Wednesday, August 31, 2016

ටැබූ සබ්ජෙක්ට්ස්ගේ පුරාවෘත්තය The Legend of Taboosubjects

 2009 දී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එතෙක් පැවති දෙමළ බෙදුම්වාදී අරගලය යටපත් කරන ලදී. ඒ සමඟම රට තුළ රජයේද අනුග්‍රහයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී රැල්ලක් පැන නැගිනි. සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසීමත් සමඟ මේ රැල්ල සමාජ ජාල හා බ්ලොග් අවකාශයටද  දැනී තිබුනේය. මේ අතර රාවය පුවත්පතේ එවකට විවිධ සිංහල බ්ලොග් අඩවිවල ලිපි පළ කිරීමේ කොලමක් විය. මේ කොලමේ පළවූ විවිද ලිපි අතරින් මා සිත් ගත්තේ taboosubjects නම් බ්ලොගයකින් ගත් ලිපි ය. එවකට තිබූ අනෙකුත් බ්ලොග් හා සලකන විට විශාල දේශපාලන පරිණතභාවයක් ඒ ලිපි තුළ දුටිමි. එවකට නිර්පාක්ෂික එහෙත් දැඩි සිංහල බෞද්ධ ජාතිකවාදී විරෝධී මතවාදයක සිටි මගේ දේශපාලනික මතයන් සමඟ ටැබූ ගේ ලිපි මැනවින් පෑහිණි. අන්තර්ජාලය ඔස්සේ ටැබූ පරිශීලනය කරන්නේ ඉන් පසුවය.



ටැබූ 



දේශපාලන ආර්ථික හා සමාජයීය මතවාද 

ටැබූ එවකට පෙනී සිටි‍යේ මට මතක විදිහට තරුණ ගණිත කථිකාචාර්යවරයෙක් ලෙසය. ඒ චරිතයේ ලිංගික අනන්‍යතාව සිතාමතාම නොපැහිදිලි (ambiguous)  කොට තබන ලදී. ප්ලැටොනික සමකාමි පෙමක් ගැන යම් ඉඟියක් ඇතැම් ‍පෝස්ටු තුළ විය. එමෙන්ම සමාජීයීය හා දේශපාලනික අතින් දැඩි ලිබරල් බවක් ද ආර්ථිකය සම්බන්ධ කාරණා වලදී මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ සිද්ධාන්ත සමඟ අනුගත වීමක් ද දක්නට ලැබිනි. මේ නිසාම ටැබූ සමාජවාදී මතවාදයන් දැරූ පුද්ගලයන් දැඩි උපහාසයට ලක් කළේය. අජිත් පැරකුම් ජයසිංහ සිය ඇඹේනියගේ කණකර උගස් කර "ශාස්තෲ" නම් නවකතාව පළ කිරීම දැඩිව උපහාසයකට ටැබූ ලක්කරන්නේ එවකට අජිත් සිටි සමාජවාදී දර්ශනය හා ඇති අරෝව නිසා වන්නට පුලුවන. මෙවැනි වූ ටැබූ, වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලනික භාවිතාව (අවංකකම) ගැන ප්‍රසාදයකින් කතා කළ නුමුදු එය හුදු වෙස්වළාවක්දැයි විටෙක සැක සිතේ. 

