Wednesday, August 31, 2016

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects

 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද  දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් විය. මේ කොලමේ පළවූ විවිද ලිපි අතරින් මා සිත් ගත්තේ taboosubjects නම් බ්ලොගයකින් ගත් ලිපි ය. එවකට තිබූ අනෙකුත් බ්ලොග් හා සලකන විට විශාල දේශපාලන පරිණතභාවයක් ඒ ලිපි තුළ දුටිමි. එවකට නිර්පාක්ෂික එහෙත් දැඩි සිංහල බෞද්ධ ජාතිකවාදී විරෝධී මතවාදයක සිටි මගේ දේශපාලනික මතයන් සමඟ ටැබූ ගේ ලිපි මැනවින් පෑහිණි. අන්තර්ජාලය ඔස්සේ ටැබූ පරිශීලනය කරන්නේ ඉන් පසුවය.



ටැබූ 



දේශපාලන ආර්ථික හා සමාජයීය මතවාද 

ටැබූ එවකට පෙනී සිටි‍යේ මට මතක විදිහට තරුණ ගණිත කථිකාචාර්යවරයෙක් ලෙසය. ඒ චරිතයේ ලිංගික අනන්‍යතාව සිතාමතාම නොපැහිදිලි (ambiguous)  කොට තබන ලදී. ප්ලැටොනික සමකාමි පෙමක් ගැන යම් ඉඟියක් ඇතැම් ‍පෝස්ටු තුළ විය. එමෙන්ම සමාජීයීය හා දේශපාලනික අතින් දැඩි ලිබරල් බවක් ද ආර්ථිකය සම්බන්ධ කාරණා වලදී මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ සිද්ධාන්ත සමඟ අනුගත වීමක් ද දක්නට ලැබිනි. මේ නිසාම ටැබූ සමාජවාදී මතවාදයන් දැරූ පුද්ගලයන් දැඩි උපහාසයට ලක් කළේය. අජිත් පැරකුම් ජයසිංහ සිය ඇඹේනියගේ කණකර උගස් කර "ශාස්තෲ" නම් නවකතාව පළ කිරීම දැඩිව උපහාසයකට ටැබූ ලක්කරන්නේ එවකට අජිත් සිටි සමාජවාදී දර්ශනය හා ඇති අරෝව නිසා වන්නට පුලුවන. මෙවැනි වූ ටැබූ, වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලනික භාවිතාව (අවංකකම) ගැන ප්‍රසාදයකින් කතා කළ නුමුදු එය හුදු වෙස්වළාවක්දැයි විටෙක සැක සිතේ. 

පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු  හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක්  වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය. 

ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ටැබූ දැරුවේද සාම්ප්‍රදායික ලිබරල් මතවාදයයි. බලය බෙදා හැරීමට ඔහු පක්ෂ විය. එහෙත් එය ‍‍ කොයි ආකාර විය යුතුදැයි සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් නොකළේය. දරුවන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දරුවාට ලබා දුන් වැනිම බයිසිකලයක් බාල දරුවාද ඉල්ලීම හා දෙමව්පියන් එම ඉල්ලීම දිගින් දිගටම විවිධ හේතූ දක්වමින් මඟහැරීම පිළිබඳ උපමා කතාවක් මඟින් ලංකාවේ ආණ්ඩු මඟින් දිගින් දිගටම දෙන ලද පොරොන්දු කඩ කිරීම නිසා දෙමළ ජනතාව ප්‍රචණ්ඩත්වය තෝරාගත් බව ගෙන හැර දැක්වූ බව මතකය. යුද්ධය අවසාන භාගයේ දෙමළ සරණාගතයන් කඳවුුරු තුළ අවුෂ්විට්ස් වැනි දුක්ඛිත තත්ත්වයක ජීවත් වන බව "නොකෑ යුතු අවුුරුද්ද" නම් පෝස්ටුවෙන් පෙන්වා දුන් නමුත් එය හුදු විචාර බුද්ධියට හා සත්‍යයට වඩා දෘෂ්ඨීවාදයට තැන දුන් පෝස්ටුවක් බව පසුව පැහැදිලි විය. එමෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදයට ඇති දැඩි විරෝධය දැක්වූ "සිංහයාට පාදස්ථලයක්" පෝස්ටුව ප්‍රතිවිරුද්ධ කඳවුරු අතර ගල උඩ සටනකට මඟ පාදන්නක් විය. කෙසේ වුවද සුළු ජාතීන්ගේ දේශපාලනික අයිතිවාසිකම් මහ ජාතියේ ජාතිකවාදය මඟින් යටපත් කිරීමට ටැබූ එරෙහි විය. 

එමෙන්ම කෙතරම් ආණ්ඩු විරෝධී ලිබරල්වාදීන්ගේ ආකර්ෂණයට ලක්වුවත් ටැබූ යනු හුදු ආණ්ඩු විරෝධීයෙක් නොවීය. ඔහු 2010 ජනපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය නොදුන්නේය. ඔහු පරදින බව කලින්ම පැවසීය. ඔහු රනිල් වික්‍රමසිංහව තදින්ම අප්‍රිය කළේය. එවැනි නායකයෙකු ලවා මහින්ද රාජපක්ෂව රිප්ලේස් කරගැනීමට ඔහු කැමති නොවීය. මහින්ද රාජපක්ෂ ගැන ඔහු දැරූ ආකල්පය බොහෝ දුරට මධ්‍යස්ථ මතධාරී ප්‍රායෝගික මතවාදයක් විය. ඒ ගැන හොඳින්ම වැටහෙන්නේ "මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා" වැනි පෝස්ට් කියවීමෙනි. (මෙවැනි ආකල්ප සඳහා දේශපාලනයට එහා ගිය පුද්ගලික කාරණා බලපාන්නට ඇතැයි මම දැන් සැකකරමි. ) 


කෙසේ වුවත් හැරී බලන විට ටැබූ ගේ දැඩි දෘෂ්ඨිවාදය නිසාම තර්කානුකූල බව මඟ හැර ක්‍රියා කළ අවස්ථා තිබූ බව පැහැදිලිය. උදාහරණයකට වෛද්‍ය රංග වීරක්කොඩි අප හට කෙතරම් අප්‍රිය ජනක චරිතයක් වුවත් ටැබූ සමඟ විවාදයේදී ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අනුමත ‍කළ නොහැක. එමෙන්ම නලින් ද සිල්වා ආදීන්ගේ මතවාද ගැන උඩින් පල්ලෙන් බලා කිසිඳු හරයක් නැති දෙඥඥම් බැටේ විචාරද  ප්‍රාථමික මට්ටමේ පැවතුනි.


