාටත් එරෙහිව පළිගැනීමේ ක්‍රියාමාර්ගයක නිරත වීමටයි. කෙතරම් වැරදි කළද ස්ථාවර රජයක් තිබූ ඉන්දිරා හට ඉන්දිය සාමාන්‍ය ජනයා අතර තවමත් ගෞරවයක් තිබිනි. කෙමෙන් රාජ්‍ය පාලනයට වඩා ගාන්ධි පවුල හඹා යාමත් අස්ථාවර බවත් නිසා සංධානය කෙරෙහි ජන විශ්වාසය බිද වැටිනි . 1980 රජය බිද වැටුනු අතර එම වසරේ පවත්වන ලද මහ මැතිවරණයට මොරාජී දේසායි මහතාද ඉදිරිපත් නොවීය. ඔහුගේ සංධානයෙන් ඉතිරි වී සිටි කොටස් සමග කොන්ග්‍රස් පක්ෂය මැතිවරණයට මුහුණ දී ඉන්දිරා ගාන්ධී නැවතත් ප්‍රබල ජයග්‍රහණයක් ලබා අගමැතිණිය ලෙස තේරි පත්විනි.

13 comments:

  1. ඉන්දිරා පැරදුනාම ර. ප්‍රේමදාස ලා පාර්ලිමේන්තුවේ දී ඇයට අපහාස කළා සිරිමාට කළා සේ.

    ඇය එදා ලංකාව කෙරෙහි වෛර බැඳ ගත්තාද?

    ReplyDelete
    Replies
    1. ඔව් - ප්‍රේමදාස අපහාස කළේ ඉන්දිරාට - පවුල් ගහ පොත තුලිනුත්

      Delete
  2. මොරාජි දේශායි නේද මුත්‍රා බොන්නා?

    ReplyDelete
    Replies
    1. ඒ ඔහු තමා මුත්‍ර බීම ගැන ආන්දෝලනයක් ඇති කළේ

      Delete
  3. රාජපක්ෂ පවුල ගාන්ධි පවුලට සම කරන්න බෑ කිසිසේත්ම..

    රාජපක්ෂ නාමය ඉතිහාසයේ පමණක් තියේවී...

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම නැතත් දළ වශයෙන් හෝ මේ ක්‍රියාවලීන් අතර සමානතාවක් දකිනවා

      Delete
  4. $-හිස්ට්‍රි රිපීට්! එහෙයි මෙහෙයි.
    $-ඉන්දිරා, විපක්ෂය තහනම් කල කතාව නං දැනගෙන හිටියෙ නෑ.
    $-මැතිණිය හහ ඉන්දිරා අතර තිබූ මිත්‍රත්වය දිගටම තිබුන නම් අපේ ඉතිහාසයත් වෙනස් වෙන්න තිබුන නේද? ජේආර් ඇමරිකාවට ලංවී ඉන්දියාවට නෙලීම (මට මතකයි කවුදෝ කිව්ව ජේආර්, හෝ ප්‍රේමදාස දෙන්නගෙන් කෙනෙක් ඉන්දිරා සහ රජීව් වැස්සි සහ පැටිය කියල හැඳින්වුවා කියලත්)
    $-ඒ ඉතිහාසය 2020 දි මෙහේ රිපීට් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
    Replies
    1. මැතිණිය හා ඉන්දිරා අතර මිත්‍රත්වය තිබෙන කාලෙත් තමිල්ණාඩුවේ දෙමළ තරුණයෝ පුහුණු වුනා - හැබැයි රාජ්‍ය අනුග්‍රහය නැතුව - ඒ නිසා ප්‍රේමදාසගේ කතාව වගේ දේවල් හා ජේ ආර්ගේ යැංකි සම්බන්ධතා නොතිබෙන්න ඇත්තටම ඉතිහාසය වෙනස් වන්නට තිබුනා
      2020 ගැන නම් මගේ අදහස රිපීට් වුනත් අවුලක් නෑ - මේ ආණ්ඩුවත් එක්ක බලද්දි මහින්ද ආයි ආවත් වෙනසක් නෑ

      Delete
  5. නමුත් ලන්කාවේ මේ ආන්ඩුවෙන් - කලින් ආන්ඩුවේ විරෝධවාදීන් බලාපොරොත්තු වුනු හා වෙන තරම් මර්ධනයක් වෙන බවක් පේන්න නෑ හෝ ඇඟට දැනෙන්න නෑ . . .

    ටිකක් ගැඹුරින් හිතලා බැලුවහම කස්ස්ටිය සෙට් වෙලා ඩීල් දාගෙන කියලා තමයි මැදි මතධාරීන්ට පේන්නේ නම් හැබැයි . .