පාඨකයා පෙලඹවන සිත් ගන්නා සුළු භාෂා ව්‍යවහාරයක් බ්ලොග් පෝස්‍ට් තුළ පැවතිනි. අද දක්නට ලැබෙන බොහෝ බ්ලොග් කරුවන්ට ආදර්ශයට ගත හැකි නිමාවක් එතුළ තිබිනි. එවකට තිබූ පාර්ශ්වික බ්ලොග් අඩවිවල කොමෙන්ටු  හා බලන විට ටැබූ ගේ තවත් ප්‍රධානම වෙනසක්  වූයේ සංවාද යි. මේ කොමෙන්ට් සංවාද ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වීම අද ප්‍රසිද්ධ බ්ලොග් අඩවිවලත් මා නොදකින ලක්ෂණයකි. රසිකලොජි හෝ W3 සැලකුවත් සංවාදවල ඉහළ ප්‍රමිතියක් දක්නට නැත. එමෙන්ම සමාජයීය දේශපාලනික කරුණු ගැන හුදු මතුපිට ඉක්මවා යන ප්‍රබල විශ්ලේෂණයක් (ඇතැම් අවස්ථාවල දෘෂ්ඨියාත්මක හේතූන් මත අසාර්ථක වුවද) ඉදිරිපත් කිරීමට ටැබූ ප්‍රයත්න දැරුවේය. ඒ බව එකල ක්‍රියාකාරී අනෙකුත් ප්‍රකට බ්ලොග්කරුවෙක් වන Beyond Frame හා තවමත් බ්ලොග් අවකාශයේ වැජඹෙන W3 Lanka සඳහන් කරනු මතකය. උදාහරණයකට දඩුවම් මුදලාලිගේ මිනීමැරුම ආදි සිද්ධීන් වලදී ඔහු දැරුවේ සාමාන්‍ය සමාජයේ ජනප්‍රිය මතයට බෙහෙවින් වෙනස් මතවාදයකි. එමෙන්ම නත්තල් සමයේ ක්‍රිස්තුස්වහන්සේ ගැන පෝස්ටුව හා ඒ අදාළ සංවාදද මතක් කළ යුතුය. 

ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් ටැබූ දැරුවේද සාම්ප්‍රදායික ලිබරල් මතවාදයයි. බලය බෙදා හැරීමට ඔහු පක්ෂ විය. එහෙත් එය ‍‍ කොයි ආකාර විය යුතුදැයි සවිස්තරාත්මක අදහස් දැක්වීමක් ඉදිරිපත් නොකළේය. දරුවන් දෙදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දරුවාට ලබා දුන් වැනිම බයිසිකලයක් බාල දරුවාද ඉල්ලීම හා දෙමව්පියන් එම ඉල්ලීම දිගින් දිගටම විවිධ හේතූ දක්වමින් මඟහැරීම පිළිබඳ උපමා කතාවක් මඟින් ලංකාවේ ආණ්ඩු මඟින් දිගින් දිගටම දෙන ලද පොරොන්දු කඩ කිරීම නිසා දෙමළ ජනතාව ප්‍රචණ්ඩත්වය තෝරාගත් බව ගෙන හැර දැක්වූ බව මතකය. යුද්ධය අවසාන භාගයේ දෙමළ සරණාගතයන් කඳවුුරු තුළ අවුෂ්විට්ස් වැනි දුක්ඛිත තත්ත්වයක ජීවත් වන බව "නොකෑ යුතු අවුුරුද්ද" නම් පෝස්ටුවෙන් පෙන්වා දුන් නමුත් එය හුදු විචාර බුද්ධියට හා සත්‍යයට වඩා දෘෂ්ඨීවාදයට තැන දුන් පෝස්ටුවක් බව පසුව පැහැදිලි විය. එමෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදයට ඇති දැඩි විරෝධය දැක්වූ "සිංහයාට පාදස්ථලයක්" පෝස්ටුව ප්‍රතිවිරුද්ධ කඳවුරු අතර ගල උඩ සටනකට මඟ පාදන්නක් විය. කෙසේ වුවද සුළු ජාතීන්ගේ දේශපාලනික අයිතිවාසිකම් මහ ජාතියේ ජාතිකවාදය මඟින් යටපත් කිරීමට ටැබූ එරෙහි විය. 

එමෙන්ම කෙතරම් ආණ්ඩු විරෝධී ලිබරල්වාදීන්ගේ ආකර්ෂණයට ලක්වුවත් ටැබූ යනු හුදු ආණ්ඩු විරෝධීයෙක් නොවීය. ඔහු 2010 ජනපතිවරණයේදී ෆොන්සේකාට සහයෝගය නොදුන්නේය. ඔහු පරදින බව කලින්ම පැවසීය. ඔහු රනිල් වික්‍රමසිංහව තදින්ම අප්‍රිය කළේය. එවැනි නායකයෙකු ලවා මහින්ද රාජපක්ෂව රිප්ලේස් කරගැනීමට ඔහු කැමති නොවීය. මහින්ද රාජපක්ෂ ගැන ඔහු දැරූ ආකල්පය බොහෝ දුරට මධ්‍යස්ථ මතධාරී ප්‍රායෝගික මතවාදයක් විය. ඒ ගැන හොඳින්ම වැටහෙන්නේ "මහින්ද රාජපක්ෂගේ ලොකුම හතුරා" වැනි පෝස්ට් කියවීමෙනි. (මෙවැනි ආකල්ප සඳහා දේශපාලනයට එහා ගිය පුද්ගලික කාරණා බලපාන්නට ඇතැයි මම දැන් සැකකරමි. ) 


