Monday, September 26, 2016

ලංකාවේ හැදූ "මිනී කන්නන්ගේ දේශය" The Further Adventures of a Tennessee Buck

මා කියවීමට හුරුවූ කාලයේ එනම්  1989 දී පමණ ඉරිදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවතක් අදත් මගේ මතකයේ නොමැකී රැඳි තිබෙනවා. චිත්‍රපටයක වීඩියෝ පටයකින් උපුටා ගත් අපැහැදිලි ඡායාරූප කිහිපයකුත් සමඟ ලංකාවේ රූගත කළ, ලාංකික නළු නිළියන්ද චරිත නිරූපණය කළ  “ මිනී කන්නන්ගේ දේශය“ නමින් දිවයින පුවත්පත හැඳින්වූ සිනමා පටයක් පිළිබඳවයි ඒ මුල් පිටුව.  

 දිවයින පුවත්පත එවක එජාප රජයට එරෙහි වාමාංශික ජාතිකවාදී මතවාදයක් නිරූපණය කළ නිසා රට තුළ රජයේ විවෘත ආර්ථික ක්‍රමයේ අයුතු ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ලංකාව ගැන ලෝකයාට විකෘති ප්‍රතිරූපයක් මවන සිංහල කතා කරන වනචාරි ගෝත්‍රියකයන් සිටින චිත්‍රපටයක් තැනීමට ඉඩ දීම ගැන දැඩි දෝෂාරෝපණයක්ද ලිපියේ අන්තර්ගත වුනා විය හැකියි. 

ඒ දිනවල මේ චිත්‍රපටය ගැන දැඩි ආණ්දෝලනයක් ඇති වූවත් පසුකාලීනව Land of Cannibals නමින් චිත්‍රපටයක් අන්තර්ජාලයේ සෙව්වත් හමුවූයේ නැහැ. පසුව අහම්බයෙන් මා සොයාගත් පරිදි මේ චිත්‍රපටයේ සැබෑ නම The Further Adventures of a Tennessee Buck. 1980 දශකයේ මුල් භාගයේ ස්ටීවන් ස්පීල්බර්ග් හා ජෝජ් ලූකස් යන ප්‍රකට සිනමාවේදී සුසංයෝගයෙන් ඇරඹූනු හැරිසන් ෆෝඩ් රඟන ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට පෙළට සමාන ආකාරයකින් නිෂ්පාදනය කළ එහි බාල අනුකරණයක් මෙය - මෙවැනි චිත්‍රපට සාමාන්‍යෙයන් හැඳින්වෙන්නේ B grade චිත්‍රපට ලෙසයි. 

 චිත්‍රපටය ආරම්භයේම දැක්වෙන්නේ මෙය ලංකාවේ රූගත කළ බවයි. එසේ වුවත් එයට පාදක වන්නේ බෝර්නියෝ රටයි. එහි චාරිකාවකට යන සුදු යුවළක් මුහුණ වනචාරී ගෝත්‍රිකයන්ට හසු වීමෙන් මුහුණ පාන බිහිසුණු අත්දැකීම චිත්‍රපටය තුලින් දැක්වෙනවා. ඉතාම ප්‍රාථමික මට්ටමේ රඟපෑම් හා නිල් චිත්‍රපටවල රඟපෑ සුදු නිළියක් (කේති ෂවර් ) මඟින්  ලිංගිකත්වයද උලුප්පා දැක්වීමට තැත්කරන මෙය ඉන්දියානා ජෝන්ස් කතාමාලාවට ලඟින්වත් තැබිය නොහැකියි. සිංහල කතා කරන සරම් අඳින “වනචාරීන්“ මෙන්ම ඒ  දිනවල සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස රඟපෑමෙන් ප්‍රසිද්දියට පත් නලුවෙක්ද මෙහි දැකිය හැකියි. කෙසේ වුවත් සිංහල සිනමාවේ A ශ්‍රේනියේ නලු නිළියන් නම් මෙහි දක්නට නෑ. 

පහත සැබැඳිය මඟින් අන්තර්ජාලය තුළින් මේ චිත්‍රපටය නැරඹිය හැකියි. කෙසේ වුවත් ලංකාව හා සම්බන්ධය විනා  ඩේටා වැය කරගෙන නැරඹීමට තරම් වෙනත් කිසිඳු වටිනාකමක් මේ තුල නැති බවද සඳහන් කළ යුතුයි. 

http://fmovies.to/film/the-further-adventures-of-tennessee-buck.orz4/29vzk2

16 comments:

  1. නිව් ඔලිම්පියා [ගාමිණි හෝල්] පන්නයේ සිනමා කෘතියකි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම බාල වර්ගයේ චිත්‍රපටයක් - අර ලින්ක් එකෙන් බලන්න පුලුවන්

      Delete
    2. නිව් ඔලිම්පියා සහ ගාමිණී හෝල් යනු සිනමා ශාලා දෙකකි.

