භීම සමය යනුවෙන් සාමාන්‍යෙයන් හැඳින්වෙනුයේ ප්රංස විප්ලව සමයේ 1793 සැප්තැම්බර් සිට 1794 ජූලි දක්වා වාමාංශික රැඩිකල් ජැකොබින් පාර්ශ්වයේ මූලිකයන් වුනු මැක්සිම්ලියෑං රොබෙස්පියේර් හා ලුයී අන්තොයින් දි සේන්ට් ජස්ට් යන දෙමිතුරන් හා අනෙකුත් සගයන් විසින් වඩාත් මධ්‍යස්ථ මතධාරී ජිරොන්දවරුන්ට එරෙහිව ගෙන යන ලද භීෂණකාරී වැඩපිළිවෙලයි. මේ කාලය තුළදී “විප්ලවයේ සතුරන්“ ලෙස දහස් ගණනක් ගිලොටිනයට දිවි පූජා කරනවා. කෙසේ වුවත් ලංකාවට සාපේක්ෂව අප භීම සමය ලෙස හඳුන්වන්නේ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය හා ලංකා රජයේ හමුදා හා අතුරු හමුදා අතර ප්රචණ්ඩ ක්‍රියා සිදුවුනු 1988 -1989 යුගයයි.
එම සමය ගැන නැවතත් මතකයට නැගුනේ W3 ලංකා හි පැරා සිය අත්දැකීම් ආශ්‍රෙයන් තැබූ සටහනක් කියවීමෙන්. භීෂණ සමය ආරම්භ වන කාලය වන විට මම පාසලේ දෙක වසරේ උගන්නා ළමයෙක්. රටේ නෛතික පාලනයට පිටතින් තවත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වන බව මටද දැනෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැහැ. විටින් විට නිවසට රාත්‍රි කාලයේ ලැබුනු රතු අකුරින් මුද්‍රිත පත්‍රිකා මඟින් විවිධ නියෝග දී තිබුනා. ඒ අතර එක් දවසක ගේට්ටු කණුවල ජවිපෙ විසින්ම සපයන ලද රතු කොඩියක් හා සුදු කොඩියක් එල්ලා සියලුම විදුලි පහන්ද නිවා දමන ලෙස නියෝගයක් මගේ මතකයට එනවා. මේ අතර දෙජවි මඟින් විශාල රතු අකුරින් ලියන ලද සටන් පාඨ කඩ බිත්තිවල උදාසන දැකීමට හැකිවුනා. එමෙන්ම රාත්‍රිෙය් නිවසට එන දෙජවි ක්‍රියාකාරීන් වරක් එවක පැවති ඡන්දය (පළාත් සභාද ජනාධිපතිවරණය දැයි දැන් මතක නැහැ) වර්ජනය කරන ලෙස නියෝග කොට තිබුනා.