කෙසේ වුවත් හැරී බලන විට ටැබූ ගේ දැඩි දෘෂ්ඨිවාදය නිසාම තර්කානුකූල බව මඟ හැර ක්‍රියා කළ අවස්ථා තිබූ බව පැහැදිලිය. උදාහරණයකට වෛද්‍ය රංග වීරක්කොඩි අප හට කෙතරම් අප්‍රිය ජනක චරිතයක් වුවත් ටැබූ සමඟ විවාදයේදී ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අනුමත ‍කළ නොහැක. එමෙන්ම නලින් ද සිල්වා ආදීන්ගේ මතවාද ගැන උඩින් පල්ලෙන් බලා කිසිඳු හරයක් නැති දෙඥඥම් බැටේ විචාරද  ප්‍රාථමික මට්ටමේ පැවතුනි.


ටැබූ හැක්වීම 

සෑම යහපත් දෙයක්ම අවසන් විය යුතු යැයි ඉංගිරිසි කියමනක් තිබේ. ටැබූ ලිබරල් වාදීන් අතර ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැගී තිබූ හා සිංහල බෞද්ධ ජාතිකවාදී පිරිසගේ දැඩි වෛරයටත් භාජනය වී තිබූ 2011 මුල් භාගයේ හිටි හැටියේ ටැබූ අඩවිය "හැක් වීමකට" ලක් විය. ඒ ගැන සැකය යොමු වූයේ එවක ජනප්‍රිය තිබූ පෙරමුණේ රාළ බ්ලොගයට සම්බන්ධ පිරිසක් ගැනය. එය රජයේ මාධ්‍ය මර්ධනයේ තවත් පියවරක් යැයි සිඟිති ආතල් ගත් පිරිසක් ද වූහ - හතරවැනි රයිකය ආදි කොපි කැට් බ්ලොග් බිහිවූයේ මේ නිසාය. එමෙන්ම ටැබූ අඩවියට සම්බන්ධ යැයි කියමින් එවකට බුකියේ නමක් දිනා ගෙන සිටි ලිබරල් කථිකාචාර්යවරු දෙදෙනෙකුගේ නම් ද පා කරන (floated) ලදී . 

කෙසේ වුවත් සැබෑ ටැබූ උවමනාවෙන්ම බ්ලොගය අවසන් කොට හැක්වීමේ රංගනයක යෙදුනාද යන්න අදටද ‍ ප්‍රෙහේළිකාවකි. පසුකාලීන නිරීක්ෂණ අනුව ටැබූ ලෙස වඩාත්ම සැක කළ හැක්කේ අවුරුදු ගණනක් ජනමාධ්‍යට සම්බන්ධව සිටි පුද්ගලයෙකි. ඇතැම් විට පේරාදෙණිය සරසවියේ කලා උපාධීධාරියෙකු වූ දැන් දරුණු වර්ගවාදියෙක් බවට පත් ව සිටින වෘත්තීයවේදියෙකු ඔහුට සහාය වුනා විය හැකිය. 

කෙසේ වුවත් වඩාත් පරිණත බ්ලොග් කලාවකට අත් පොත් තැබූ ටැබූ නික්ම යාම සිංහල බ්ලොග් අවකාශයට නම් ලොකු පාඩුවකි. 

