Saturday, April 8, 2017

උපන්දින ඡායාරූප තුළින් මතුවූ මරණයේ සෙවණැල්ල Shadow of Death seen through the Lenses of Birthday Photography

මා පළමුවරට  මේ ඡායාරූප දුටුවේ මීට වසර 25කට පමණ පෙර නිව්ස්වීක් සඟරාවකිනුයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ "අවසන් විසඳුම" ගැන අසා තිබුනත් යුරෝපීය යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය එතරම් ප්‍රබල ආකාරයකින් මා ඊට පෙර දැක තිබුනේ නැහැ. ස්පීල්බර්ග් ෂීන්ඩ්ලර්ස් ලිස්ට් නිර්මාණය කරන්නටද පෙර දුටු මේ ඡායාරූප හොලෝකෝස්ට් ගැන නොමැකෙන මතකයක් මා තුළ රැඳවීමට සමත් වුනා. 

වීදි කොනක කුසගින්නේ මිය යමින් සිටින කුඩා දැරියක් 
ඒ 1941 වසරයි. පෝලන්තයේ  වර්සාවා හි රාජකාරියේ නියුතු ජර්මානු භටයෙකු වූ හයින්ස් ජෝස්ට් තම උපන්දිනය සැමරීම සඳහා අපූර්ව කාර්යයකට අත ගැසුවා. එනම් ඒ වනවිට නට්සි හමුදා මඟින් පෝලන්ත යුදෙව්වන් 50,000 ක් පමණ ගාල් කර තිබූ වර්සාවා මුඩුක්කුවට ගොස් එහි ඡායාරූප ගැනීමයි. ඔහු ඒ සඳහා පෙළඹුනේ කුමක් නිසාද යන්න අද දක්වාත් අනාවරණය වී නැහැ. එහෙත් ඔහුගේ හද කම්පාකරවන ඡායාරූප නට්සීන් යටතේ යුදෙව්වන් මුහුණ දුන් ඛේදවාචකය කාලයේ බාධකයන් පරයමින් අප වෙත දක්වනවා.












15 comments:

  1. හොඳ යුද්ධය කියා දෙයක් නැත. එය හැමදාම ලබාදුන්නේ දුක, වේදනාව, පසුතැවිල්ල හා වෛරය බව පසක් කෙරෙන සේයා පෙළක්.89 ඇසින් දකින්නට තරම් අවාසනාවන්ත වූ දසුන් යලි මතකයට නැගුණා

    ReplyDelete
  2. යුදෙව්වන්ට අත්වූ මේ අවාසනාවන්ත ඉරණම නිසා ඔවුන්ට ජාත්‍යන්තර සහයෝගයෙන් වෙනම රටක් බිහිකරගැනීමට හැකිඋනා. ලේපිපාසිත රාජපක්ෂ මෘග ද්‍රකියුළා පාලන සමයේදී දමිල ජනතාවට මිට වඩා දරුණු ඉරණමකට මුහුණදීමට සිදුවිය. සිංහල කුලී හමුදාව විසින් ලක්ෂයකට වඩා වැඩි අහිංසක සිවිල් දමිල පිරිසක් වෙඩිතබා අවසන් දින කීපයේදී ඝාතනය කරන ලදී. දමිළයන් විඳි දුකෙන් 10 න් එකක්වත් යුදෙව්වන් විඳ නැත. එමනිසා ඔවුන් වෙනුවෙන් වෙනම රටක් ලබාදීමට කැපවීම අප සැමගේ වගකීමකි

    ReplyDelete
    Replies
    1. ත්‍රස්ථයන් වෙනුවට සිවිල් ජවතාව ඝාතනය වුනේ නමි අනිවර්නේම ඔවුනට දඩුවමි පැමිනවිය යුතු බව මගේත් අදහසයි

      Delete
    2. රාජපක්ෂ මෘගයා නොසිටින්න, අද ලංකාව ප්‍රභාකරන් අල්ලගෙන තමිල් ඊලම පිහිටවලා ඉවරයි. යුද්ධෙදි කොහොමත් මිනිස්සු මැරෙනවා, සිවිල් ජනතාවත් මැරෙනවා. ඒත් යුධ අපරාධවලට කියල හමුදාවට දඬුවම් කරන්න ගියොත් ඒක ආණ්ඩුවෙ අවසානය. "දමිලයන් විඳි දුකෙන් 1/10ක් යුදෙව්වන් විඳ නැත" යුදෙව්වො 60 ලක්ෂයක් ගෑස් කාමරවල දාලනෙ බන් මැරුවෙ. උඹ වගේ හරක් පැටියෙක්ට කියන්න තියෙන්නෙ, රාජපක්ෂ හිට්ලර් වගේ වුණානම්, අද බේතකට එක දෙමලෙක් කොළඹ ඇතුළු දකුණු පැත්තෙන් ඉතුරු වෙන්නෙ නෑ කියල තමයි. සිංහල හමුදාවට කුලී හමුදාව කියන්නෙ, අනිත් රටවල හමුදාවන්ට පඩි ගෙවන්නෙ නැතුව උන් නිකන්ද සේවය කරන්නෙ ? සිංහල අකුරු කෙටුවට තෝ සිංහලයෙක් නම් වෙන්න බෑ. තොගෙ අම්මා නන්නත්තාරෙ ගිහින් තෝ ජාතකවෙලා තියෙන්නෙ.

      Delete
  3. අනුන්ගේ යුද්ධ වෙනුවෙන් තැලෙන අසරණයො

    ReplyDelete
    Replies
    1. Actually Hitler's intention was killing them...so its war against them as well

      Delete
  4. කෲර ඒකාධිපතීත්වය

    ReplyDelete
    Replies
    1. ඒකාධිපතිත්වයටත් වඩා උග්‍ර වර්ගවාදය - යුදෙව්වන් තුරන් කර දැමීමේ උවමනාව

      Delete
  5. කීව් නගරයේ බබී යාර් රැවින් එකේ වෙච්ච සිද්දිය එහෙම කියෙව්වම පිස්සු හැදෙනවා.

    ReplyDelete
    Replies
    1. http://i.vimeocdn.com/video/97430568_1280x720.jpg

      Delete
  6. ඒ දවස්වල චැනල් ෆෝ තිබුණේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. චැනල් ෆෝ නොතිබුනාට යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ අවශ්‍යතාවක් හිට්ලර් ට තිබූ බවට ලිඛිත සාක්ෂි නම් හමුවුනා - වාර්ගික සමූලඝාතනයක් කිරීමේ අවශ්‍යතාව හිට්ලර් සතුව පැවතුනා - මේ ප්‍රහාරයන් නිසා මරණයට පත් සාමාන්‍ය ජනතාව නෙවේ - උවමනාවෙන්ම මරා දැමීමට ලක්කරන ජනවර්ගයක්

      Delete
  7. ලංකාවේ සිදුවූ යුද්දය හා මේ යුද්දය සමාන කරන්න බෑ ..

    ReplyDelete
  8. Replies
    1. මෙතන යුද්ධයටත් වඩා සිතා මතාම සිදු කරන වාර්ගික සංහාරයක් ඇත්තේ

      Delete