Wednesday, January 18, 2017

සමාරා හි හමුවීම The Appointment in Samarra


“ බැග්ඩෑඩයේ වෙළෙන්දෙක් තම සේවකයාව ආහාර පාන මිළදී ගැනීම සඳහා වෙළඳපොළට යැවීය. එහෙත් මඳ වේලාවකින් සේවකයා සුදුමැලිවී බියෙන් වෙව්ලමින් ආපසු පැමිණ මෙසේ පැවසීය;



 “ ස්වාමිනී, මා වෙළඳ පොළේ සිටින විට කිසියම් කාන්තාවක් මගේ ඇගේ හැපුනා - මා ඇය දෙස ආපසු හැරී බැලූ විට මා දුටුවේ ඒ මරණය බවයි. ඇය මා දෙස බලා තර්ජනාත්මක හැඟවීමක් දැක්වූවා. දැන් ඔබේ අසු මට ලබා දෙන්න. මම මේ නගරයෙන් පලා ගොස් මගේ ඉරණම මඟහරවා ගන්නම්. මම සමාරා නගරයට යන්නම්. එවිට මරණයට මා හමුනොවනු ඇති“ වෙළෙන්දා තම සේවකයා හට සිය අසු ලබාදුන් අතර, සේවකයාද අසු පිට නැඟී හැකිතාක් වේගයෙන් බැග්ඩෑඩයෙන්  ඉවතට අසු පන්නාගෙන ගියේය. 

ඉන්පසු වෙළෙන්දාද වෙළඳ පොළට පැමිණි අතර සෙනඟ අතර  මා සිටිනු දුටීය. ඔහු මා වෙතට පැමිණ මෙසේ විමසීය “ අද උදේ මගේ සේවකයා හට  ඔබ  තර්ජනාත්මක හැඟවීමක් කළේ ඇයි? “

“ ඒ තර්ජනාත්මක හැඟවීමක් නෙවේ“ මම පැවසීමි. “ එය මගේ  විමතිය හේතුකොට ඇතිවූ කලබලය නිසා සිදුවූවක් පමණයි. මම ඉතාමත් පුදුමයට පත්වුනා ඔහුව බැග්ඩෑඩයේ දක්නට ලැබීම ගැන. ඒ මන්ද යත් අද රාත්‍රියේ  මා හට ඔහු සමඟ හමුවීමක් තිබෙනවා සමාරා නුවරදී 

පුරාණ මෙසපොතේමියානු කතාවක් (ඉංගිරිසි නවකතාකරු) සමර්සෙට් මෝම් විසින් නැවතත් පවසන අයුරු