33 comments:

  1. දැන් තියන සංවාද බොහොමයකට මං සහභාගී වෙන්න අකමැති හේතුව ඒවා එක්කෝ හාස්‍යයක් නැතුව, නිකම්ම කුණුහරුපෙන් බැන ගන්න වාද , එහෙම නැත්නම් ඕනෙවට වඩා සීරියස්, සෙන්ස් ඔෆ් හියුමර් නැත්තටම නැති, ඉතා දිග කමෙන්ට් සහිත ඒවා. දෙකම කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. ටැබූ ගේ සයිට් එකේ නම් සෑහෙන දිග කොමෙන්ටු තිබුනා ප්‍ර ජේ . හැබැයි ඒවා කියවන්න කම්මැලි වැල්වටාරම් නම් නොවේ - ඉන්න මම ආකයිව් එකට ලින්ක් එක දෙන්නම් http://wayback.archive.org/web/20110107172433/https://taboosubjects.wordpress.com/

      Delete
  2. ටැබූ ලිව්වෙ එක් අයෙක්මද කියල මට නං සැකයි. ඔහු ගණන්කාරයෙක් බව නං පැහැදිලියි. බුකියෙදි මුනගැහුන ගනංකාරයන් නං අපි දන්නවනෙ.
    ඒ වගේම ටැබූ බ්ලොග් එකේ මතකයන් එක්ක සමහර කාරණා ටක්කෙට පෑහෙන ලියවිල්ලක් තිබුන සමනල විප්ලවය කතන්දරෙත්. කොහොම උනත් ටැබූ ආයෙ ලිව්වෙ නැති එක අපරාධයක්.

    ReplyDelete
    Replies
    1. ටැබූගේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්න බුකියෙත් අදහස දක්වන අයෙක් රාජ් - හැබැයි අපට වඩා ටිකක් වැඩිමහල් චරිතයක් - මිනිහගේ මට පේන්න බැරි ඊගෝ එක තමයි; තමුන් දෙවියන්වහන්සේ කියල හිතං ඉන්නේ - තමන්ගේ අදහසක වැරදි දක්වනවට කැමති නෑ -අර මම දෙවැනිවට කිවූ පුද්ගලයා (වෘත්තීයවේදියා) යම් යම් ආකාරවලින් ටැබූට සහයෝගය දෙන්න ඇති කියල සැකකරනවා

      Delete
    2. එකඟයි. ටැබූ, සමනලය වගේම ආගංගොඩ ත් එකම ලකුණු දකිනවා. ගොඩක් වෙලාවට මිනිහගෙ වැඩ කලෙක්ටිව් එෆර්ට් වගේ පෙන්නෙ. එක එක කාලෙට එක එක අය එකතු වෙනවා. ඒ අය යනකොට බ්ලොග් එක නවතිනවා. ඒ වගේ දෙයක් මම අවුරුදු ගානක් තිස්සෙ බලනවා.

      Delete
  3. ලක්ෂාන් ටැබූ ගැන ලියද්දි මම ලක්ෂාන් ගැන ලිව්ව.

    http://raj1st.blogspot.com/2016/09/blog-post.html

    ReplyDelete
  4. ටැබූ ඉස් අ ලෙජන්ඩ්..

    ReplyDelete
    Replies
    1. හී ඊස් - විත් සම් කිවියට්ස් ඔෆ් කෝස් :)

      Delete
  5. සිංහල බ්ලොග් යනු කලාවක් නම් ටැබූ යනු ඒ කලාවේ නිර්ණායකයන් සහ එහි උපරිම රසය ලබාගන්නේ කෙසේ දැයි ක්‍රියාවෙන් පෙන්වාදුන් අයෙක් ලෙසයි මම නම් ඔහු හඳුන්වන්න කැමති.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම - එහෙත් ඔහුගෙන් පසු ඒ මට්ටමට යාමට බහුතරයක් තවමත් සමත් වී නැහැ

      Delete
  6. අතීතයට එක්කන් ගියාට ස්තුතියි ලක්ෂාන්..රාජ්ගෙ සටහනෙන් පාර හොයාගෙන ආවේ..

    ReplyDelete
    Replies
    1. පාර හොයාගෙන ආවට ස්තූතියි :)

      Delete
  7. ටැබූ කියෙව්වා වගේම ආසාවෙන් කියෙව්වා.. රාජ් තමයි පාර කියුවේ.. :)

    ReplyDelete
  8. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හැක් කර වහන්නට වැඩ සැලසුවේ මා ය කියා අංජනමකින් සොයා ගෙන තියෙනවා ලු!

    ReplyDelete
    Replies
    1. වෙන්නට බෑ - ටැබූ මුලින්ම ආපු වෙලේත් සමනළ විප්ලයවය ආපු වෙලේ්ත් හඳුන්වා දුන්නේ කකා නෙව :)

      Delete
    2. පිස්සුද?