      ගාමිණී හෝල් 1983 දී ගිණි තබා විනාශ කරන ලදී.

      ඒ බණඩා කොළඹ එන්නට පෙර ය.

      Delete
  2. මේ චිත්‍රපටය මම යූක්‍රයීනයේ දුටුවා. එය ලංකාවේ නම කාලා තිබ්බා. මේ ගැන මම මගේ මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි පොතේත් ලියල තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව් - රුසියාවේ මේ චිත්‍රපටය පෙන්වීම නිසා ලාංකික සිසුන් අපහසුවට ලක්වීමේ කතාවක් ඒ දවස්වල ඇසුවා - මේකට සම්බන්ධ වුනු ලාංකික සම්බන්ධිකාරකයා චන්ද්‍රන් රත්නම් දෝයි සැකයක් තිබෙනවා

      Delete
  3. මෙහි රංගනයට දායක වූ ප්‍රසිද්ධ නළුවා සොමි රත්නායක බව තමයි මගේ මතකය. එල්ල වූ විරෝධය හමුවේ ඔහු ඒ ගැන පසුව සමාව ඉල්ලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් සොමී රත්නායක මෙහි ගෝත්‍රික නායකයෙක් වශයෙන්ද ඊට කලින් වෙනත් අවස්ථාවකත් රඟපෑමෙන් දායක වෙනවා - මේ හැරුනු විට සුමිත් මුදන්නායක් නැමැත්තෙකුත් නාමාවලියේ හඳුනාගන්න පුලුවන්- නීල් අලස් මහතාටත් මෙහි රංගනයට ආරාධනා ලැබුවත් ප්‍රතික්ෂේප කළ බවත් ඒ කාලේ පුවත්පත්වල පලවුනා මතකයි

      Delete
  4. දිවයින පත්තරේ පිස්සු විකාර.

    චන්ද්‍රන් ගේ ලොකේෂන් සර්විස් නිසා සෑහෙන විදේශ විනිමය ලංකාවට එන්න ඇති. ෆිල්ම්ඩ් ඉන් ලංකා වුනාට කතාව බොරෝනියෝ නේද?

    ඉන්දියාවේ කළ යුතු චිත්‍රපට කිහිපයක් ලංකාවේ කළා නේද?

    ReplyDelete
    Replies
    1. උඩින් වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කොමෙන්ටුව කියවන්න - ලංකාව ගැන විකෘති ප්‍රතිරූපයක් ඇතිවිමට මෙවැනි චිත්‍රපට දායක වුනා - මේකට සම්බන්ධ චන්ද්‍රන් රත්නම් දැයි මම දන්නේ නැහැ. ඉන්දියාවේ තහනම් කළ ලංකාවේ රගත කළ ස්පීල්බර්ග් ගේ ටෙම්පල් ඔෆ් ඩූම් වැනි අධි අයවැයක් සහිත උසස් ගණයේ හොලිවුඩ් චිත්‍රපට වගේ නෙවේ මෙතන කියැවෙන චිත්‍රපටය

      Delete
  5. ඒ දවස් වල සිංහල පත්තරේ මේක ගැන ලුණු ඇඹුල් එක්ක කියල තිබ්බ විස්තරේ හැටියට මම හිතුවේ මේක සම්පූර්ණ බ්ලූ සහ බාබේරියන් පිචර් එකක් කියල.

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් ඉන්දියානා ජෝන්ස් සීරිස් එක පැරඩි කරල හදපු ෆිල්ම් එකක් ව‍ගේ තමයි - මේකෙ නිරුවත් ජවනිකා කිහිපයක් තියෙනවා - අපට අද 21 වන සියවසේ මේවා සාමාන්‍යකරණය වෙලා වුනත් 1980 දශකයේ අගභාගයේ මේකෙ බලපු සිංහල මාධ්‍යවේදින්ට හෙන අවුල් ඇති :)

      Delete
    2. පාසැල් යන කාල‍ේ වැඩිහිටියන් ම‍ෙි ‍‍ෆිල්මි එක ගැන කථා කරනවා මටත් මතකයි.ඒ නිසාද ක‍ොහ‍ෙද මටත් ම‍ෙික බලන්න ල‍ොකු ආසාවක් තිබිබා.පස්සස් කාල‍ෙක ඉන්ටර්න‍ෙටි එක‍ෙනබෙැලුවා.ඉහත නමි සදහන් කරල තියන නළුවන්ට අමතරව පස්ස‍ේ කාලකෙ රෑපවාහිනිය තුළින් ඉතා ජනප්රිය වු තිළියක් ම‍ෙහි ටෙ‍ොප්ලස් රගපෑමක් කරනවා.ම‍ොනවා උනත් සුළු චරිත කරන අයට පවා ම‍ෙිවල ඉතා හ‍ොද ග‍ෙවීමක් කරන බව නමි අසා තිබ‍ෙනවා

      Delete