Tuesday, May 16, 2017

10,000 පසු කිරීමි

සිංහලෙන් බ්ලොග් එකක් කිරීමේ ආශාව මුල් වරට ඇතිවන්නේ 2011 පමන කාලයේය  එසේ වුවත් ලත් තැනම ලොප්වූ උත්සාහයන් කිහිපයකින් පසු වරින් වර ග්‍රවුන්ඩ්වීව්ස්, කළම්බු ටෙලිග්‍රාෆ් ආදි අඩවිවලට සැපයුනු ඉංගිරිසි ලිපි කිහිපයකට මගේ ලිවී‍මේ ව්‍යායාමය සීමා විය. ඉන් කිහිපයක් මනා පාඨක අවධානයට ලක්වූ බව කොමෙන්ටු අනුව පැහැදිලි වුවද තවදුරටත් උදාසීනතාව, කාර්යබහුලතාව ආදිය නිසා බ්ලොග් එක දියත් වූයේම නැත. එසේ වුවත් දැනට බ්ලොග් අවකාශයෙන් සමුගෙන සිටින මාලන් සමරවික්‍රම ගේ දිරිමත් කිරීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ අතර 2015 ජූලි මස මගේ උපන්දිනයෙන් හරියටම දවසකට පසු එතෙක් මගේ ජීවිතයට විශාල බලපෑමක් කළ, මගේ හොඳම මිතුරා ලෙස මා සලකන තාත්තා කෙටි කලක් අසනීපව සිට සඳහටම අප හැර යාම මා හට දරා ගැනීමට අපහසු විශාල පහරක් විය. එහෙත් යම් ආකාරයකින් මෙතෙක් මා කල් දමමින් සිටි කාර්යයක් ආරම්භ කිරීමටද එය එක්තරා ආකාරයකින් බලපෑවේය.  

මේ අනුව 2015 අගහරියේදී මා මෙතෙක් සිත තුළ සිරකර ගෙන සිටි දෑ වචන වලට කැටි කරන්නට පටන් ගතිමි. ආරම්භයේදි බ්ලොග් පෝස්ට් ඉතා කෙටි විය. පෝස්ට්වල හිට්ස් සොයා ගැනීම සඳහා මගේම හිට්ස් ට්‍රැක්වීම නිශ්ක්‍රීය කරදැමීමි. එහෙත් මුල් කාලයේ නම් හිට්ස් ගණන ඉතාම අඩු මට්ටමක පැවතිණි. මේ තත්ත්වයට හේතු වූයේ මගේ පෝස්ට් මසකට එකක් පමණ සීඝ්‍රතාවයකින් පළවීම හා ප්‍රචාරණය මඳ වීමත් විය හැක. ඒ තත්ත්වය වෙනස්වූ‍යේ මෞර්ය රාජ් ලබා දුන් ප්‍රචාරණයත් සමඟ බව සඳහන් කරන්නේ කෘතඥපූර්වකවය. 2015 සිට මේ දක්වා මා ලියා ඇති සමස්ත පෝස්ට් ගණන 32 කි. වසර 2ක් වැනි කාලයක් තුළ අවම සීඝ්‍රතාවයකින් ලියන ලද එවැනි අඩු පෝස්ටු ගනනක් සඳහා හිට්ස් 10,000 සීමාව පසු කිරීම බ්ලොග් ලෝක‍යේ දැවැන්තයන් හා සැලකූ විට ඉතාම සුලු කරුණක්  වූවත්, ඒ සඳහා දායක වූ පාඨකයන්ට උපහාරයක් ලෙස මේ කඩ ඉම මෙසේ සටහන් කරමි.  තවදුරටත් ඔබගේ අදහස් හා යෝජනා අගය කොට සලකමි. 

13 comments:

  1. සුභ පැතුම් ඔබට

    ReplyDelete
  2. සුබපැතුම්! ඉඳහිට කියවන බ්ලොග් කිහිපයෙන් එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! රාජ් දුන්න හයියත් විශේෂයෙන් සදහන් කළ යුුතුයි

      Delete
  3. මගේ ලැයිස්තුවටත් මේ බ්ලොගය එකතු කර තිබේ.

    සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. මම දුටුවා - ස්තූතියි රසික

      Delete
  4. සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ම‍නෙ‍ා්ජ්

      Delete
  5. මානිවත්ත අභික්කම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :) I'm will try not to stop

      Delete
  6. බ්ලොග් එකේ ලිපි 15 ක් විතර කියවලා තියෙනවා... කමෙන්ට් දැම්මෙනන් අර ඉන්ද්‍රපාලගෙ එකේ විතරද කොහෙද... සුබ පැතුම්... නතර නොවී නිතර ලියන්න...

    ReplyDelete