Wednesday, August 24, 2016

ලාංකික සයිබර් අවකාශයේ ශත 50 හමුදාව - The 50 cent Army of Sri Lankan Social Media

“ශත පනහේ හමුදාව“ ගැන මුලින්ම මාව දැනුවත් කළේ උවිඳු කුරුකුලසූරිය. ඒ කළම්බු ටෙලිග්‍රාෆ් අඩවියේ ඇතැම් නිර්නාමික කොමෙන්ට්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත ගැන උදාහරණයක්  ලෙසයි. මොකක්ද මේ ශත පනහේ හමුදාව ? 

කොමියුනිස්ට් චීනය අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ සමාජ ජාලද පැතිර යාමට පටන් ගත්තා. සමාජ ජාල ඔස්සේ ආණ්ඩු විරෝධය වීමේ අවදානම ගැන වැටහීමක් තිබූ චීන බලධාරීන් විසින්මු මුදල්  ගෙවා එම සමාජ ජාලවල ජනතා අදහස් තමන්ට අවශ්‍ය පරිදි හැසිරවීම සඳහා කුලියට ගත්අ න්තර්ජාල කොමෙන්ට්කරුවන් යෙදවීමේ සංසිද්ධියයි ඒ. මේ කොමෙන්ට්කරුවන් චීන ආණ්ඩුවේ ප්‍රතිරූපයට වාසි වන ආකාරයේ ලිපි පළ කිරීම, ලිපිවලට කොමෙන්ට් යෙදීම, ආණ්ඩු විරෝධී අදහස් දරන්නන් සමඟ වාද විවාද කිරීම සිදු කරනු ලැබුවා. කෙසේ වුවත් අද වන විට මෙම ක්‍රියාදාමය සිදුකරනු ලබන්නේ කුලියට ගත් කොමෙන්ට්කරුවන් නොව ස්ථිර වැටුප් ලබන චීන රජයේ නිලධාරීන් මඟින්මයි. 

පසුගිය දශකය තුළ හා අද දක්වාම ලංකාවේ සමාජ ජාල තුළත් මෙවැනිම ශත පනහේ හමුදාවක් ඇති බවට බරපතල සැකයක් අපට ඇති වීම ස්වභාවිකයි. නිදසුනක් ලෙස පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඇතැම් පුද්ගලයන් රෙජීමය විසින්ම සමාජ ජාලවල ක්‍රියාකාරිත්වය සඳහා යෙදවූ බව ප්‍රසිද්ධ රහසක්. ජනමතයට බලපෑම් කිරීමට මේ පුද්ගලයන් භාවිතා කළේ බුකියේ පිටු හා දේශපාලන සමූහ.  එවකට විපක්ෂය වෙනුවෙන් කුලියට ක්‍රියාකාරීවූ  අන්තර්ජාල ක්‍රියාකාරීන් පිරිසක්ද මෙලෙසම සිටියා. ආණ්ඩු විරෝධී මීම් ආදිය මූලිකවම ඔවුන්ගේ නිර්මාණ. ඒ ඇතැමෙක් තවමත් වත්මන් රජය වෙනුවෙන් පෙනී සිටින බව නිරීක්ෂණය කළ හැකියි. එයත් ගරිල්ලා මාකටින් වර්ගයේ මෙහෙයුමක් විය හැකියි. 

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතාගේ වාසියට හේතුවන ප්‍රධානම කාරණයක් වන්නේ වැටුප් සඳහා නොව දෘෂ්ඨියාත්මක හේතූන් නිසා ඒ මහතාට සහයෝගය දෙන වෘත්තීයවේදීන්  විශාල පිරිසක් සමාජ ජාල තුළ සිටීමයි. බොහෝ විට ජාතික චින්තනවාදීන් හෝ ජාතිකවාදීන් වන මොවුන්  බොහෝ අවස්ථාවලදී තර්කනය මඟින් වර්තමාන රජයට සහාය දෙන පිරිස් හට කට උත්තර නැතිකිරීමට සමත් වී තිබෙනවා. උදාහරණයකට අධ්‍යාපනයට 6%ක් වෙන් කිරීම, රටේ ආර්ථික තත්ත්වය ආදිය ගැන රජයේ මතවාදය ගෙනයන්නන්ගේ මතවාද කරුණු සහිතව සාර්ථක ලෙස බිඳ  හෙලීමට මේ ජාතිකවාදී වෘත්තීයවේදී ප්‍රජාව සමත් වී ඇත්තේ සයිබර්කු ලී හමුදාවට වඩා සාර්ථක ලෙසිනුයි. 