ටැබූ හැක්වීම 

සෑම යහපත් දෙයක්ම අවසන් විය යුතු යැයි ඉංගිරිසි කියමනක් තිබේ. ටැබූ ලිබරල් වාදීන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගී තිබූ හා සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිසගේ දැඩි වෛරයටත් භාජනය වී තිබූ 2011 මුල් භාගයේ හිටි හැටියේ ටැබූ අඩවිය "හැක් වීමකට" ලක් විය. ඒ ගැන සැකය යොමු වූයේ එවක ජනප්‍රිය තිබූ පෙරමුණේ රාළ බ්ලොගයට සම්බන්ධ පිරිසක් ගැනය. එය රජයේ මාධ්‍ය මර්ධනයේ තවත් පියවරක් යැයි සිඟිති ආතල් ගත් පිරිසක් ද වූහ - හතරවැනි රයිකය ආදි කොපි කැට් බ්ලොග් බිහිවූයේ මේ නිසාය. එමෙන්ම ටැබූ අඩවියට සම්බන්ධ යැයි කියමින් එවකට බුකියේ නමක් දිනා ගෙන සිටි ලිබරල් කථිකාචාර්යවරු දෙදෙනෙකුගේ නම් ද පා කරන (floated) ලදී . 

කෙසේ වුවත් සැබෑ ටැබූ උවමනාවෙන්ම බ්ලොගය අවසන් කොට හැක්වීමේ රංගනයක යෙදුනාද යන්න අදටද ‍ ප්‍රෙහේළිකාවකි. පසුකාලීන නිරීක්ෂණ අනුව ටැබූ ලෙස වඩාත්ම සැක කළ හැක්කේ අවුරුදු ගණනක් ජනමාධ්‍යට සම්බන්ධව සිටි පුද්ගලයෙකි. ඇතැම් විට පේරාදෙණිය සරසවියේ කලා උපාධීධාරියෙකු වූ දැන් දරුණු වර්ගවාදියෙක් බවට පත් ව සිටින වෘත්තීයවේදියෙකු ඔහුට සහාය වුනා විය හැකිය. 

කෙසේ වුවත් වඩාත් පරිණත බ්ලොග් කලාවකට අත් පොත් තැබූ ටැබූ නික්ම යාම සිංහල බ්ලොග් අවකාශයට නම් ලොකු පාඩුවකි. 

Wednesday, August 24, 2016

ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media

“ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්‍රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක්  ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? 

කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල්  ගෙවා එම සමාජ ජාලවල ජනතා අදහස් තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීම සඳහා කුලියට ගත්අ න්තර්ජාල කොමෙන්ට්කරුවන් යෙදවීමේ සංසිද්ධියයි ඒ. මේ කොමෙන්ට්කරුවන් චීන ආණ්ඩුවේ ප්‍රතිරූපයට වාසි වන ආකාරයේ ලිපි පළ කිරීම, ලිපිවලට කොමෙන්ට් යෙදීම, ආණ්ඩු විරෝධී අදහස් දරන්නන් සමඟ වාද විවාද කිරීම සිදු කරනු ලැබුවා. කෙසේ වුවත් අද වන විට මෙම ක්‍රියාදාමය සිදුකරනු ලබන්නේ කුලියට ගත් කොමෙන්ට්කරුවන් නොව ස්ථිර වැටුප් ලබන චීන රජයේ නිලධාරීන් මඟින්මයි. 

පසුගිය දශකය තුළ හා අද දක්වාම ලංකාවේ සමාජ ජාල තුළත් මෙවැනිම ශත පනහේ හමුදාවක් ඇති බවට බරපතල සැකයක් අපට ඇති වීම ස්වභාවිකයි. නිදසුනක් ලෙස පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඇතැම් පුද්ගලයන් රෙජීමය විසින්ම සමාජ ජාලවල ක්‍රියාකාරිත්වය සඳහා යෙදවූ බව ප්‍රසිද්ධ රහසක්. ජනමතයට බලපෑම් කිරීමට මේ පුද්ගලයන් භාවිතා කළේ බුකියේ පිටු හා දේශපාලන සමූහ.  එවකට විපක්ෂය වෙනුවෙන් කුලියට ක්‍රියාකාරීවූ  අන්තර්ජාල ක්‍රියාකාරීන් පිරිසක්ද මෙලෙසම සිටියා. ආණ්ඩු විරෝධී මීම් ආදිය මූලිකවම ඔවුන්ගේ නිර්මාණ. ඒ ඇතැමෙක් තවමත් වත්මන් රජය වෙනුවෙන් පෙනී සිටින බව නිරීක්ෂණය කළ හැකියි. එයත් ගරිල්ලා මාකටින් වර්ගයේ මෙහෙයුමක් විය හැකියි. 

