අපි පසුගිය කොටසින් බැබිලෝනිය විප්‍රවාසය (Babylonian Exile) තෙක් ඊශ්‍රායල් ජනතාවගේ ඉතිහාසය කතා කළා. ක්‍රිපූ 6 වන සියවස පමණ වන විට ඊශ්‍රායල් ජනතාව තමන් කලින් ඇදහූ අනෙකුත් කානන් දෙවිවරුන් බැහැර කොට තම ජාතික දෙවියන්වහන්සේ වූ YHWH පමණක් ඇදහීම කළා. මීට අමතරව විප්‍රවාසය නිසා විඳීමට වූ දුක් කම්කටොළු නිසා ඔවුන්ගේ යුදෙව් අනන්‍යතාව වඩාත් ශක්තිමත් වූ බවත් පැවසීමට හැකියි. අද පවතින ආකාරයට යුදා ආගමේ මුල් ස්වරූපය ඇතිවුනේත්, සිනගෝගය මුල් කරගත් වන්දනාව, ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය වන ටෝරාව ලියවුනේත් මේ යුගයේදීයි. එමෙන්ම අද අපි බයිබලයේ "නික්මයාම" (Exodus) ලෙස හඳුන්වන දෙවියන්වහන්සේ හා ඔහුගේ "තෝරාගත් සෙනඟ" මිසරයෙන් කානන් දේශයට ඒම පිළිබඳ කතාව මෙන්ම දෙවියන් හා ඊශ්‍රායල්වරුන් අතර ගිවිසුම ගැන සඳහන් වන "ව්‍යවස්ථා" පොතත් (Deuteronomy) වර්තමාන ස්වරූපයෙන් ලියවෙන්න ගත්තෙත් මේ කාලයේම තමා. එය සියවස් කිහිපයක් තුළ කෙමෙන් අද අපි දකින ස්වරූපයට පත්වුනා. විද්වතුන්ගේ මතය වන්නේ ක්‍රිපූ 6 වන සියවසේ දක්නට ලැබුනු භෞමික දේශපාලනික හා සමාජයීය තත්ත්වයන් ආපසු ක්‍රිපූ 12 වන සියවසට පමණ ප්රක්ෂේපණය කිරීමන් මේ නික්මයාමේ කතාව නිර්මාණය වූ බවයි.
පර්සියානු හා මෙසිඩෝනියානු/හෙලනික ආධිපත්‍ය යටතේ යුදා දේශය
යුදා ප්‍රදේශය බැබිලෝනිය අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් ලෙස පාලනය වුනා. ඉන්පසු මහා සයිරස් නම් පර්සියානු රජු බැබිලෝනිය යටත් කරගත් විට එම ප්‍රදේශය පර්සියානු අධිරාජ්‍යයේ පරිපාලන පළාතක් බවට පත්වුනා. එමෙන්ම පිටුවාහල්ව සිටි යුදෙව්වරු විශාල පිරිසකුත් නැවත පැමිණ පදිංචි වුනා. මේ වන විට යුදෙව් අනන්‍යතාව මොවුන් තුළ ප්රබලව ගොඩනැගී තිබුනා. ඉන්පසු ක්‍රිපූ 4වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මෙසිඩෝනියානු අධිරාජ්‍යයේ කොටසක් බවට යුදා ප්‍රාන්තය පත්වුනා.
හැස්මෝනියන් රාජධානිය
ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයෙන් පසුව යුදා ප්‍රාන්තය සිරියාව මුල් කොටගත් සෙලුසිඩ් නම් ග්‍රීක මූලයක් සහිත අධිරාජ්‍යය යටතට පත් වුනා. සෙලුසිඩ්වරු තම බහුදේවවාදී ලිබරල් සංස්කෘතිය ඒකදේවවාදී දැඩි මතධාරී යුදෙව්වන් පිට පටවන්නට තැත්කිරීම නිසා ඔවුන්ට විරුද්ධව මකබි නම් යුදෙව් නායකයන් යටතේ කැරැල්ලක් පැන නැගී ක්‍රිපූ 2වන සියවසේ පමණ යුදා ප්‍රාන්තය කෙටි කලකට ස්වාධීන වෙනවා. එය මකබිවරුන් ආරම්භ කල හැස්මෝනියන් රාජ වංශය යටතේ ස්වාදීන යුදෙව් රාජධානියක් ලෙස අසල්වැසි ප්‍රාන්ත කිහිපයක්ද ඈඳාගෙන කලක් පැවතුනා.
