ප්‍රධාන කොටම පුද්ගලික හේතූන් මත ආගම් ඇදහීම අත්හැර දැම්මත්, රටේ ප්‍රධානම ආගම වන බුදු දහම පිළිබඳ උගෙනීමට සෑහෙන කලක සිට මට ආශාවක් ඇතිව තිබුනා. මා බෞද්ධයෙක් ලෙස කුඩා කල සිට හැදුනු වැඩුනු අයෙක් නොවන නිසා දැනටමත් බුදු දහම අදහන්නන් වෙත ලියවුනු බහුල වූ පොත් පත් කියවීමට මා තුළ වූයේ දැඩි කුසීත බවක්. මගේ මිතුරියක් වල්පොළ රාහුල හිමියන් විසින් රචිත What the Buddha Taught පොත් පිංච මා වෙත ලබා දෙන්නේ මේ නිසායි.
වල්පොළ රාහුල හිමියන් මේ කෘතිය ලියන්නේ පැරීසියේදී. මුල් වරට ප්‍රකාශයට පත් කෙරෙන්නේ 1959 වසරේදී. මෙහි ඉලක්ක ගත පාඨක පිරිස එතුමාම පෙරවදනේ සඳහන් කරන පරිදි ඉංගිරිසි කියවන බුදු දහම ගැන දැනුමක් නැති අය, එනම් බොහෝ දුරට බටහිර ජනතාව. සරලව විස්තර කර දීමට රාහුල හිමියන් උත්සාහ දැරුවත් බුදු දහමේ සංකීර්ණත්වය පිළිඹිඹු වන පරිදි තමන් විසින්ම උත්සාහයෙන් වටහා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා. පරිච්ඡේද බෙදා ඇති පරිදි පළමුව බුදුන් වහන්සේ ගැන මූලික හැඳින්වීමක් කර ඉන්පසුව බුදුදහමේ පදනම වන චතුරාර්ය සත්‍යයන් පිළිබඳව හැඳින්වීමක් කරනවා . ඊළඟ පරිච්ඡේදයන් හතරේ මේ එක් එක් චතුරාර්ය සත්‍යය විස්තර කරන්නේ ඒවා අතර බැඳිමද අවබෝධ කරමින්.
මෙහිදී බුදු දහමේ එන නිර්වාණය යනු කුමක්දැයි මොනොවට පැහැදිලි කරනවා. නිර්වාණය යනු සරලවම පංචස්කන්ධයේ සත්‍ය ස්වරූපය දැකීම එනම් පරම සත්‍ය අවබෝධ කරගැනීම බවත් මෙලෙස සත්‍ය ඇති සැටියෙන් අවබෝධ කරගැනීම නිසා සංසාරය දිගු කරන බලවේගයන්ගේ මායාව අවබෝධ වීම නිසා සංසාර චක්‍රයෙන් ගැලවීමට ලැබෙන බවත් විස්තර කෙරෙනවා. එමෙන්ම මේ පරම සත්‍යය අවබෝධ කරගැනීම සඳහා ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමන කළ යුතු බවත් පැවසෙනවා. . මට හැඟෙන ආකාරයට නිර්වාණය පිළිබඳව ලැබුනු හොඳම වැටහීම මෙයයි. ඉන් පසුව අනාත්ම බව පිළිබඳ පැහැදිලි කිරීමක්ද එමෙන්ම පටිච්ච සමුප්පාදය පිළිබඳව කෙටි හැඳින්වීමක් ද ඇතුළත් වෙනවා.
එදිනෙදා ජීවිතයේදී ප්‍රාෙයා්ගික ආකාරයෙන් භාවනා කරන්නේ කෙලෙසද යන්න ඊළඟට විස්තර වෙනවා- විශේෂයෙන් නිරන්තරවම සම්මා සතිය පවත්වා ගන්නා අයුරුද උදාහරණ ඇසුරින් වටහා දෙනවා. අවසාන වශයෙන් වර්තමාන ලෝකය තුළ බුදු දහමේ ප්‍රාෙයා්ගික භාවිතය ගැන විස්තර කෙරෙනවා. දහම ගැන ඇති මිත්‍යාවන් දුරලීම සිදුකරනවා. බුුදු දහම තුළින් විමුක්තිය ලබා ගත හැක්කේ සියලු දේ අත්හැර කැලයකට ගොස් භාවනා කිරීම තුළින් නොවන බවත් ධාර්මික ගිහි ජීවිතයක් ගත කරමින් සිය පවුලට සමාජයට යුතුකම් ඉටුකරමින් නිර්වාණය වටහා ගත හැකි බවත් දැක්වෙනවා. මේ අනුව සංඝ සංස්ථාව ඇති කොට ඇත්තෙ මෙවැනි ගිහියන්ට මඟපෙන්වීමට බවද රාහුල හිමියන් පෙන්වා දෙනවා. මෙහිදී උපහැරණ ලෙස සිගාලෝවාද සූත්‍රය ගෙනහැර දක්වනවා. එමෙන්ම රාෂ්ට්‍ර පාලනයේදී බුදු දහම උපයෝගි වන ආකාරයද මෙහි විස්තර වෙනවා. දසරාජ ධර්මය ගැනද රටක ආර්ථිකය නැංවීම මඟින් දිළිදු බව තුරන් වීම නිසා අපරාධ අඩුවන බවට බුදුන් වහන්සේ පැවසූ අයුරුත් සඳහන් වෙනවා.