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවන ප්‍රධානම කාරණයක් වන්නේ වැටුප් සඳහා නොව දෘෂ්ඨියාත්මක හේතූන් නිසා ඒ මහතාට සහයෝගය දෙන වෘත්තීයවේදීන්  විශාල පිරිසක් සමාජ ජාල තුළ සිටීමයි. බොහෝ විට ජාතික චින්තනවාදීන් හෝ ජාතිකවාදීන් වන මොවුන්  බොහෝ අවස්ථාවලදී තර්කනය මඟින් වර්තමාන රජයට සහාය දෙන පිරිස් හට කට උත්තර නැතිකිරීමට සමත් වී තිබෙනවා. උදාහරණයකට අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, රටේ ආර්ථික තත්ත්වය ආදිය ගැන රජයේ මතවාදය ගෙනයන්නන්ගේ මතවාද කරුණු සහිතව සාර්ථක ලෙස බිඳ  හෙලීමට මේ ජාතිකවාදී වෘත්තීයවේදී ප්‍රජාව සමත් වී ඇත්තේ සයිබර්කු ලී හමුදාවට වඩා සාර්ථක ලෙසිනුයි. 

එම නිසාම රජයට සහයෝගය දෙන පිරිස (ටොයියන්) බිත්තියට හේත්තු කිරීමට බයියන් සමත් වී සිටින බව මගේ නිරීක්ෂණයයි. දැනට ටොයියන්ගේ ක්‍රියාකාරිත්වය විසිළු ස්වරූපයකට පත්ව ඇත්තේ රජයේ අසමත් බව ගැන ප්‍රධාන තර්කවල පිළිතුරු දීමට නොහැකිව වටේ යන වෙනත් වැදගත්කමක් නැති දෑ ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹී ඇති නිසා. 



Tuesday, August 9, 2016

බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ විසින් චෙල්වනායකම්ව “මෝසස්“ කෙනෙක් ලෙස හැඳින්වූයේද ? Did Bishop Lakshman Wickremasinghe call Chelva a " Moses" ?

ආචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රභාකරන්ගේ බාප්පලා මස්සිනාලා පොතේ හෝ ඔහු විසින් 1990 දශකයේ දිවයින පුවත්පතට සැපයූ ලිපිවල හෝ එන එක් කරුණක් දිගටම මගේ මතකයේ රැඳී තිබේ. එනම් ලංකාවේ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ව්‍යාපාරයේ සමාරම්භකයා ලෙස සැලකෙන එස් ජේ වී චෙල්වනායකම් මහතාගේ අවමඟුලේදී. ලංකාවේ ඇංග්ලිකන් පල්ලියේ කැපී පෙනෙන චරිතයක් වූ කුරුණෑගල බිෂොප් තැන්පත් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් කතාවක් පවත්වමින් “ තම ජනතාව පොරොන්දු දේශයට රැගෙන ගිය මෝසස් කෙනෙක් “ ලෙස චෙල්වනායකම් මහතාව හැඳින්වූ බවය. 


බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මේ කළේ යැයි කියන ප්‍රකාශය පුපුරා යන සුලුය. එක අතකින් ඒ බිෂොප් තුමා, සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගේ උදහසට වැඩියෙන්ම ලක්වූ ශ්‍රී ලාංකික නායකයන් වන ජේ ආර් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ළඟම ඥාතියෙකි. අනික් අතින් ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මුල් වරට ක්‍රියාකාරී වූ අයෙක්ද වේ. 1983 ජූලි වාර්ගික ප්‍රහාරයන්ගෙන් පසු හෙන්ස්මන් විසින් අනවර්ථ නාමයකින් රචිත Sri Lanka: Holocaust and After හි සඳහන් පරිදි බිෂොප් තුමා එම කලබලවලින් අනාථ වූ දෙමළ ජනතාව වෙසෙන සරණාගත කඳවුරුවලට ගොස් තමන්ට හැකි අයුරින් ඔවුනට පිහිට වීමට උත්සාහ ගත්තේය. එමෙන්ම තමන්ගේම ළඟම ඥාතීන් මේ ක්‍රියාවලිය පිටුපසින් සිටීම ගැන ඔහු දැඩි කණගාටුවකින් පසුවූයේලු. හෙන්ස්මන් කියන ආකාරයට ඒ වන විටත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී තිබූ බිෂොප්තුමාගේ මරණය ඉක්මන් වූයේ මේ කණගාටුව නිසාය. 

මේ තොරතුරු නිසා ලක්ෂ්මන් වික්‍රමසිංහයන් දෙමළ බෙදුම්වාදයට සානුකම්පිත ස්ථාවරයක් දැරුවේදැයි මම  සැක කළෙමි. කුරුණෑගල     ක්‍රිස්තු රජිඳු මුල් දෙව්මැදුරේ (Cathedral Church of Christ the King) ලක්ෂ්මන් වික්‍රමසිංහ ශාලාව දකින සෑම විටම මේ පිළිබඳවද මගේ මතකයට නැගිනි.   ඇංග්ලිකන් පල්ලියේ කෙනත් ප්‍රනාන්දු බිෂොප් වරයා “ප්‍රභාකරන් මානව හිතවාදියෙක්“ යැයි පැවසූ පසුබිමක් තුළ එවැන්නක් සිදුවීමේ යම් සම්භාවිතාවක්ද තිබිණි. කෙසේ වුවත් එවැනි ස්ථාවරයක් ඔහුගේ මානව හිතවාදී ප්‍රතිරූපය පළුඳු කරන්නක් මෙන්ම ක්‍රිස්තියානි/කතෝලික පල්ලි, බටහිර අධිරාජ්‍යවාදය හා දෙමළ බෙදුම්වාදය අතර ඇතැයි නලින් ද සිල්වා හා සිංහල බෞද්ධ ජාතිකවාදීන් පවසන සැබැඳියාව තහවුරු කරන්නක් ද වේ. 