කෙසේවුවත් ක්‍රිපූ 63 දී රෝමයේ සුප්‍රකට කොන්සල් වූ පොම්පේ විසින් හැස්මෝනියන් රාජධානිය යටත් කරගෙන රෝමයට යටත් රටක් බවට පත් කරගන්නවා. පසුව එය රෝමන් ප්‍රාන්තයක් ලෙස කෙළින්ම රෝම අධිරාජ්‍ය මඟින් පාලනය කරනවා.
යුදා දේශයේ රෝම පාලනය
රෝමන්වරුන් යටතේ යුදා ජනතාව දිවි ගෙව්වේ එතරම්ම සතුටින් නොවේ. සංස්කෘතික ,සමාජයීය ,ආගමික වෙනස්කම් මෙයට ප්‍රධාන වශයෙන් හේතුවුනා. මුලදී ප්‍රාන්තය පාලනය වුනෙ හෙරෝද්වරු නම් රජවරුන් යටතේ - ඔවුන් යුදෙව්වරුන් මහත් භක්තියෙන් සලකන දේවමාළිගාව නැවත ඉදිකළා. එහෙත් පසුව කෙළින්ම රෝමය මඟින් පාලනය වන තත්ත්වයට පත්වුනා.
කෙසේවුනත් රෝමන් වරුන්ට පැවති විරෝධය පුපුරා යන්නේ ක්‍රිව 66 දී ඇරඹුනු පළමු යුදෙව් රෝම යුද්ධයෙන්. එය ක්‍රිව 73 දක්වා ඇදී යනවා. ටයිටස් අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි ජෙරුසලම හා දේවමාළිගාව විනාශ කිරීමෙන් මේ යුද්ධය අවසන් වන්නේ යුදෙව්වන්ගේ පරාජයෙන්. ජයගන්නා ටයිටස් යුදෙව්වරුන්ගේ පූජනීය ජාතික සංකේතය වන මෙනෝරා නම් පහනද රැගෙන ජයග්‍රාහීව රෝමයට ගමන් කරන ආකාරය "ටයිටස් ආරුක්කුවේ" දැක් වෙනවා.
බාර් කොක්බා කැරැල්ල හා යුදා දේශයේ විනාශය
කෙසේ වුනත් යුදෙව්වරුන්ට මරු පහර වදින්නේ ක්‍රිව 132-136 අතර පැවති බාර් කොක්බා කැරැල්ලෙන්. එය ඉතාම දරුණු කැරැල්ලක් බවත් රෝමන්වරුන්ට මැඩ පැවැත්වීම අසීරු වූ බවත් පැවසෙනවා. සයිමන් බාර් කොක්බා නම් යුදෙව් නායකයා මෙසියස්වහන්සේ නොහොත් යුදෙව් ගැලවුම්කරු ලෙස යුදවේ පූජකයන් හැඳින්වූවා. මනාව සැලසුම් කොට ගරිල්ලා සටන් උපක්‍රම උපයෝගි කරගෙන යුදෙව්වන් රෝමන්වරුන්ට දැඩිව පහර දුන්නා.
තත්ත්වය කෙතරම් දරුණු වුනාද කියතොත් එවකට රෝමයේ අධිරාජ්‍යයා වන හේඩ්රියන් පුද්ගලිකවම තත්ත්වය නිරීක්ෂණය කිරීමට පැමිණි බව පැවසෙනවා. යුදෙව් ගම්මාන යා කරන සියුම් උමං ක්‍රමයක් ආශ්රයෙන් රෝමවරුන්ට හානි පැමිණවීමට යුදෙව්වන් සමත් වුනා. අවසානයේ වසර 2කට පමණ යුදා ප්‍රාන්තය නිදහස් කරගැනීමටත් ඔවුන් සමත් වුනා. ඒ කාලය ඇතුළත යුදෙව් මුදල් ඒකක නිකුත් කිරීම ආදිය පවා සිදුවුනා.
