යාපනය
අර්ධද්වීපය පෘතුගීසි සමයේ පවා සිංහල බහුතරයක් සිටි ප්‍රදේශයක් බවත් එය දෙමළ
බහුතරයක් සිටින ප්‍රදේශයක් බවට පත්වූයේ ලන්දේසි පාලන සමයේ ඔවුන් විසින්
දුම්කොළ වගාවට ගෙන එනු ලැබූ දකුණු ඉන්දීය වැසියන් නිසා බව ආචාර්ය නලින් ද
සිල්වා නිතරම පවසන කරුණක් - ඔහුට අනුව
වෙල්ලාල නම් යාපනයේ ඉහළම කුලය බිහිවන්නේ මේ දුම්කොළ වගාවට ලන්දේසින් ගෙන් ආ
පුද්ගලයන්ගෙන්. මේ වෙල්ලාලයන් විසින් එතෙක් යාපනයේ සිටි සිංහලයන් පහත් කුලයක් බවට
විස්ථාපනය කළ බවත් මේ ප්‍රවාදයට ඇතුළත් - කෙසේ වුවත් මේ ප්‍රවාදයේ නිර්මාතෘවරයා
නලින් නම් නොවේ. ජනවාර්ගික ගැටළු සම්බන්ධ පර්යේෂිකාවක් වූ සෙරීනා තෙන්නකෝන්
ලංකා ගාඩියන් පුවත්පතේ සඳහන් කර ඇති පරිදි මේ
කතාව මුලින්ම පවසන්නේ ගාමිණි ඊරියගොල්ල මහතා විසින් 1984 දී. පසුගිය
යුද්ධ සමයේ එල් ටී ටී ඊ ප්‍රචාරකවාදීන් පතුරුවා හළ ව්‍යාජ ඉතිහාස කතාවලට
පිළිතුරු දීමට මේ කතාවෙන් යම් පිටුවහලක් ලැබුනු බව සත්‍ය්‍යක් - එසේ වුවත් මේ ප්‍රවාදයේ
විශ්වාසනීය බව කෙබඳුද ? ඉතිහාසය සම්බන්ධ කරුණක් අපට 60%කවත් නිරවද්‍යතාවයෙන්
කිව හැකිනම් ලොකු දෙයක් - අප සතුව දැනට ඇති විශ්වාසවන්තම මූලාශ්‍ර වන්නේ 17වන
සියවසේ මැද භාගය පමණ වන තෙක් ලංකාවේ සිටි හා යාපනය ප්‍රදේශය ගැන දැනුමක් ඇති විදේශීය
පුද්ගලයන් විසින් ලියන ලද සටහන් වල පරිවර්තන. ලංකාවේ සිටි අයෙක් වීම වැදගත්
සාධයකයක් - උදාහරණයකට ලංකාවට නොපැමිණි නමුත් ඉන්දියාවේ ජීවත් වූ ලංකාවෙන්
ඉන්දියාවට පැමිණි පෘතුගීසි කපිතාන්වරයෙක් ඇතුළු මූලාශ්‍ර අනුව The Temporal
and Spiritual Conquest of Ceylon ලියූ ක්වේරෝස් පියතුමාගේ ග්‍රන්ථයේ
විශ්වාසනීත්වය අඩුයි.
එම
නිසා මුලින්ම ලංකාවේ සිටි පෘතුගීසි හමුදා කපිතාන්වරයෙක් හා කන්ද උඩරට රාජධානිය සමඟ
මෙන්ම ලන්දේසීන් සමඟද දරුණු සටන්වලට කෙලින්ම සම්බන්ධවූ කපිතාන් රොබෙයිරෝගේ විස්තරය
විමසා බැලූ විට ඔහු පැහැදිලිවම සඳහන් කරන්නේ යාපනය ප්‍රදේශය දෙමළ ජනතාව වාසය කරන
වෙනම ප්‍රදේශයක් ලෙස පවතින බවත් එය දැනට පාලනය කරන පෘතුගීසි පරිපාලකයා පවා කොළඹ ප්‍රධාන
පරිපාලකවරයාගෙන් විශාල නිදහසක් භුක්ති විඳින බවත්. (පෝල් ඊ පීරිස් මහතාගේ
පරිවර්තනය අනුව)
පෘතුගීසි
පාලනය යටතේ 1645 වසරේ යාපනය ප්‍රදේශයේ
පරිපාලන සංවිධානය පිළිබඳ පෘතුගීසි ලේඛනාගාර උපයෝගි කොටගෙන් පෝල් ඊ පීරිස් මහතා
ලියූ The Kingdom of Jafanapatam 1645
ග්‍රන්ථය - වෙල්ලාල නම් කුලය සම්බන්ධව එහි කිහිප තැනකම සඳහන් වනවා - අදාළ කුලයේ අය
ඉහළ තනතුරු වලට පත් කර ඇති බවද සඳහන් වනවා. එනම් අදාළ කුලය ඇතිවූවායැයි නලින් ද
සිල්වා පවසන ලන්දේසි පාලන සමයේ මැද භාගයට අඩ සියවසකට පෙර සිටම වෙල්ලාල කුලය ඉහළ
කුලයක් ලෙස පැවතුනු බවට සාධකයක්.
අවසාන වශයෙන් ලන්දේසි පාලනය ආරම්භ වූ මුල් අවදියේම යාපනයට පැමිණි
ෆිලිප් බල්දියස් නම් ලන්දේසි පූජකතුමාගේ සටහන්ද වැදගත්. යාපන අර්ධද්වීපය ගැන
පැහැදිලි විස්තරයක් දෙන බල්දියස් එහි ජනතාව හා දිවයිනේ අනෙක් ප්‍රදේශවල ජනතාව අතර
වාර්ගික වෙනසක් දකිනවා. එනම් යාපනය අර්ධද්වීපයේ ජනතාව දෙමළ (මලබාර්වරු) බව
පැහැදිලිවම දක්වනවා. එහෙත් සිංහල අනන්‍යතාවයක් ඇති කිසිවෙක් සිටින පවසන්නේ නැහැ.
අනෙක් අතට ලන්දේසි පාලනයේ මුල්ම කාලය වන ඒ සමයේ පවා හින්දු බ්‍රාහ්මණයන් සමඟ ඉහළම
කුලය වෙල්ලාලයන් බව පවසනවා. වෙල්ලාල කුලය සම්බන්ධයෙන් සැලකිය යුතු විස්තරයක් ද ඔහු
සපයනවා. එම නිසා නලින් ද සිල්වා පවසන අයුරු ලන්දේසින් විසින් කෘතිමව වෙල්ලාල කුලය
නිර්මාණය කළ අයුරු පිළිගන්න අපහසුයි.
එම නිසා ගාමිණී ඊරියගොල්ල/ නලින් ද සිල්වා මහත්වරුන් ඉදිරිපත් කරන ප්‍රවාදයේ
විශ්වාසනීත්වය අඩු බවක් දක්නට ලැබෙනවා.