කෙසේ වුවත් මෑතකදී මේ ගැන නැවතත් මතක් වූ අවස්ථාවක් අන්තර්ජාලය ඔස්සේ කීවර්ඩ් සෙවීමක් කළ විට මට දක්නට ලැබුනේ මා සිතූ ප්‍රතිඵලය නම් නොවේ - සැබවින්ම චෙල්වනායකම්ගේ අවමඟුලේදී ඇංග්ලිකන් බිෂොප්වරයෙක් “ He died like Moses himself without reaching the promised land but the vision he saw, he leaves behind as the heritage and challenge to his people “ යනුවෙන් ප්‍රකාශයක් කර තිබේ. බයිබලයේ පැරණි ගිවිසුමේ නික්මයාම (Exodus) පරිච්ඡේදයේ එන මෝසස් නම් ඊශ්‍රායල් ජනතාව මිසර වහල් භාවයෙන් මුදාගත්  විමුක්තිදායකයා , කානන් දේශය එනම් පොරොන්දු දේශයට යාමට පෙර මිය යාමත් පසු කාලිනව ජෝෂූවා වැනි නායකයන් ඊශ්‍රායල සෙනඟ පොරොන්දු දේශය වෙත ගෙනයාමත් අතර සමාන්තර බවක් මේ ප්‍රකාශය තුළ ගම්‍ය වේ. ( ඒ අනුව නම් ජෝෂූවාට සමාන වන්නේ ප්‍රභාකරන්ය !) . 

කෙසේ වුවත් ඉහත ප්‍රකාශය කරඇත්තේ බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන් නම් නොවේ. දකුණු ඉන්දියාවේ ඇංග්ලිකන් පල්ලියේ යාපනය බිෂොප් තැන්පත් ඩී ජේ අම්බලවානර් විසිනි.  එම නිසා බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ගේ නමට සිදු වූයේ අසාධාරණ කැළලක් බව සඳහන් කළ හැකිය. 


Wednesday, July 6, 2016

Limits of Love නොහොත් රිචඩ් ද සොයිසා ගැන රජීව විජේසිංහගේ සැමරුම

මීට වසර  නවයකට පමණ පෙර කුරුණෑගල ප්‍රකට පොත්හලකදී අහම්බෙන් මගේ නෙත ගැටුනේ රිචඩ් ද සොයිසාගේ මුහුණේ විශාල ඡා‍යාරූපයකින් යුතු කවරයක් සහිත පොතක් - කතුවරයා වූයේ මහාචාර්ය රජීව විජේසිංහ. 

රිචඩ් ද ‍සොයිසා සම්බන්ධයෙන් කරුණු දැනගැනීමේ කුතුහලය නිසාම එම නවකතාව මිලට ගත්තත් එහි පෙරවදනේම රජීව සඳහන් කරන්නේ නවකතා‍වේ ප්‍රධාන චරිතය රිචඩ් ද සොයිසා මත ගොඩනැගුනත් සැබවින්ම තවත් සත්‍ය චරිත කිහිපයක සංකලනයක් බවයි. මට පසුව වැටහුණු පරිදි රිචඩ් වැනිම රජීවගේ හොඳම මිතුරෙක් වූ ලංකාවේ ලිබරල් පක්ෂයේ ආරම්භකයා වූ චානක අමරතුංග ද මෙන්ම රජීව විජේසිංහද මේ චරිතය තුළ සිටිනවා ! 
නවකතාව ගලායන්නේ  රජීව නම් සරසවි ඇදුරෙකුගේ ආත්ම කථනයක් ලෙසයි - (හැබැයි රජීව විජේසිංහයන් පෙරවදනේ පවසන්නේ නම් ඇතැම් සමානකම් තිබුනනේද මේ  රජීව චරිතය තමා මත පදනම් නොවූවක් බවයි !) නවකතාව ආරම්භ වන්නේ  1990 මාර්තු වලින් -  මුලින්ම රජීව රිචඩ් ගැන යම් විස්තරයක් සපයනවා. ඔහු රචනා කළ විවාදාත්මක නවකතාවක් ගැනත් ඔහුගේ පාසල් දිවිය ගැන තොරතුරුත් පැවසෙනවා - මේ වන විට රජීව සිටින්නේ  ඉතාලියේ ‍ කෝමෝ විල අසබඩ හෝටලයක- එයට හේතුව වන්නේ ඇමරිකාවේ රොකෆෙලර් පදනමේ අනුග්‍රහයෙන් විද්‍යාර්ථින් වෙනුවෙන් පැවැත්වෙන මසක  සාහිත්‍ය වැඩමුළුවක්  සඳහා - මෙහිදී ඔහුට ජවිපෙ කලබල නිසා මීගමුවෙන් ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙක් හමුවෙනවා - ඔවුන් දෙදෙනා රිචඩ්ගේ සමකාමී සහකරුවන් ලෙස රජීව හඳුනාගන්නවා-  රිචඩ් පිළිබඳ රජීවගේ අතීතාවර්ජනය ඇරඹෙන්නේ මෙතැන් සිටයි. 




දේශපාලනය 

1980 දශකයේ ලංකාවේ දේශපාලනය ප්‍රධාන කොටම නවකතාවට වස්තු වනවා. ජනාධිපති ජේ ආර් ජයවර්ධන "ඩිකී" ලෙස ඔහුගේ නමින්ම හැඳින්වුවද එවක ප්‍රබලයන් වූ ආර් ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක හා රොනී ද මැල් යන දැවැන්තයන් රනිල් හා අනිල් යන චරිත දෙකට කැටිකොට තිබෙනවා. එහිදී "රනිල්" තුලින් මූලිකවම ප්‍රේමදාසද අනිල් තුලින් ලලිත්වද මූලිකව නිරූපණය වන බව වටහා ගත හැකියි. අනිල් යනු රජීවගේ ඥාති සොහොයුරෙක් රනිල් යනු ඔහුගේ බිරිඳගේ ඥාතියෙක්.