      අර අංජනං තත්කාලවලින් කියලා තියෙද්දී විශ්වාස නොකර කොහොමද?

      ඒ විතරක් නොවේ, තවත් බ්ලොග් කීපයක් ම වසා දැමුවේ මා ලු!

      ʘ‿ʘ

      Delete
    3. බියොන්ඩ් ෆ්‍රේම් හැක් කළේ කවුද ළඟදීම ඔප්පු වනු ඇත.

      Delete
  9. ටැබූද රජ්ජුරුවන්ගේ පාසලේ කෙනෙකි. ඒ නිසා ලක්ෂාන් ටැබූ කියලා හිතාගෙන ඉන්න පුදගලයා එයා නෙමෙයි. ඒක ඉතා පැහැදිලි උනේ මම "කටයා" ගැන ලියපු වෙලේ.. එහිදි ඔය රසික ලොකු විවාදයක් පටන් ගත්තා එහෙම සිසු දරුවන්ට ගහන්නේ මාන්සික ලෙඩුන්ය කියලා මා ටැබූ සමඟ. ඔබ එදා සිට ටැබූ කියවන කෙනෙක් නම් ඔබට මෙය මතක ඇති. මා ලින්ක් දමන්න යන්නේ නෑ. එහෙම අපිත් එක්ක පැටලුන රසික මේ මෑතකදි ලියනවා එයා මිනිහෙක් උනේ එයාගේ තාත්තා එයාට නෙලපු නිසාය කියලා. ඉතින් මේවා දෙබිඩි කතා නෙමේද. මේවා දැන් ප්‍රශ්ණ කලාම එයාට මල පැනලා. මට මඩ ගහනවා. කරුමේ කියන්නේ ඒ මඩ පාරවල් ඔහේටත් නොපෙනෙනා එක.

    හැපි බ්ලොගින්... ඔහොම යමු.. ටැබූගේ හුරුවක් තියෙන්වා.. සුබ ගමන්..

    ReplyDelete
    Replies
    1. මාතා ,

      ටැබ්බා රජ්ජුරුවන්ගේ පාසලේ යැයි පැවසීමත් camouflage එකේ කොටසකි - හැබැයි ටැබූගේ ළඟම මිතුරා හා ගෝලයා නම් ඒ පාසලේ විය හැක :)
      සෑහෙන කාලයක සිට මාතලන් කියවන්නෙක් ලෙසත් ස්තූතිය පුද කරනවා ශුභාසිංශනයට. එමෙන්ම නැවතත් ස්තූති කරන්න කැමතියි මාස කිහිපයකට පෙර මේ බ්ලොග් එක ඔබේ සින්ඩියට ඇතුළත් කිරීම ගැනත්.
      මඩ පාරවල් ගැන නම් කතා කරන්න කැමති නෑ - හැබැයි ඔබ දෙදෙනා කෙටවීමට තුන්වැනි පාර්ශ්වයක් තැත් කරනවාද යන්නත් හොයා බැලීම වටී :)

      Delete
    2. ලක්ෂාන් ඔබේ තර්කය නිවැරදි ලෙස ගමු. එනම් මෙය කරන්නේ තෙවන පාර්ෂවයකින්ය යන්න. එතකොට වැදගත් කෙනෙක් කරන්නේ කුමක්ද? ඔබ කරන්නේ කුමක්ද? ඔබත් ඔබේ අඩවියේ තෙවන පාර්ෂවයකට මඩ ගැසීමට ඉඩ දෙනවාද? මට මේ සරළ ප්‍රශ්ණයට උත්තරක් දෙන්න. සියළුම බ්ලොග් කරුවන් වෙනුවෙන් මා ඉල්ලා සිටින්නේ එයයි. අපි පෝස්ට් එකට අදාලව තර්ක කරමු. පෞදගලිකත්වය පැත්තකින් තියමු.

      Delete
    3. පහළ ඇති කොමෙන්ටු දැක්කේ පසුවය. ඔබත් වැදගත් මහත්මයකුද යන ප්‍රශ්ණය දැන් මතුව ඇත.

      ස්තූතියි...