එම නිසාම රජයට සහයෝගය දෙන පිරිස (ටොයියන්) බිත්තියට හේත්තු කිරීමට බයියන් සමත් වී සිටින බව මගේ නිරීක්ෂණයයි. දැනට ටොයියන්ගේ ක්‍රියාකාරිත්වය විසිළු ස්වරූපයකට පත්ව ඇත්තේ රජයේ අසමත් බව ගැන ප්‍රධාන තර්කවල පිළිතුරු දීමට නොහැකිව වටේ යන වෙනත් වැදගත්කමක් නැති දෑ ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කිරීමට ඔවුන් පෙළඹී ඇති නිසා. 



7 comments:

  1. වෙන්න පුලුවන් ! 

    ReplyDelete
  2. මහින්ද මහතා වෙනුවෙන් කොමෙන්ට් ලියන අය බොහොමයක් කුණුහරුප බහුලව පාවිච්චි කරන්නේ එයාලගේ දෘෂ්ඨියාත්මක හේතූන් නිසා සහ වෘත්තීය ස්වභාවය නිසා වෙන්නැති නේද?

    ReplyDelete
    Replies
    1. එලෙස කුණුහරප භාවිතා කරන්නන් දෙපාර්ශ්වයේම සිටිනවා ‍නේද ??

      අනික් කාරණය තමයි බොහෝ විට කුණු හරප භාවිතා කළ රංග ජයවර්ධන වැනි පුද්ගලයන් අයත් වන්නේ කුලී හමුදාවට මිසක් අර දෘෂ්ඨියාත්මක වෘත්තීයවේදී කොටසට නොවේ

      Delete
  3. මහින්දගෙ සයිබර් බලකාය මෝඩ එකක්. රංග ජයවර්ධන ෆේක් ප්‍රොෆයිලය ගනිමු. මෙතනදි ෆේක් චරිත කීපයක් හිටිය. මාතර ආතර,සිහළ යකා වැනි චරිත. සහන් ෆර්නැන්ඩෙස් කියල කෙනෙක් බොරුවට බුද්ධාගමට බනිනව. එතකොට සෙට් එකම ගේමට එනව. මුස්ලිම් විරෝධයත් ඒ වගෙයි.මේ ප්‍රෝඩාව වැඩි දෙනෙකුට තේරුනා.
    දෙපාර්ශ්වයම කුලී සොල්දාදුවන් යොදාගත් බවට ඔබ හා එකඟයි.

    ReplyDelete
    Replies
    1. රංග ජයවර්ධන මුලදී ඒ කියන්නේ 2010 -2013 කාලේ ඉතාම ෆ්‍රොෆෂනල් විදිහට මේ දේ කලා 0 පසුව තමයි අවුල් වුනේ

      Delete
  4. ප්‍රශ්න මවා පාන්න වැඩකට නැති මත ගැටුම් ඇති කරන්න ගන්න වෙහෙස තියන අඩුලුහුඩුකම් මඟහැරගන්න තියන මත ගැටුම් සමථයකට පත් කර ගන්න භාවිතා කරනවා නම් ලොකේ කොහෙත් කොයි තරන් හොඳ ද..

    ReplyDelete
    Replies
    1. අප දකින ප්‍රාෙයා්ගික ලෝකයේදී අවාසනාවට එහෙම වෙන්නෙ නෑ

      Delete