රිචඩ් මුලදී අනිල් සමඟ වැඩ කළ බවත් අනිල් යම් දිනක රටේ පාලකයා කරවීමේ සිහිනයෙන් පෙළුණු බවත් දැක්වෙනවා. අනිල් විසින් කොටි සංවිධානයට එරෙහිව දැඩි හමුදා මෙහෙයුමක් ඇරඹීමේදී (සැබෑ දිවියේ operation liberation) රිචඩ්ද කොටි සංවිධානයට එරෙහි ප්‍රචාරක කටයුතු වලට මෙන්ම කොටි සැකකරුවන් ප්‍රශ්න කිරීමටද අනිල්ට සහාය වනවා. අනිල් හා රනිල් අතර දේශපාලන තරගයක් ඇති කරන්නේ ඩිකී තමාට වන තර්ජන අඩුකර ගැනීමට.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඩිකීගේ රජය යටතේ බිඳවැටීම රිචඩ්ගේ දැඩි විරෝධයට හේතුවනවා. ඔහුට එය විචේචනය කරමින් ලිපි සපයනවා.

මෙලෙස විපක්ෂ ක්‍රියාකරුවෙක් වුවත් රිචඩ් 1980 දශකයේ අගභාගය තෙක්ම සිටින්නේ අනිල් ජනපති වීමෙන් පසු මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි රැල්ල ආපසු හැරවිය හැකිය යන බලාපොරොත්තුවෙන්. එහෙත් 1987න් පසු රජයට ඇති ප්‍රබලම විරෝධය ජනතා විමුක්ති පෙරමුණ බවට පත්වෙද්දී රට අරාජික වද්දී  රිචඩ්  ඔවුනට කෙමෙන් ආකර්ෂණය වනවා. රජීවට අනුව රිචඩ්ට මුලින්ම "කොක්ක" වැටෙන්නේ බ්‍රිතාන්‍ය කවුන්සිලය අනුග්‍රහයෙන් පැවැත්වූ නාට්‍ය වැඩමුළුවකදී හමුවන සාමාන්‍ය පංතියට අයත් තරුණයන් පිරිසක් ඔස්සේ - පසුව ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙක් වන බව රජීවට වැටහෙනවා. විශේෂයෙන් රූපවාහිනී හා ගුවන් විදුලි සංස්ථාවන්ගේ කටයුතු අඩපණ කරන්නට රිචඩ් තැත් කරන බව සිය මිතුරන් ඔස්සේ රජීව දැනගන්නා නමුත් ඔහුගේ අවවාද රිචඩ් පිළිගන්නේ නැහැ.


 ඝාතනය

වඩාත්ම විවාදාත්මක ලෙස නවකතාවේ රිචඩ්ගේ ඝාතනයට හේතුව ලෙස දක්වන්නේ සිය පංතිය ඔහු පාවාදීම බවයි. මේ ක්‍රියාවෙන් දැඩි කෝපයට පත්වන රන්ජන් (විජේරත්න) සිය පංතියේ අන්‍යන්ටද පාඩමක් ලෙස ඔහු මරා දමවන ලද බවයි රජීව පවසන්නේ. එමෙන්ම නවකතාව තුළද මේ පංතිය පිළිබඳ කාරණය විටින් විට මතුවනවා. කොළඹ ඇංග්ලිකානු  ඉංගිරිසි උගත් ඉහළ පැලැංතියට අයත් රිචඩ් හා රජීව රටේ සාමාන්‍ය ජනතාව දෙස බලන්නේ අමුතුම  සත්ව කොටසක් දෙස බලන ආකාරයෙන්. මේ අතින් ඊ එම්  ෆෝස්ටර්, ඔස්කාර් වයිල්ඩ් වැනි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ බලපෑම අපට දැකිය හැකියි. වරෙක රිචඩ් හට විශ්ව විද්‍යාලයේ උගැන්වීමට අවස්ථාව ලැබෙනවා. එහිදී ගම්බද සිංහල විද්‍යාර්ථින් මුල්වරට හමුවන ඔහු පවසන්නේ තමන් ටෝල්ස්ටෝයි මෙන් හැගෙන බවයි. ටෝල්ස්ටෝයි ද සිය තරුණ වියේ ගම්බද රදළයෙක් ලෙස නින්දගම් වැසි ගැමියන් පාලනය කළ බවත් ඒ අතරින් ලිංගික සහකාරියන් සොයා ගත් බවත් ප්‍රකට කරුණක්.
කෙසේ වුවත් සිය මාධ්‍යවේදී භූමිකාව නිසා රිචඩ් ඝාතනය වූ බවට 1990 දශකයෙ සිට අද දක්වා විටින් විට නැගෙන හඩට අනුබලයක් නම් නවකතාව තුළින් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම එය විවාදාත්මක ආස්තානයක්.

 අනන්‍යතාව

 
මට හැඟෙන ආකාරයට (නවකතාවේ) රජීව පුරාණ ග්‍රීසියේ පැවතුනාක් වැනි වැඩිමහල් පිරිමියෙක් හා ලාබාල පිරිමියෙක් අතර සමකාමී ප්ලැටොනික ආදර සම්බන්ධතාවලට ලඟින් යන දෙයක් රිචඩ් හා ඔහු අතරත් දකිනවා. රිචඩ්ගේ ලිංගික අනන්‍යතාව ඉස්මතු වන අවස්ථා කිහිපයක් නවකතාව තුළ දක්නට ලැබෙනවා . ඊ එම් ෆෝස්ටර් වැනි සමකාමී ලේඛකයන්ගේ කෘතිවල ආභාෂයක් ඒ සබඳතා වල දක්නට ලැබෙනවා. එමෙන්ම විදේශීය සමකාමී සංචාරකයන් විසින් විවෘත ආර්ථිකයත් සමඟ ලංකාවේ වෙරළබඩ නගරවල ළමුන් ලිංගික සූරාකෑමට ලක්කිරීමත් නවකතාවේ රිචඩ්ගේ දැඩි විවේචනයට හසුවන්නේ රජීවගේ මිතුරෙක් වන කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රිකයෙක්ගේ හැසිරීම ඔස්සේ. (පුදුමයකට මෙන් සැබෑ ජීවිතයේ රිචඩ් ද සොයිසා මෙලෙසම Fat White Man නමින්   ලංකාවට පැමිණි සමකාමී සංචාරකයන්  දැඩිව විවේචනය කරමින් කවියක්  රචනා කොට තිබෙනවා). කෙසේ වුවත්  තායිලන්තය, කාම්බෝජය වැනි රටවලදීද ලංකාවේ මීගමුවේද මෙවැනිම සබඳතාවල රිචඩ් නියැලෙන අයුරුත් නවකතාවේ විස්තර වෙනවා. එමෙන්ම නවකතාවේ විස්තරකරු වන රජීව චරිතයද සැබවින්ම සමකාමියෙක් වුවද සමාජයේ බලපෑම මත ඉහළ පවුලක තරැණියක හා විවාහ වන බවද දැක්වෙනවා. 