ගමේ සිට දම්බොක්ක දුම්රිය ගේට්ටුව දක්වා පාරේ තැනින් තැන මංසන්ධිවල “ටයර් සෑයවල්“ලෙස හැඳින්වූ සමූහ ඝාතනයන් දක්නට ලැබීම එවක සාමාන්‍ය සිදුවීමක් වුනා. ( Necklacing යනුවෙන් හැඳින්වෙන මේ ඝාතන ක්‍රමය විනී මැන්ඩෙලා යටතේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ සන්නන්ධ අංශය වන Umkhonto we Sizwe විසින් සූලු ජාතික ඉන්කාතා පක්ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහිව මුලින්ම යොදාගන්නා ලදී ). මස් පිළිස්සීමෙන් නැගෙන ගඳත් මැඩගෙන මේ ටයර් සෑයවල් දෙස අප බැලුවේ සෝකයකින් නොව කුතුහලයකින්. වැඩිහිටියන්ගේන් දැනගත් ඕපාදූප තවත් ලුණු ඇඹුල් සහිතව පාසැල් වෑන් රියේ මිතුරන් අතරද මේ කාලයේ මතුවූ අතුරු ඝාතන කණ්ඩායම් ගැන වාද විවාද සිදුවුනා. ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු ආදි විවිධ සංවිධාන ගැනත් කළු අඳින එස් ටී එෆ් බලකාය ගැනත් සංවාද ඇතිවුනා. මේ අතර කුරුණෑගල නගරයේ (ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ හැර) සියලුම ප්‍රධාන පෙලේ පාසල්වල වැඩිහිටි ශිෂ්‍යයන් එළියට බැස්සේ මුහුණු ලේන්සුවලින් ආවරණය කරගෙන පාසල් තාප්පවලම සටන් පාඨ ලියමින් හා රතිඥා පත්තු කරමින්. ඔවුන්ගේ විරෝධයට හේතුව “ඉන්දියානු වඳුරු හමුදාව“ ගැන බවට ලාවට මතකයක් තිබේ. අපේ පාසලේද මේ තත්ත්වය පැන නැගුනෙන් පාසලෙන් දැනුවත් කිරීමක් අනුව පියා මා රැගෙන යාමට පැමිණියේ අයියලා අවහිර කොට තිබූ ප්‍රධාන ගේට්ටුවෙන් නොව යාබද පල්ලියේ තාප්පයෙන් පනිමිනි.
ජවිපෙ ඉලක්ක කරගත් ප්‍රා සංවිධානයේ පෝස්ටර් මේ වන විට තැනින් තැන දක්නට ලැබුනා. එමෙන්ම ගෝණි බිල්ලන් නම් පාවා දෙන්නන් පිරිසක් ගැනද වැඩිහිටියන් අතර කතාබහට ලක්වුවා. මේ සමයේ රූපවාහිනියේ විකාශය වූ ජනප්‍රිය කතාමාලාවක් වූයේ “නයිට් රයිඩර්“. මේ කතාංගය නැරඹිමට නොවැරදීම අපේ නිවසට පැමිණීමට ගමේ තරුණයෙක් පුරුදුව සිටියා. මේ අතර දිනක දහවල දී ගමේ එලිමහන් තැනකට සියලුම තරුණයන් රැස් කෙරූ පොලීසිය ගෝනි බිල්ලෙක්ද යොදා ගෙන ඒ අතර සිටි දෙජවි ක්‍රියාකාරීන් සෙවූ බව ආරංචි වූ අතර එහිදී අත්අඩංගුවට පත් තරුණයන් අතර ලංකාවේ ජනප්‍රියම ගායිකාවකගේ ඥාතියෙක් වන මේ තරුණයාද සිට තිබෙනවා. ඉන්පසුව කිසිම දිනෙක ඔහු ගැන අසන්නට ලැබුවේ නැහැ.
භීෂණ සමයේ අවසානය සනිටුහන් කළේ මගේ මතකයට අනුව රෝහණ විජේවීර විසින් රූපවාහිනියේ කරන ලද ප්‍රකාශය. අප දැක පුරුදු රැවුල වවාගත් අයෙක් වෙනුවට මුඩු මුහුණක් ඇති අයෙක් රූපවාහිනිය ඔස්සේ කොළයක් බලාගෙන බිඳුණු හඩින් ප්‍රකාශයක් කරනු මට යම්තම් මතයක් තිබේ. ඉන් පසු රට කෙමෙන් යහපත් අතට හැරිණි. කෙසේ වුවත් මේ කතා සියල්ල නැවත දිගහැරෙන්නේ ඉන් වසර 4කට පසු ජනාධිපති ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයත් සමඟය. ජේ වී පී පත්තර ලෙස නම් කොට පියා විසින් බැලීමටවත් තහනම් කර තිබූ රාවය, යුක්තිය වැනි පත්තරවලින් මෙන්ම ලලිත් ගාමිණී පාර්ශ්වය පළ කළ “රාජාලියා“ නම් තාවකාලික පුවත්පතක් මඟින්ද භීම සමයේ අතුරු හමුදා වල ක්‍රියාකාරිත්වය හෙළිදරව් කරනු ලැබිනි.