කෙසේ නමුත් මේ තත්ත්වය දිගටම පැවතුනේ නැහැ. රෝම සේනාධිපති ජුලියස් සිවියරස් යටතේ 60 000 ක පමණ බල ඇණියක් එනම් රෝමානු හමුදාවෙන් 1/3ක් යුදා ප්‍රාන්තයට එවන ලද්දේ තම අභිමානයට වූ කැළල මකා ගැනීමටයි. සිවියරස් බිම් දවන (scorched earth) හමුදා මෙහෙයුමක් දියත් කළා. දෙපසටම විශාල ජිවිත හානි සිදුවුවත් අවසානයේ රෝමන් හමුදා ජයගත්තා - එවක ඉතිහාසඥයන්ට අනුව යුදෙව් සාමාන්‍ය ජනතාව පවුල් පිටින් රෝමන් හමුදා මඟින් සමූලඝාතනයට ලක් කර තිබෙනවා. ඇතැමුන් මෙය වාර්ගික සංහාරයක් (genocide) ලෙස හැඳුන්වනවා. මිලියන භාගයක් පමණ යුදෙව්වන් කැරැල්ල හා සංහාරයන් නිසා මිය ගිය බවත් පැවසෙනවා.
මේ කැරැල්ලෙන් පසු හේඩ්රියන් අධිරාජ්‍යයා තද තීරණයක් ගන්නවා යුදෙව්වන්ගේ ජාතිකවාදී හැඟීම් සඳහටම විනාශ කිරීමට. යුදෙව්වන් විශාල පිරිසක් වහලුන් ලෙස හා වෙනත් ආකාරවලින් යුදා දේශයෙන් පිටුවාහල් කරනවා. එමෙන්ම "යුදා " නමද ඉතිහාසයෙන් අතුගා දැමීමට එම භූමිය "සිරියා පලස්තීනය" (Syria Palæstina) ලෙස නම් කරනවා. "පලස්තීනය" ලෙස අද අප දන්නා නම මුල්වරට භාවිතයට එන්නේ මේ හේඩ්‍රියන්ගේ නියෝගය නිසා. විශාල යුදෙව්වන් පිරිසක් මරා දැමීම හා පිටුවාහල් කිරීම නිසා යුදෙව්වන් තමන්ගේ සංස්කෘතිය හා බැඳුනු ඒ භූමියේ සුළුතරයක් බවට පත්වෙනවා. ඒ වන විටත් විශාල යුදෙව් ඩයස්පෝරාවක් ලොව පුරා සිටියත් ඇතැම් ඉතිහාසඥයන් යුදෙව් ඩයස්පෝරාවේ ආරම්භය ලෙස සලකන්නේ මෙලෙස හේඩ්රියන් යුදා දේශය සිතියමෙන් අතුගා දැමීමයි.
පුරාණ ඊශ්‍රායල් රාජ්‍යය මෙලෙස ක්‍රිව 136 දී පමණ විනාශ වීම යුදෙව්වන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට බලපෑවා. සුළු ආසියාවට ,මිසරයට මෙන්ම යුරෝපයටද ඔවුන් යම් ආකාරවලින් සංක්‍රමණය වුනා. ඔවුන්ගේ ඉතිහාසය හා පලස්තීනය නැවතත් ඊශ්‍රායලය ලෙස වර්තමානයේ අපි දන්නා රාජ්‍යය බවට පත්වූයේ කෙසේද යන්න ඉදිරියේදී වෙනම ලිපි පෙළකින් අපි සාකච්ඡා කරමු.