රජීව විජේසිංහයන්ගේ ඉංගිරිසි භාෂා හැසුරුමත් ප්‍රශංසනීයයි. රමණීය හා සරල බස්වහරක් මෙහිදී ඔහු යොදා ගන්නවා. එම නිසාම අතිශයින් විවාදාත්මක ලෙස දැනෙන කරුණු පවා සාමාන්‍ය අයුරින් පාඨකයා වෙත ගෙන ඒමට ඔහු සමත් වෙනවා.

මේ කරුණු සැලකූ විට Limits of Love රිචඩ් ද සොයිසා ගැන සැමරුමක් මෙන්ම 1980 දශකයේ ලංකාවේ දේශපාලනය ගැන මනා විශ්ලේෂණයක් ලෙසද හැදින්විය හැකි නවකතාවක්.


Tuesday, June 21, 2016

සාම්ප්‍රදායික ආගමික සිනමාව උඩු යටිකුරු කළ Jesus Christ Superstar

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ සිනමාත්මක නිරූපණයන් මුල් කාලයේ සිටම විවාදාත්මක බව රහසක් නොවේ. විසිවන සියවසේ මැද භාගයක් වෙන තෙක්ම බටහිර සමාජය මූලිකවම කිතුණු ආගමට නැඹුරුවක් දක්වන පිරිස බහුතරයක් වූ බැවින් ජේසුස්වහන්සේ සෙලිලොයිඩ් පටයේ නිරූපණය කිරීමේදී අධ්‍යක්ෂවරු සහ නලුවන් බෙහෙවින් ප්‍රවේශම් වුනා. උදාහරණයක් ලෙස 1950 දශකයේ අතිශයින් ජනප්‍රිය වූ චාර්ල්ටන් හෙස්ටන් රඟන විලියම් වයිලර්ගේ  "බෙන් හර්" චිත්‍රපටයේ ක්‍රිස්තුස්වහන්සේගේ මුහුණ නොපෙන්වා සිරුර පමණක් පෙන්වනු ලබනවා. මෙලෙසම කිං ඔෆ් කිංග්ස් වැනි චිත්‍රපටවල රූගත කිරීම්වලට ප්‍රථම දේවමෙහයෙන් පවා පවත්වනු ලැබූ බව කියවෙනවා. 

මේ අතර 1960 දශකයේ පමණ ලෝකය පුරා පැතිර යමින් තිබූ අධිරාජ්‍ය විරෝධි වාමාංශික රැල්ලත් සමඟ විමුක්ති දේව ධර්මය (Liberation Theology) නමින් කතෝලික දහම තුළ විකල්ප මතවාදයක් ගොඩනැගුනා. එයින් ප්‍රධාන වශයෙන් කියැවුනේ ක්‍රිස්තුස්වහන්සේ දිළිඳු ජනතාවගේ පාර්ශ්වය ගෙන ඔවුන් විඳින ‍ පීඩාවන්ට එරෙහිව සටන් කළාක් මෙන් වර්තමාන කිතුණු සභාවන්ද අධිරාජ්‍යවාදීන්ට හා පීඩාකාරී දක්ෂිණාංශික රාජ්‍ය තන්ත්‍රයන්ට එරෙහිවී පොදු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගත යුතු බවයි. එමෙන්ම මේ වනවිට බටහිර සමාජයන් තුළද කිතුණු ආගමේ මූලධර්මයන් දැඩි ප්‍රශ්නකිරීම්වලට ලක්වෙනවා. තමන් අ‍දේවවාදීන් හෝ ආගමක් නැති අයවලුන් ලෙස හඳුන්වාගන්නා පිරිස් කෙමන් , විශේෂයෙන් තරුණ පරපුර තුළ, වැඩිවෙනවා. ඇමරිකාව හා බටහිර රටවල් වල තරුණ පරපුර තුළ මෙවකට පැතිරෙමින් තිබූ ප්‍රතිසංස්කෘතිය (counterculture) මේ සාම්ප්‍රදායික ආගමික විශ්වාස ප්‍රශ්න කිරීම්වලට ලක්කිරීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වුනා. සාම්ප්‍රදායික කිතුණු දහම මුහුණ දුන් තත්ත්වය කෙතරම් දරුණු වූයේද යත් 1960 දශකයේ අගභාගයේ ජාත්‍යන්තර TIME සඟරාවේ එක් විවාදාත්මක කවරයක් වූයේ Is the God Dead ? (දෙවියන්වහන්සේ මිය ‍ගොසින්ද ? ) යන්නයි. මේ ප්‍රතිසංස්කෘතික බලපෑම හොලිවුඩ් සිනමාවටත් මේ වන විට ප්‍රබලව දැනී තිබුනා. තරුණ පරපුර ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ The Graduate, Carnal Knowledge, Easy Rider, Bonnie and Clyde, Badlands වැනි සිනමා නිර්මාණ මීට සාක්ෂි දරනවා. මෙලෙස ආගමික සිනමාවද සමකාලීන ජනප්‍රිය සංස්කෘතියේ බලපෑමට ලක්වීමට වැඩි කලක් ගතවුයේ නැහැ. 