අවසාන වශයෙන් බුදුදහම “යුද්ධය“ සම්පූර්ණයෙන් පිළිකෙව් කරන බවත් කිසිඳු යුද්ධයක් බුදු දහම අනුව “ සාධාරණ යුද්ධයක්“ ලෙස නොසැලකිය හැකි බවත් රාහුල හිමියන් පවසනවා. එතුමා මෙලෙස පවසන්නේ ධනවාදී හා කොමියුනිසට් කඳවුරු අතර සීතල යුද්ධය ඇවිලී ගිය වකවානුවක න්‍යෂ්ඨික ප්‍රහාරයන් ගැන බටහිර වාසීන් අතර බියක් පැතිර ගිය වකවානුවක බව අප අමතක කළ යුතු නැහැ. කෙසේ වුවත් රාහුල හිමියන් මීට කලින් පළ කළ “භික්ෂූවකගේ උරුමය“ කෘතියේත් ඉන්පසුවත් උන්වහන්සේ මෙවැනිම වූ ස්ථාවරයක් පිළිපැද්දාද යන්න අපැහැදිලියි. 1997 එතුමා අපවත් වීමෙන් පසු සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියන රොෂාන් පීරිස් ලංකාවේ සිවිල් යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡාමය විසඳුමකට එතුමා එකඟ නොවූ බව පවසනවා. එතුමාගේ වදන්වලින්ම පවසනවා නම් “ ''you are talking of peace and maithri. What maithri and peace is there when the terrorists in the North and East are trying to divide our country asking for Eelam.''
රාහුල හිමියන්ගේ මෙම කෘතිය අන්තර්ජාලය ඔස්සේද පහත ලිංකුවෙන් ඔබට කියවීමට හැකියි https://sites.google.com/site/rahulawhatthebuddha/

මා දන්නා බුදුදහම අනුව මේ පොතේ කරුණුවලට එකඟ වෙන්න පුළුවන්ද කියල සැකයක් තියනව. කොහොම උනත් පොත කියවන්නෙ නැතිව නිගමනයකට පැමිණීම හොඳ නෑ.
ReplyDeleteඅනූ ගණන් වෙද්දි උන්වහන්සේ අපවත්වීම හොඳයි කියල හිතුන අන්තිම කතන්දරේට!
රාජ් - ඇතැම් විට මගේ වැටහිමේ අවුලක් නිසා නිවැරදි පරිදි මෙය පළ නොවූයේදැයි සිතෙනවා - කෙසේ වුවත් පොත කියවාම බලන්න (මෙහි සිංහල මුද්‍රණය පහසුවෙන් සපයා ගත හැකියි)
Deleteඅන්තිම කතන්දරේ නම් ඉතින් භික්ෂූන්ගෙන් 99% කට පොදුයි
[[ භාවනා කිරීම සඳහා කැලයකට වැදීම අත්‍යවශ්‍ය නොවන බවත් එදිනෙදා කාර්යන් කරන විටදී - ඇවිදින විටදී පවා - භාවනා කළ හැකි බවත්]]
ReplyDeleteයෝනිසෝමනසිකාරය කියන්නේ මේක නේද?
මා මේ පොත කියෙව්වේ වසරකට පමණ පෙරයි - මෙතැනදි මම සම්මා සතියෙන් යුක්තව නිරන්තරවම සිටීම හා භාවනාව පටලවා ගෙන ඇති බවයි පෙනෙන්නේ - අදාළ කොටස පහත ලෙස නිවැරදි කළා - //විශේෂයෙන් නිරන්තරවම සම්මා සතිය පවත්වා ගන්නා අයුරුද උදාහරණ ඇසුරින් වටහා දෙනවා//
Deleteපොත ඇත.
ReplyDeleteකියවා නැත!
කියවා බලන්න ! it's worth your time
Deleteමමත් මේ පොත කියවා තියනවා. මගේ අදහස නම්, මේ පොත බුදු දහමේ මුලික හරය පිළිබඳව ලියවුනු හොඳම පොත කියායි. රාහුල හාමුදුරුවන් මේ පොතට කරුණු ලබාගෙන ඇත්තේ හැකිතාක් ඉහතදී ලියවුනු ලේඛන වලින් බවයි මගේ මතකය. ඒ මගින්, බුදු දහමට පසුව එකතු වුනු බොහෝ කුණු ගොඩවල් ඉවත ලීමට උන් වහන්සේට හැකිවී තියනවා.
ReplyDeleteමගේ හැඟිමත් එයයි
Deleteඒ පොත් කියවීම කම්මැලිකමක් ගෙන දෙන්නක් නොවේ. බොළඳ හෑලි හෝ අතිශයෝක්තිවලින් පිරුණු මෝඩයනට ලියැවුනක්ද නොවේ.
ReplyDeleteමෙහි සිංහල පරිවර්තනයක් නැතිද?
ReplyDelete
Deleteමේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනව කියල ධර්ම දේශනයකදී ස්වාමීන් වහන්සේ නමක් දේශනා කලා එහි නම හරියටම අහගන්න බැරිවුනා
මමත් ඒක හොයනව තවමත්
https://www.sarasavi.lk/budun-vadala-darmaya-9559219200
Deleteමේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනව කියල ධර්ම දේශනයකදී ස්වාමීන් වහන්සේ නමක් දේශනා කලා එහි නම හරියටම අහගන්න බැරිවුනා
ReplyDeleteමමත් ඒක හොයනව
දන්න කෙනෙක් කියන්න කරුනාකරලා
බුදුන් වදාල ධර්මය
Deleteභික්ෂූවකගේ උරුමය පොත සොයා ගත හැකිද?
ReplyDelete