      Delete
    4. මාතලන්

      ඔබට මඩ ගසා ඇති සියලුම ඇනෝ කොමෙන්ටු ඉවත් කළා - මින් ඉදිරියටද මඩ ගැසීමේ අරමුණින් දරන කොමෙන්ටු ඉවත් කෙරෙනු ඇත

      Delete
    5. ස්තූතියි ඔබේ මහත්මා ගුණයට... අනෙක් උන්ට මේ දේ නෑ...

      Delete
  10. රාජ්තුමාගේ බ්ලොගය ඔස්සේ ඔබගේ බ්ලොගයට පැමිණියෙමි. ටැබූ ගැන මමත් අසා ඇත. ඔබගේ ලිවීමත් විශිෂ්ඨය, දිගටම ලියන්න ලබේවායි ප්‍රාර්ථනා කරමි.ඒ වගේම බ්ලොග් පකීර්ලා යැයි සිතා සිටින, හොරෙන් ඇවිත් මඩ ගසන,බ්ලොග් ලෝකය කොටවන ඇනෝ නපුංසකයෙන්ගෙන් බේරී සිටීමට හැකි වේවා යැයිද පතමි.

    ReplyDelete
    Replies
    1. බොාහාමත්ම ස්තූතියි රොබට්, ඇනෝලගේ අවුලක් ඇති බව ඇත්තයි - හැබැයි ඇනෝ ඇවිත් වුනත් සාධනීය අදහසක් නම් ප්‍රතිචාර දක්වනවා- එහෙත් හුදු මඩ ගැසීමක් නම් ඉතින් නොතකා හැරීම හෝ කරන්නම දෙයක් නැත්තං බ්ලොක් කිරීම තමයි කරන්න තියෙන්නේ - කෙසේ වුවත් ඔබේ අවවාදයට ස්තූතියි

      Delete
  11. /* රසික මේ මෑතකදි ලියනවා එයා මිනිහෙක් උනේ එයාගේ තාත්තා එයාට නෙලපු නිසාය කියලා. */

    ඒ ඉහත කමෙන්ටුවක ඇති වැකියකි.

    මා ලිපි ලියන්නේ උඩින් පල්ලෙන් කියවන්නන් සහ හොඳින් කියවා අවබෝධ කරන ගන්නන් යන දෙකොටසම සඳහා ය.

    මගේ ලිපිය කියාවා නැති, කෙනෙකු වේ නම් මේ පහත සබැඳිය ඔස්සේ ගොස් මා ලියා ඇත්තේ කුමක්දැයි අවැසි පරිදි කියවා බලන්න

    http://rasikalogy.blogspot.com/2016/04/chapter-from-my-dramatic-life.html

    ReplyDelete
    Replies
    1. හැබැයි පොඩි කාලේ අම්මලා තාත්තල නෙලන එක ජීවිතේ පසුකාලයට ප්‍රෙයා්ජනවත් ලු - මේක බලන්න - රැන්ඩම් සයිට් එහෙකින් නෙවේ

      http://www.telegraph.co.uk/news/health/news/6926823/Smacked-children-more-successful-later-in-life-study-finds.html

      Delete
    2. හෝව්, හෝව්, පොඩ්ඩක් ඉන්න රසික,
      '//මා ලිපි ලියන්නේ උඩින් පල්ලෙන් කියවන්නන් සහ හොඳින් කියවා අවබෝධ කරන ගන්නන් යන දෙකොටසම සඳහා ය//'
      එතකොට ඔබගේ බ්ලොගයේ උඩින්ම තියෙන 'මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත'.
      මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

      Delete
    3. ඇනෝ,

      මේ වාක්‍ය දෙකේ පරස්පර කිසිවක් නෑ.

      මගේ සිතට නොපැමිණි දෙයක් මා ලියා නැත.

      මට වැදගත් යැයි නොසිතුණු දෙයක් මා ලියා නැත.

      මා ලියූ බොහෝ ලිපිවල සමහර දේ කෙලින් නොකියා ඉඟියෙන් ලියා ඇත. අඩු තරමින් මාතෘකාවේ හෝ උඩින් යොදන රූපයේ හෝ ප/ලි කොටසේ හෝ හැකි තරමින් තවත් කතාවක් ඇත.

      මේවා මහා විශාල දේ නිවේ. බොහෝවිට ඉතා සරල දේ ය. මගේ හැකියාවේ මට්ටමට ය.

      Delete