ඇන්ඩෲ ලොයිඩ් වෙබර් නම් වෙල්ෂ් ජාතික සංගිතවේදියාගේ රොක් ඔපෙරාවක් ඇසුරින් ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ නෝමන් ජුවිසන් අධ්‍යක්ෂණය කළ Jesus Christ Superstar ( 1971) එවක ජනප්‍රිය සංස්කෘතියේ බලපෑම නිසා සාම්ප්‍රදායික සිනමාව උඩු යටිකුරු කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. මේ කෘතියේ ක්‍රිස්තුස්වහන්සේ ජෙරුසලමට පැමිණිමේ සිට කුරුසිපත් වීම දක්වා උන්වහන්සේ ගේ ජීවිතයේ අවසන් සතිය නිරූපණය වෙනවා. 
ටෙඩ් නීල් ජේසුස් වහන්සේ ලෙස 

සමකාලීන රොක් සංගීතය මොනොවට යොදා ගත් අයුරු මෙම කෘතිය තුළින් පැහැදිලියි. එමෙන්ම මෙහි චරිතයන් හැඳ පැළඳ සිටින්නේද 1970 දශකයට අයත් ඇදුම් පැළදුම්. කෘතිය තුළ නවගිවිසුමේ දුෂ්ටයා වන යූදස්ගේ චරිතය ප්‍රබලව ඉස්මතු වනවා - මෙහිදී යූදස් යනු හුදු දෙවියන්වහන්සේගේ රූකඩයක් පමණක් බවත් දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ සඳහා වූ තම සැලැස්ම සඳහා ඉත්තෙකු මෙන් යූදස් යොදා ගත් බවත් සිනමා කෘතිය තුළ පැවසෙනවා. එමෙන්ම පීඩිත පංතියේ වීරයෙක් ලෙස පූජකවරුන්ගේ ගර්භාවට ලක්වන ක්‍රිස්තුස්වහන්සේ‍ට යූදස් අනතුරුද අඟවනවා. විශේෂයෙන් දේව මාළිගාව පවිත්‍ර කිරීම පිළිබඳ සුප්‍රකට බයිබල් සිදුවීම මෙම සිනමා පටයේ එන්නේ ජේසුස් වහන්සේ අවි ජාවාරම්කරුවන්, සෑම දේටම මිලක් නියම කරන රිභෝජනවාදයේ සංකේත බඳු වෙළඳුන් දේව මාළිගයෙන් පලවා හැරීමක් ලෙසයි. එමෙන්ම ලෝකය තුළ දුකේ නිමාවක් නොමැති බව ජේසුස්වහන්සේ ලාදුරු ‍රෝගීන් සුවපත් කිරීමේදී උන්වහන්සේම නිමාවක් නොමැති ‍ රෝගීන්ගෙන් පීඩාවට පත්ව මොරදෙන ජවනිකාවෙන් හඟවනවා. 

මෙම විප්ලවීය කෘතිය ලංකාව තුළ තහනමට ලක්වූ බව මා අසා තිබෙනවා. එමෙන්ම ලෝකයේ කතෝලික රටවල චිත්‍රපටය පෙන්වීමේදී ප්‍රබල විරෝධතා මතුවූ බවද පැවසෙනවා. එසේ වුවත් මෙල් ගිබ්සන් සිය ලේ වැකුණු "Passion of Christ" තුළින් ගෙනහැර දැක්වීමට අපොහොසත් වූ  ‍ ක්‍රිස්තුස්වහන්සේ මේ අදේවවාදි සිනමා පටය තුළින් දිස්වන බව මගේ හැඟිීමයි.  


Monday, April 18, 2016

On My Religion

I chanced upon a Facebook discussion elsewhere, in which among others, the nature of my religious beliefs was discussed.  Since there seem to be some misunderstanding on the said topic I take this opportunity to lay the matters to rest.



I was a baptized Anglican Christian belonging to the Church of Ceylon. It is certainly true that at up to a certain period in my life I held on to my religious beliefs at least in theory rather than practice. A major influence in that regard was my late father, who did the same in the face many trials in his life. At a time when a certain segment of Sinhala Buddhist nationalists were haranguing other religions via social media, I fought back in the name of my religion.  But this was more of a political rather than a purely religious gesture. It was based on the need of an identity and need to fight the fundamentalist forces holding sway at that time.

But despite this outward zeal, I was always fighting the lingering doubts inside. The illogicality and irreconcilable difference that I found with the bible and notion of omnipotent and omniscient God and the personal tragedies I faced throughout my life made me in practice at least a nominal Christian. 

Then I faced what was to be the greatest personal loss to me. This was as they say the last straw that broke the back of the Camel. It seems to me end of the day what the life proved over and over again was the inevitability of death and suffering, a point Ingmar Bergman makes so aptly in his iconic work “The Seventh Seal”, the silence of God in the face of suffering. It was at that point I decided to become completely irreligious. However much later due to Ven. Walpola  Rahula’s major work I came to appreciate Buddhism, but only as a distant observer rather than an adherent. Suffice to say the reasons for my disenchantment with religion has more to do with deeply personal issues rather than the logical path taken by some prominent secular and atheist characters here in FB.

Playing Chess with Death from "The Seventh Seal" 


Today I have no hatred of any religion. I respect the mental and spiritual satisfaction that people fulfill via religion. In fact I sometimes help some of those close to me gain such satisfaction if they so wish, because end of the day all we want is fulfillment, even though I remain passively irreligiously, only coming out when some people, mostly of strong monotheistic persuasion tries to push outdated ideas using the cloak of science. Some people might say that I’m a closet Christian in guise of a secularist to attack Sinhala Buddhism. Nothing could be farther from the truth.  