    ඒ නිසා ඒකයි මේ කයි ඒකයි දෙකම විසිවෙන්න ඉඩක් තියෙනවා.

    ඒත් ජවිපේ ගන්න සිඟිති ආතල් එක්ක මිනිස්සු ඒ දේ කරන්න ලොකු බයකුත් තියෙනවා මොකද ඒ දෙක විසිවෙනවා කියන්නේ එතකොට තුන්වෙනි බලවේගේ වෙන්න ඕන ජවිපේ

    ReplyDelete
    Replies
    1. [කලින් ආන්ඩුවේ විරෝධවාදීන් බලාපොරොත්තු වුනු හා වෙන තරම් මර්ධනයක් වෙන බවක් පේන්න නෑ හෝ ඇඟට දැනෙන්න නෑ ] මේ ලිපිය ලිව්ව අවදියේ සෑහෙන ලුුහුබැඳිමක් තිබුනා - කෙසේ වුවත් මේ වන විට ඔබ කියන පරිදිම කිසියම් ඩීල් දැමීමේ ස්වභාවයකුත් තිබෙනවා - ඉරිදා ටයිම්ස් පත්තරේ මම දැක්කා ජනාධිපතිත් දැන් රනිල්ගෙන් අහනවලු ඇයි ඔච්චර මහින්ද ඔහුට කතා කරන්නේ කියල විවිධ ඉල්ලීම් සඳහා :) කෙසේ වුවත් මට කියන්න ඕන මූලිකම දේ ශක්තිමත් රජයක් පෙරළ දමා විවිධ සමූහවලින් යුත් හා බිම්මට්ටමේ විශාල බලයක් නැති සංධානයක් බලයට ආ විට රටට වැඩක් නොවේ නම් විසිවී යා හැකි බවයි - කෙසේ වුවත් ජාතිකවාදී පාර්ශ්වය බලවත් වීමත් හා ආර්සථික තත්මත්ඟවයත් සමග ඉදිරියේදී (මහ මැතිවරණයකදී) මහින්ද පාර්ශ්වය බලවත් වෙන්න පුලුවන්

      Delete
  6. සංජේ ගාන්ධි මියගියේ ඉන්දිරා බලයේ සිටි කාලයේ නෙමෙයිද?

    ඉන්දියාව දියුණු රටක් කරන්න ඕන කියන හීනයක ජීවත් උනු සංජේ ඒක කරන්න තිබුනු විශාලම බාදකය උනු අධික ජනගහන වර්ධනය සීමා කරන්න බියෝන්ඩ් ෆ්‍රේම් ගිහින් මේ ජංගම වෛද්‍ය සායන ගම් නියම්ගම් වලට ගෙනිහින් බලෙන් වාසෙත්තම් කලාය, ඒවායේදි විවාහ නොවුනු අයව පවා සැත්කම් කරලායින් මිනිස්සුන්ට සංජේවත් ඔහුගේ අම්මා ඉන්දිරාවත් ආන්ඩුවත් එපා වුනාය - සංජේගේ හීනය සහ අකීකරු කම පාලනය කරන්න බැරි නිසා ඉන්දිරාම ප්ලේන් ක්‍රෑශ් එකකින් හෝ වෙන ක්‍රමේකින් සංජේව නැති කරන්න තීරණය කලාය කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සංජේ ගාන්ධි මිය ගියේ ඉන්දිරා නැවත බලයට පත්වී මාස කිහිපයකට පසු - ඔහු බලෙන්ව න්ධ්‍යාකරණ ව්‍යාපෘතිය නිසා අප්‍රසාදයට පත්වූ බව සත්‍යයක් - නමුත් 1980 නැවත ඉන්දිරා බලයට ගෙන ආවෙත් ඔහුයි - එම නිසා ඔහු මරා දැමුවා කියල හිතන්න අමාරුයි - ඔහු ගුවන් යානයක සරඹ කරමින් සිටියදීයි ගුවන් අනතුරක් සිදුවී ඇත්තේ

      Delete
    2. ඉස්සර කාලයක් තිස්සේ ඉන්දිරා සහ නේරු පවුලේ ලිපි උවමනාවෙන් කියෙව්වා. මගේ තාත්තත් ඉන්දියා දේශපාලනයේ හිතැත්තෙක්.
      මට සුභාෂ් කියා නම දමා තියෙන්නේ සුභාශ් චන්ද්‍රභෝෂ් ඔහුගේ වීරයෙක් සහ අක්කාට ප්‍රියදර්ශනී කියා නම තබා තිබෙන්නේ ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි නිසා.
      ආයේ කියවන්න ඕන කියලා හිතුනා

      Delete