පර්සියානු හා මෙසිඩෝනියානු/හෙලනික ආධිපත්‍ය යටතේ යුදා දේශය
පර්සියානු අධිරාජ්‍යයේ යුදා ප්‍රාන්තය |
හැස්මෝනියන් රාජධානිය
හැස්මෝනියන් යුදා රාජධානිය |
ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයෙන් පසුව යුදා ප්‍රාන්තය සිරියාව මුල් කොටගත් සෙලුසිඩ් නම් ග්‍රීක මූලයක් සහිත අධිරාජ්‍යය යටතට පත් වුනා. සෙලුසිඩ්වරු තම බහුදේවවාදී ලිබරල් සංස්කෘතිය ඒකදේවවාදී දැඩි මතධාරී යුදෙව්වන් පිට පටවන්නට තැත්කිරීම නිසා ඔවුන්ට විරුද්ධව මකබි නම් යුදෙව් නායකයන් යටතේ කැරැල්ලක් පැන නැගී ක්‍රිපූ 2වන සියවසේ පමණ යුදා ප්‍රාන්තය කෙටි කලකට ස්වාධීන වෙනවා. එය මකබිවරුන් ආරම්භ කල හැස්මෝනියන් රාජ වංශය යටතේ ස්වාදීන යුදෙව් රාජධානියක් ලෙස අසල්වැසි ප්‍රාන්ත කිහිපයක්ද ඈඳාගෙන කලක් පැවතුනා.
කෙසේවුවත් ක්‍රිපූ 63 දී රෝමයේ සුප්‍රකට කොන්සල් වූ පොම්පේ විසින් හැස්මෝනියන් රාජධානිය යටත් කරගෙන රෝමයට යටත් රටක් බවට පත් කරගන්නවා. පසුව එය රෝමන් ප්‍රාන්තයක් ලෙස කෙළින්ම රෝම අධිරාජ්‍ය මඟින් පාලනය කරනවා.
යුදා දේශයේ රෝම පාලනය
ලා නිල් පැහැයෙන් දැක්වෙන්නේ රෝමානු යුදා ප්‍රාන්තයයි |
රෝමන්වරුන් යටතේ යුදා ජනතාව දිවි ගෙව්වේ එතරම්ම සතුටින් නොවේ. සංස්කෘතික ,සමාජයීය ,ආගමික වෙනස්කම් මෙයට ප්‍රධාන වශයෙන් හේතුවුනා. මුලදී ප්‍රාන්තය පාලනය වුනෙ හෙරෝද්වරු නම් රජවරුන් යටතේ - ඔවුන් යුදෙව්වරුන් මහත් භක්තියෙන් සලකන දේවමාළිගාව නැවත ඉදිකළා. එහෙත් පසුව කෙළින්ම රෝමය මඟින් පාලනය වන තත්ත්වයට පත්වුනා.
කෙසේවුනත් රෝමන් වරුන්ට පැවති විරෝධය පුපුරා යන්නේ ක්‍රිව 66 දී ඇරඹුනු පළමු යුදෙව් රෝම යුද්ධයෙන්. එය ක්‍රිව 73 දක්වා ඇදී යනවා. ටයිටස් අධිරාජ්‍යයාගේ නියෝගය පරිදි ජෙරුසලම හා දේවමාළිගාව විනාශ කිරීමෙන් මේ යුද්ධය අවසන් වන්නේ යුදෙව්වන්ගේ පරාජයෙන්. ජයගන්නා ටයිටස් යුදෙව්වරුන්ගේ පූජනීය ජාතික සංකේතය වන මෙනෝරා නම් පහනද රැගෙන ජයග්‍රාහීව රෝමයට ගමන් කරන ආකාරය "ටයිටස් ආරුක්කුවේ" දැක් වෙනවා.
යුදව්වන්ෙගේ පූජනීය සංකේතය වන මෙනෝරා පහන |
ටයිටස්ගේ ආරුක්කුව |
ටයිටස් ආරුක්කුවේ මෙනෝරාව රෝමන්වරු රැගෙන යන ආකාරය දැක්වෙන කැටයම් |