Tuesday, April 12, 2016

Sleepwalking In To An Apocalypse: The Gathering Storm Of Sinhalese – Muslim Strife

අන්වර්ථ නාමයකින් කළම්බු ටෙලිග්‍රාෆ් වෙබ් පුවත්පතට පහත ලිපිය ලියන ලද්දේ 2013 ජනවාරි මාසයේය  - එහි මා එවකට පැමිණි ඇතැම් නිගමන සත්‍ය නොවන බව පසුව වැටහුන නමුත් 2014 ජූනි මාසයේ ලිපියේ මූලික කරුණ අවාසනාවන්ත ලෙස සත්‍යයක් බවට පත් විය ( මුල් ලිපියේ ලින්කුව https://www.colombotelegraph.com/index.php/sleepwalking-in-to-an-apocalypse-the-gathering-storm-of-sinhalese-muslim-strife/ )



Sleepwalking In To An Apocalypse: The Gathering Storm Of Sinhalese – Muslim Strife

By Boz –
The Sinhalese-Muslim race riots of 1915 were sparked off by a minor incident but would later snowball in to widespread altercations similarly, what we are seeing  now, culmination of what was simmering beneath surface for the last twenty years ,might very well set the stage for yet another bout of racially motivated violence, implications of which would be far worse than what we had gone through for the last 30 years.
The Roots
After the Independence the relations between Muslims and Sinhalese had been largely cordial, and the Muslims were affiliated with either of two main Sinhalese political parties. What changed this was the LTTE factor, the ethnic cleansing of Muslims in Jaffna and savage attacks against Muslims civilians in the East during the late 1980 s. The need for a specifically Muslim political force to address the grievances of Muslims was felt and SLMC was founded with its leader, late Mr. Ashraff gaining star status as a king maker in the mercurial Sri Lankan political scene by the mid 1990 s. Mr. Ashraff and the SLMC gained considerable clout in the East and then came the allegations of bulldozing Deegawaapi and Muslim expansionism in the areas belonging to the ancient Sinhala civilization in the East . One of the most vociferous critics on this count was the late Ven. Soma . Gradually the general Sinhala Buddhist population began to view SLMC and by extension Muslims with apprehension
Social Media Influence
In the recent past websites began to appear targeting Islam, as well as its adherents, slandering them in foulest terms. Allegedly formulated as response to certain Islamic extremist websites, these blogs were inspired by Faithfreedom.com of one Ali Sina, an anti-Islamic activist operating out from the US. Add to this in social media , especially in the Facebook, where Sri Lankans have a rather large presence , pages such as Sorry.com with their chilling graphics and slanderous articles grew in prominence by the day, creating vitriolic anti Muslim sentiments among the Sinhalese, especially in those belonging to the middle class.
Further there are appeals to boycott popular businesses such as No Limit belonging to Muslims made via Facebook and mass circulation e-mails.
The Halal Issue
Another topic that gained prominence recently was the anti Halal campaign where  Non Muslims were asked  to boycott Halal products. There are allegations from some quarters that large sums paid to obtain Halal certificate are then being used to fund Muslim expansionism including building of mosques and therefore non-Muslims do not have contribute to Halal certificate costs which are included in to the product price. While ACJU, responsible for issuing Halal certificate ,clarified their stance in a recent statement, the campaign lingers, increasingly becoming popular among Sinhalese moderates as well.
Law College Entrance Exam controversy
There was a recent allegation that the Law College Entrance exam was rigged in favor of Muslim students. Comparisons with the results of the previous years showed an abnormal propensity towards Muslim students who sat for the exam in both English and Tamil streams. Further three top places went to Muslim students as well. Police is now investigating whether the question paper was leaked through a certain tuition class in Wellawatte. This consequently motivated many Sinhalese moderates to reconsider their position vis-à-vis alleged Islamic threat.
Bodu Bala Senaa
Bodu Bala Senaa is a recent manifestation modeled on Shiv Sena of India, comprised of ultra nationalist Buddhist monks and lay people. The stated aim of the this organization is to cleanse the Buddhism in Sri Lanka of what it names as charlatans and also to act as a bulwark against “threats” against Sinhala Buddhist polity. At times it acts as a vigilante force ,a religious police. Bodu Bala Senaa too is instrumental in fomenting anti Islamic sentiment citing expansionist fears.
The Usual Suspects
Like Captain Louis Renault, various analysts are trying to round up the usual suspects of this latest bout of racialism. Some, if not all, liberal and even Muslim commentators lay the blame squarely at the feet of the ruling party. According to them the Government is directly responsible for these actions by creating a diversion for the majority Sinahlese Buddhists from economic and political woes contributing to the unpopularity of the government. However for obvious reasons this theory looks hollow, for the government would be shooting itself on foot if it is indeed promoting anti Muslim sentiments at the expense of the national unity as, facing an uphill battle come March at the UNHRC it needs the votes of Islamic nations like the last time, cheap oil from Iran as well as it has to maintain the cash cow of foreign remittances, lion’s share of which comes from the emigrant workers in the Middle East region. Some pro-Government analysts claim that this is all a Western conspiracy to create divisions and paving the way for another Syria. This too looks far fetched given geo political equations .
However there might be some Sinhalese businessman fearful of Muslim dominance in retail clothing trade behind the calls for boycott of Muslim businesses. Closest to what we are seeing in Sri Lanka today is the anti Semitism in the Europe of last century that paved the way for racial stereotypes and catastrophe. However if the present trend is not arrested we can look forward to further blood letting and international stigmatization and grave economic and social consequences.
Therefore it’s incumbent upon government to look in to the grievances of both Muslims and Buddhists and take corrective actions if any injustices were occurred  so there would be no more slogans for religious fanatics like Bodu Bala Senaa or the Jihadists. Further the Government should aggressively pursue offenders who strive to drive a wedge between communities via social media and e-mail campaigns .